Friday, March 2, 2012

අනං මනං....

පහුගිය ටිකේ පුදුම විදියට වැඩ වල හිරවෙලා හිටියේ. ඒ මදිවට ප්‍රොජෙක්ට් එකක් කරන්න පටන් අරන්, සති දෙකෙන් දෙකට ඒකේ ප්‍රෝග්‍රෙස් දෙන්න ඔනෙ.... ඉතින් ලෝක තියන බොරු ඔක්කොම දාලා එක ප්‍රෝග්‍රෙස් රිපෝට් එකක් යාංතං deadline එකට දීලා ඉවර කරලා අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න යකෝ අනිත් ප්‍රෝග්‍රෙස් රිපෝට් එක දෙන්න කාලෙ ඇවිල්ල..... වෙලාවකට හිතෙනවා කරගත්ත මෝඩකමක් කියලා....


මේ දවස්වල අපේ කාට කාටත් ප්‍රශ්ණ, එක එක ලෙඩ, මරණ, මඟුල්(ඒවට යනව කියන්නේ ඉතින් මරණෙකට හපන් නේ)..... හැබැයි මට හිතෙන විදියට මේ කොයි කාගෙනුත් ලොකුම ප්‍රශ්ණේ තියෙන්නේ චූටි මල්ලිට..... මම දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.... ඒ හැමෝම මගේ අදහසට එකඟයි.


කොහොම හරි කොල්ල මේ දවස් වල සෑහෙන අප්සට් එකේ ඉන්නේ.... රෑට පොර අමුතු හීන දකිනවලු (ඒ හීනේ කියන්න පුළුවන් උනාට ඒකේ තේරුම නම් කටක් ඇරලා කියන්න බෑ)..... ඊට පස්සේ මහ රෑ එකේ දෙකේ ඉඳන් උදේ වෙනකන් ඇහැරගෙන ඉඳලා, උදේට ඔෆිස් ඇවිත් නිදිමත නැතිවෙන්න කියලා Wild Elephant බොනවා....  ඇහුවහම කියන්නේ “අනේ මට රෑට ඇහැරුනහම ආයෙ නින්ද යන්නේ නෑ අයියේ.....“ කියලා. 


 =====>>




ඊයෙ පෙරේදා දවසක Boss බැනලත් තිබ්බා චූටි මල්ලිට “මීට වඩා වගකීමක් අරන් වැඩකරන්න“ කියලා.... මූ බැනුම් අහලා ඇවිත් අපිට කීවේ මොකක්ද දන්නවද?? “අයියේ මම වගකියන්න කැමතියි..... ඒත් කවුරුවත්ම මට කාටහරි වගකියන්න අවස්ථාවක් දෙන්නේ නෑනේ....“ කියලා


ඒ වගේම පොරට ලඟකදි ඉදන් හරියට අමතක වෙනවා. මේ දැන් කියන දේ ටිකකින් මතක නෑ.... ඊයෙ ගෙදර දොර වහන්නෙත් නැතිව ඔෆිස් ඇවිල්ලා තිබුනා. හවස ගෙදර ගියහම තමයි දන්නේ උදේ දොර වැහුවේ නෑ කියලා.... වෙලාවට හොරුනම් ඇවිල්ලා නෑ. 


අනිත් කාරනේ තමයි මේ දවස්වල පොරගේ බීමේ කිසිම පිළිවෙලක් නෑ... එක දවසක කුජීතම වෙන්න ගහන බුවා, තවත් දවසක් අපි බොනකන් නොබී බලාන ඉන්නවා. ඊලඟ දවසේ ටිකක් ලාවට බොනවා.....


දවසක් අපිත් එක්ක බීච් ගිය මූ කන පාත්වෙන්න බීලා කබරයා දානවා. අපිත් අමාරුවෙන් රෑ 9ට විතර මූව වාහනේ දාගෙන එනවා. වාහනේ ටිකක් යනවා, ආයෙ මූට කබරයා දාන්න අයින් කරලා නවත්තනවා..... මෙහෙම වැඩේ යද්දි හොඳටම මල පැනපු අපේ රංග මල්ලි කියනවා “අනේ අයියේ.... මූ මෙහෙම අපිව කුජීත කරන්නේ නැතිව කෙලින්ම කියනව නම් මට මේක ඕනෙ කියලා.... මම 50ක් මරලා හරි ගෙනත් දෙනවා බං.... ඊට පස්සේ එල්ලුම්ගස් යනඑක මීට සැපයි“ කියලා 


මම හිතාගෙන හිටියේ චූටි මල්ලි පිස්සු කෙලින්නේ Exam ලඟ හින්දා කියලා.... ඒත් ඌම ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරා එහෙම නෑ කියලා. අපේ පියා ඇතුලු ගොඩක් දෙනා නම් කියන්නේ මල්ලිට ගෑනු ළමයෙක් ගැන හිතක් පහලවෙලා කියලා.


හැබැයි වැඩේ කියන්නේ මේ ගෑනු ළමයව අපේ පොඩි මල්ලිත් දන්නවා.... දැන් මුන් දෙන්නා කෙල්ල බෙදාගන්න බැරුව මරාගනීද දන්නෙ නෑ කියලා කීවහම පොඩි මල්ලි කියන්නේ “එහෙම නෑ.... අපි එකගෙයි කන්නයි හිතාගෙන ඉන්නේ....“ කියලා.



මේ ගැන අපේ පියා නම් කියන්නේ.... එකගෙයි කනකොට, චූටි මල්ලි දවසට තුන් වේලක් කෑවොත් පොඩි මල්ලි අඩුම ගානේ දවසට වේල් හතඅටක්වත් කාල තමයි පස්ස බලන්නේ.... කියලා


ප.ලි. 

එකගෙයි කෑම දන්නේ නැති එකෙක් ඉන්නවම් පොඩ්ඩක් කියපල්ලා.... මම පැහැදිලි කිරීමක් දාන්නම්.

4 comments:

  1. හික් හික් එකගෙයි කෑමත් නරක නෑ...දෙන්නට කාලසටහනක් අරං වෙලාව දාලා ඉන්ටවල් දාලා පුරෝලා කාමරේ අලවන්න තියෙන්නේ.....

    ReplyDelete
  2. ඒකෙගයි කන්න කාලසටහන් අහවල් ඒකකටද...???

    ReplyDelete
    Replies
    1. ඇයි දෙන්නම එකපාර කන්න ගියොත්... එහෙමත් නැතිනම් එකෙක් ඔෆීෂියලි කනකොට අනිකා හොරාට කන්න ආවොත්...?????

      Delete
  3. අයියෝ නියම මල්ලි කෙනෙක්නෙ ඔයාටත් ඉන්නේ

    ReplyDelete