2.28.2012

ආමි කාරයා ත‍්‍රීවීල් කාරයා වීම ( ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා 2 )


 කලිං කැල්ලත් බලලාම එන්න නැත්තං තේරෙන්නෙ නැතිවෙයි..


"මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්."
"මං ඔක්කොම ටික බිමදාලා අනිත් පැත්ත හැරිලා දුන්නා කොහොමද දන්නවද.... 
හැබැයි මට බය හිතුණා.... මොකක් උණත් ඌ සීනියර් ඔෆිසර්නේ..... 
මම කෙළින්ම දුවලා ගිහින් නැවතුනේ මේජර් කරුණාරත්න ගාව...
 ඌ එළ අපිට කතා කරේ පුතා කියලා.. ඌට මම සීන් එක කිවුවා... 

මගේ අත පැළිලා තිබ්බෙ එතෙන්දි දැක්කෙ.. මූ මාව බෙහෙත් දාන්න සී එම් සී ගාවට යවලා මූ අරූට කේස් එක ඇද්දා.. !!
දැන් මචං මම පොර.. හෙන ලොකු වැඩක් කරා වගේ.. ඒ උණාට කරුමෙ කියන්නෙ.. කරුණාරත්නට ප‍්‍රමෝෂන් එකක් හම්බුණා, 
පොර ගියා දැං අපිට කවුරුවත් නෑ... 

චපී අයියගේ හිතේ තිබ්බ ආවේගයෙන් කියාගෙන ආපු කතාව තරම්ම දිග ෂොට් එකක් උගුරෙන් පහළට හලා ගෙන මූණ අකුල ගෙන 
"ෂැන්ඩි දාන්න බැරි උණානේ.." කියා හිණා උණත් උගේ ඇස්වල කඳුළු ආවේ ගල් සැරටනං නොවන බව සහතිකය.. 
"ඊට පස්සෙ බං මට කෙළඋණා හොඳම එකෙන්.. ඌ පලි ගත්තා කියන්නෙ මට සිරාවටම මැරෙන්ඩ හිතුණා.. මං කවදා හරි මැරෙන්නෙ  මූවත් මරලාම තමයි කියලා එතකොට මං හිත හදා ගන්නෙ.. .. 
සාමාන්නෙං බං ඔය පොඩි පොඩි වැඩවලට දාන්නේ පොඩි උංනෙ.. මූ වතුර ගේන්ඩයි තේ ගේන්ඩයි තණකොළ කපන්නයි හැම හු***ම මටම කතා කරනවා.. නිකං ඉන්නම නෑ... පී.ටී ඉවර වෙච්චි ගමන් මොකක් හරි වැඩක් මං පැය විසි හතරෙ කොයි වෙලාවෙත් පී ටී නැත්තං ඩියුටි එහෙමත් නැත්තං කඩේ යනවා..

 සාමාන්‍යයෙන් ඩියුටි ඉවරවෙලා වෙපන් එක බාර දෙන්නෙ සුද්දකරලා මැදලා තෙල් දාලා නැත්තං කන්න වෙනවා.. දවසක් මං කෑම්ප් එකට එනකොටම අල්ලගත්තා. නවරත්න කැප්ටන් සමරෙ කොල්ලෙක් මදිව හොයනවා 3ට කලින් එතෙන්ට යනවා. යස් සර් තමයි ඉත් වෙන මොනවා කියන්නද.. 
3ට විනාඩි 5යි පාන්දර නිදි මතේ බං මං ගියා වෙපන් එක සුද්ද කරන්න වෙලාවක් නෑ ඒක දුන්නා  ඒක අරූ බාරගන්ඩ බෑ කිවුවා.. ඉතිං හෙන ගේමක් දීලා ඔන්න ඒකත් මැදලා දිලා යනකොට කැප්ටන් කාරයා වෙන එකෙක්ව වැඩේට සෙට්කරගෙන මං ආපහු ආවා...  අර ප*** සීන් එක බලං ඉඳලා නිදා ගද්දිම අරූ ආවා 

තෝ මොකෝ ගියෙ නැත්තේ... 
සර් වෙපන් එක.. 
වෙපන් එක.. !! පළ ගිහින් ඔක්කොම වෙපන් ටික ආයෙ මැදපිය..!!
ආයෙත් 'යස් සර්' කියලා ගියා... 
මං ඒවෙනකොට දවස් තුනක් නිදියලා හිටියෙ නෑ.. මට වෙපන් එක මැද මැදම නින්ද යනවා...

මට ඒ වෙලාවෙ හිතුණා බට්ටෙක්  ගලවලා දාන්ඩ හැත්ත බුරුත්ත ඔක්කොම හැඳිගෑවිලා යන්ඩ.. ඒ ප්ලැටූන් එකේ බොක්ක දෙන්ඩ හිටපු කොල්ලො හින්දා බොහොම අමාරුවෙන් අදහස අත ඇරියෙ.. 
 ආයෙ ඉතිං ග්‍රෙනේඩ් පෙට්ටියකට දැම්මනං ඉතිං පළාතම ඉවරයි.. මං එකක් සාක්කුවෙත් දාගත්තා... 
හරි කමක් නෑ... තව දවස් 5නෙ..  හිටපංකො නිවාඩු දෙනකං කියලා කාගෙන හිටියා...
පහුවදා රූ අපි සෙට් එක ඩියුටි දැම්මෙ ලයිට්හවුස් එකේ.. මට දැං ඉන්ඩම බෑ.. කොමාන්ඩෝ කෝස් එක කරා වගේ.. ඇවිදගන්නත් පණනෑ.. 
මුං ඔක්කොම මට වෙන සීන් එක දැනගෙන හිටියෙ... එකෙක්ටවත් කරගන්ඩ දෙයක් නෑ බයයි.. 

පස්සෙ සාජන් මට කතා කරා.. නවරත්න තමුසෙ නගිනවා උඩට.. !! 
මාව උඩට නග්ගන්න හදන්නෙ.. එතකොට මට නිදාගන්න පුළුවන් හින්දා මුං මගේ අතේ ගෙජ්ජියක් බැඳලා නූලක් ගැට ගහලා උඩ නිදාගනින් කියලා යැවුවා... කවුරු හරි එනවනං නූලෙන් ඇදලා ඇහැරවනවා මමත් පාඩුවේ ඉන්නවා.. 
අන්තිම වතාවෙ ගියපු නින්ද ගියාම තමයි ඇහැරුණේ නෑ වැඩේ මාට්ටු.. එදා නං පුක පැලෙන්න ගුටිකෑවා සෙට් එකම.. 
හෙළුවෙං පෝට්රෝල් ගැස්සුවේ බොරළුගොඩේ.. 
කරවල් හමගිහින් ලේ බේරෙනවා.. 
එදා නිදාගන්නෙත් නැතිව ඉඳලා පහුවෙනිදා නිවාඩු හම්බුණා... එදා ආවට පස්සෙ තමයි මේ... 
මට මල්ලි වෙන රස්සාවකට යන්නත් නෑ... මාව ගත්තෙ නෑ..
කුලී වැඩ කරන්ඩත් බෑනෙ හැමදාම... අන්තිමට ත‍්‍රිවිල් එකක් ගත්තෙට ඒකටත් ගෑණු එහෙම නගින්නෙ නෑ.. මං ආමි එකෙන් පැන්න එකෙක් හින්දා.. 

එතනින් එහාට මං මොකුත් ඇහුවෙත් නෑ.. ඌ මොකුත් කිවෙත් නෑ... බීලා ඉවර වෙනවෙනකල්ම..
 

ප.ලි නම් ගම් හා සිද්ධි සියල්ල සත්‍යයි..

19 අදහස්..:

  • Anonymous says:
    February 28, 2012 at 11:59 AM

    ලොවෙත් නැතිතරම් පුක් කාරයොනේ.නිකම් පච කෙලින්න එපා.පැනපු උන් වැඩිදෙනා කියන්නේ බොරු.සමහරු වෙඩි සද්දෙටත් බයයි.එත් ඉතින් ගමේ ඇවිත් ලොරි ටෝක් දෙනවා.තවත් උන් පට්ට කම්මැලියෝ උන් ගෙදර උන්න කාලේ වගේ හොඳට කාල පිබුරෝ වගේ නිදාගන්න බලනවා.හමුදා ජීවිතය අලසයන්ට ගැලපෙන්නේ නැහැ.සමලිංගික සබඳකම් නැතුවා නොවේ.එත් බොහෝ දෙනා හිතන තරමට නැහැ.බොහෝ දෙනා පැනල එන්නේ උන්ට හමුදා ජීවිතයට අනුගත වෙන්න බැරි නිසා.

  • නරකයා....!! says:
    February 28, 2012 at 12:23 PM

    හයියෝ සල්ලි... ඔයාට ආමි එක කොච්චර සමීපද.. හැබැයි ඔනෙතරම් උදාහරණ මංගාව තියෙනවා... මේක එක සිදිධියක් විතරයි... ඔයා හිතනවට වඩා සුලු සිද්ධි මින්ස්සුංගෙ ජීවිත මොහොතින් වෙනස් කරනවා... මෙ කතාව මං අහපු කතාවක් ආමි එකෙන් පැන්න එක්කනෙක්ගෙන්.... ඌට පච කියන්නනං උවමනාවක් නෑ.. මේක දන්නෙ අපි 3 දෙනෙක් විතරයි..
    (ලොකයාගේ කොමෙන්ටුවක් වැටෙයි සමහර විට... )

  • Observer says:
    February 28, 2012 at 1:21 PM

    පව් කියල හිතුන

  • ආයුබෝවන්ඩ says:
    February 28, 2012 at 1:33 PM

    හොඳයි

  • පිස්සා පලාමල්ල says:
    February 28, 2012 at 4:14 PM

    සුළු සිදුවීමකින් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්... මේ තවත් එක උදාහරනයක්

  • වර්ණා says:
    February 28, 2012 at 5:01 PM

    මුකුත් හිතාගන්න බෑ කියන්න

  • Dinesh says:
    February 29, 2012 at 2:16 AM

    කලින් කොටස අන්තිමේ හිතුවේ නෑනේ මෙහෙම දෙයක්..

  • sAm (සෑම්) says:
    February 29, 2012 at 3:00 AM

    පව් වැඩේ බොල !

  • duliponline says:
    February 29, 2012 at 3:24 AM

    ඇනෝ February 28, 2012 11:59 AM,
    ඔයා කියන විදියෙ අයත් ඉන්නව නෑ කියන්නෙ නෑ . . ඒත් මේ කතාවෙ කියන විදියෙ අත්දැකීම් වලට මූනදීල හමුදාවෙන් පැනපු අයත් ඉන්නව. ඒක පිලිගන්න. . . හමුදා ජීවිතයට අනුගතවෙනව කියන්නෙ ලොක්කංගෙ පුක් කාරයො වෙනව කියනඑක නෙමේ.

  • නරකයා....!! says:
    February 29, 2012 at 11:30 AM

    බලපු හැමොටම ස්තූතියි... පිස්සා කියන කතාව ඇත්ත.... බ්ලොග් ලියන අයම කීයක් ඉන්නවද ඒ වගේ... ඔ්නයා සුපිරි කතාවක් කියලා තියෙන්නෙ.. ඇත්තටම බයට පැනපු උනුත් ඉන්නවා..

  • Anonymous says:
    February 29, 2012 at 12:02 PM

    ඕනයා@ හමුදාව පොලිසිය කියන්නෙත් මේ සමාජයේම පැතිකඩක්.සිවිල් සමාජයේ සිටින තරමටම පුක් කාරයෝ හමුදාව පොලිසිය තුලත් ඉන්න පුළුවන්.හමුදා ජීවිතයට අනුගතවීම යනුවෙන් මා කිවේ වෙනත් අදහසකි එනම් වෙනත් සිවිල් රැකියාවකට වඩා හමුදා සහ පොලිස් සේවාවේ වෙනස්කම් ඇති බවත්,මෙවන් රැකියාවක් තෝරාගන්න කෙනෙකු ඒ සම්බන්දව අවබෝදයෙන් යුතුව සිටිය යුතු බව යන්නය.ආරක්ෂක අංශ සාමාජිකයෙක් වශයෙන් මා හට ඇති අත්දැකීම් අනුව නම් ඔය කියන තරම් ලිංගික පීඩනයක් එහි නැත.හමුදා හෝ පොලිස් සේවය යනු වෙනත් සිවිල් රැකියාවකට වඩා කායික හා මානසික පීඩනයක් ගෙනදෙන එකකි.ඉහල සිට පහල නිලයන් දක්වාම වෙනසක් නැත.ලිංගික පීඩනයට වඩා වැඩි පීඩාවන් මෙම රැකියාවන් තුල පවතියි.ප්‍රශ්න කිරීමකින් තොරව අණ පිළිපැදීමට සිදුවීම, විවේකය අඩුකම,නිශ්චිත රටාවකට අනුව ජීවිතය ගත කිරීමට සිදුවීම වැනි කරුණු නිසා කෙනෙකුට රැකියාව එපා විය හැකිය.

  • නරකයා....!! says:
    February 29, 2012 at 12:32 PM

    @Anonymous : //ඔය කියන තරම් ලිංගික පීඩනයක් එහි නැත//
    ඔය කියන තරම් ලිංගික පීඩනයක් මා මෙහිදී ඉස්මතු කිරීමට උත්සහයක් ගෙන නැත... එක් නිළධාරියෙකු එක් සොල්දාදුවෙකුට එක් අවස්තාවකදී කල ලිංගික කරදයක් ගැන පමණක් ලියා ඇත... නමුත් ඔහුට අවනත් නොවී එරෙහිව සිටි නිසා වින්ද ගැහැට නිසාවෙන් ඔහු ජීවිතය කලකිරුණු බව කීමට උත්සහ කළෙමි..

    (අනිත් එක පොලිසිය ගැනනම් මම දන්නේ නැත.. දැකලනම් ඇත.. ඒත් දන්නෙ නැත...)

  • අසරණයා says:
    February 29, 2012 at 5:55 PM

    ඔයවගේ උන් ඉන්නවා.අසහන කාරෝයෝ.මට අරු ගැන දුක හිතුනා මචං.

  • Anonymous says:
    February 29, 2012 at 9:15 PM

    කියන්න දේවල් සහ උදා හරණ තියනවා.... මමත් ඔය ඔයයන හමුදාවේ තමා ඉන්නේ... අයින් වෙන්නේ කොයි වෙලේද කියලා... හැබැයි මානසික පීඩනයට නෙමේ මේකට එනකොට තිබුන දර්ශනය සම්පුර්ණයෙන්ම වෙනස් උන නිසා .....
    මම මේක දකින්නේ වෙනස්ම විදියකට..

  • නරකයා....!! says:
    March 1, 2012 at 9:43 AM

    ලෝකයාටයි මටයි ඇතුලට යන්න පට්ට උණක් තිබ්බා ඒ දවස් වල.. ලෝකයාගේ උණ නං හොඳකරගත්තා.. ඌගේ අදහසත් මේ වගේ එකක්..

  • ලහිරු says:
    March 6, 2012 at 7:42 PM

    ඕක ඇත්ත වෙන්න අති, මමත් ඔයවගේ කතා අහලා තියෙනවා සෑහෙන්න... ඔයවගේ උන් ට දෙන්නෝන දඬුවම මොකක්ද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ මම හිතන්නේ!

  • Tharindu Chathuranga says:
    March 13, 2012 at 5:28 PM

    ඇඩෙනවා........... සිරාවට මේ වගේ සීන් කොච්චර වෙලා ඇද්ද?

  • කතන්දර Kathandara says:
    March 19, 2012 at 7:18 PM

    බලවතා ජය ගනී!

  • Anonymous says:
    August 6, 2012 at 11:31 PM

    aiyo,magen illuwanam, aa gahapan kiyala puka denawa. Athal wadene

Post a Comment

Followers