රෑ දොළහට දැකපු හොල්මනේ ඉතුරැ ටික දාන්නත් තියෙනව. ඒත් දේශප්‍රේමය දෝරෙ ගලන වෙලාවෙ අපේ පොඩි මාමගෙ දේශද්‍රෝහී කථාවක් ගැන මතක් උන නිසා මේක ඉස්සල්ල දාන්න හිතුන.
ඔය මත්වෙන්න බොන පාන වර්ගවල පැනි රස,
තිත්ත රස, ඇඹුල් රස, ලුනු රස වගේ
එක එක රස තියෙනව ෙන. අපේ පොඩි මාම හැම
දාම හවසට බොන්නෙ මේ පැනි රස අරක්කු.
ඉතිං මාම බිව්වහම නිකන් ඉන්නවටත් වඩා හොඳයි. වලි, බලි
මුකුත් නෑ. අයිස් ක්‍රීම්,ටොපි, චොක්ලට්, ඇපල්,මිදි, අරව මේව ඉල්ලන පරක්කුවෙන්
ලැබෙනව. පොඩි උන් එක්ක සෙල්ලන් කරනව. ඉඳල
හිටල නැන්ද පොඩි සද්දයක් දැම්මත් “ අනේ ඉතිං
පොඩ්ඩක් බිව්වට අපෙන් කාටවත් කරදරයක් නෑනෙ සුදූ” කියල නැන්දගෙ
නිකට මිරිකන කොට නැන්ද ගස්සල ඔරවන ඔරවිල්ලට මාමයි අපියි ඔක්කොම හූ කිය කියා හිනාඋන
හැටි අදටත් හොඳට මතකයි.
මේ සේරටම වැඩිය මාමගෙ අගේ වැඩි
උනේ ටිකක් අපි කර දඬු උස්මහත් වෙනකොට. අපට සමහර උවමනාවන් ඇති වෙනවනේ ගෙදරට කියල
සල්ලි ඉල්ලන්න බැරි. ඔය ට්‍රිප් යන්න, සෙට් වෙන්න ... ඔය තව තව ඒව. ඉතිං අපි
කරන්නෙ මාම හොඳට දාල ඉන්න වෙලාවට කිට්ටු වෙලා බටර් පාරක් ගාල කීයක් හරි කඩා ගන්න
එක. හොඳම දේ පස්සෙන්දට මාමට මේ කිසි දෙයක් මතක නැති එක.
හොඳයි දැන් කථාවට බහිමුකෝ.
87/88 කාලෙ ජේ.ආර්. සීය රජීව් මහප්පත්
එක්ක ගිවිසුමක් ගහල ඉන්දියන් වඳුරැ හමුදාවක් ලංකාවට ගොඩ බස්සන්න ලෑස්ති වෙන කොට
මෙහේ හිටපු දේශප්‍රෙමීන් හොඳටම රත් වෙන්න උනා. ලංකාව ඉන්දිාවෙ ප්රන්තයක් කරගන්න යනව
කියල. අපි එත ෙකාට දැරිවියො ඉල්ලන්න ලැජ්ජයි, ලැජ්ජයි , බයයි වගේ කාලෙ. ඉතිං
දැරිවියො ඉල්ලන් ඇවිත් ඉන්න රටක් ඕන නිසා අපිත් දේශප්‍රෙමීන් වෙලා හිටියෙ.
ඔන්න එක දවසක් අපි ඉස්කෝලෙ යාලුවො නඩේ
කාමරේ හෙන සාකච්ඡාවක්. මාතෘකාව ‘රට,ජාතිය,ආගම’. අපේ පොඩි මාමත් අර පැනි රස අරක්කු ටිකක් කාරිය බීල ගේ ලඟින් යන වෙලාවෙ අපේ කථාව
ඇහිලද කොහේදෝ කාමරේට ඔලුව දැම්ම.
“ කට්ටිය මොකක් ගැනද මේ කථාව”
දේශප්රෙමෙන් ඔදවැඩුනු අපේ ගොයියොත්
දැන් ඉන්දියාව හක්කෙ තියල සෙම අරින්න කථාව. ජේ. ආර්. , රජීව් එහෙම ලඟ හිටියනම් සියලු
දෙවි දේවතාවුන්ගෙ පිහිට තමා. මාමත් හූ මිටි තිය තියා කථාව අහගෙන ඉන්නව. ( 60000
මැරැනෙ ඊට අවුරැදු දෙකකට විතර පස්සෙ නිසා මේ කාලෙ අපට මරණ බය මොකක්ද කියල තේරැනේ
නෑ)
“හොඳයි දැන් ඉන්දියාව ලංකාව යටත් කර
ගත්තොත් අපට මොනව වෙයිද?” මාම ඇහුවෙ බබා
තාලෙන්.
“ මොකක් වෙන්නද ඉතිං . ඉන්දියාව කියන
දේ අහගෙන ඉන්න වෙයි” අපේ ගෝඨය පඬිය
වගේ කිව්ව.
“අපි දැන් අහගෙන ඉන්නෙ කවුරැ කියන කථාද”
“ජේ. ආර් කියන කථානෙ”
“ඉතිං ජේ. ආර්.රැත් දේශද්‍රෝහිය නම්
රජීව්ත් දේශද්රෝහියොනම් ඉන්දියාවට යටත්
උනත් නැතත් අපට දේශද්‍රෝහීන් කියන විදියට නේද ඉන්න වෙන්නෙ” මාම කිව්වෙ නක්කලේට හිනාවකකුත් දාගෙන. අපි දැන් මොනව
කියන්නද කියල හිතාගන්න බැරැව මාම දිහා බලාගෙන ඉන්නව.
“සිංහලය ලංකාවට ආවෙත් ඉන්දියාවෙන් නම්
බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් නම් මේක ඉන්දියන් කාරයො අල්ලගෙන හුඟක් කල් නෙවැ”
“හැබැයි ඉන්දියාෙව බඩු මිලනම් මීට වඩා හුඟක් අඩුයි” මාම අර හිනාවම දාගෙන යන්න නැගිට්ට.
හැබැයි මට අදටත් හිතාගන්න බෑ මාම මේ
කථා කරේ සීරියස්ද, ජෝක් එකටද කියල.
ප/ලි
මේ දේශදෝහී අදහස් මාමගෙ මිසක් මගේ හෙම
නෙමේ ඕං. මම එදත් අදත් දේශප්රේමීයෙක්මි.
ප/ලි
හිච්චි මාමගෙ තව කථා සීරීස් එකක්ම තියෙනව.
*මාම කතරගම දෙවියො එක්ක දා ගත්ත වලිය
*ආන්ඩුවෙන් පිස්සු ලයිසන් එක ගත්තු
හැටි
ඉඩ තියෙන හැටියට ලියන්නම්
6 comments:
හරි ඕකේ
රජිව් ගාන්ධි කියන්නේ කොහොමටත් පොල් බුරුවෙක් නේ , ජේ.ආර් බටහිර එක්ක තිබුන හිතවත් කමත් එක්ක මලට ජේ.ආර් ට කෙලවන්න පෝෂනය කරපු කොටින්ගෙන් ඉල්ලං කැවේ උන්දැමයි , ජේ ආර් ලොක්කා පරම ආයු විඳල තමයි වලගංපිටි ගියේ , බඩුමිල නම් දන්නේ නැ , අපේ බාලතෙල් ජයන්ත අන්කල් නම් කියන්නේ අපිට වඩා පෙට්‍රොල් එහෙම මිල වැඩියි කියල
මාමගේ කතාව සහතික ඇත්ත.. ඉන්දියාවේ ගියපු ඕන එකෙක් ඒ කතාව දන්නවා. ප්‍රේමජයන්ත කියන්නේ 94 ඉඳන් ඉන්න අකාර්යක්ශම ඇමති. කිසිම දෙයක් බෑ.. අධ්‍යාපනය කෑවා. තෙල් සංස්ථාව නැතිකරලා තමයි නවතින්නේ..
ඇත්තට ප්රේමජයන්තයව නම් මොන රෙද්දට තියන් ඉන්නවද මන්ද?...
මාම නම් එල පොරක්... ජෝක් එකට කිව්වෙ කියල හිතාගනින් අයියෙ :)
මාමගේ කතාව ඇත්ත.. බලං ගියාම
සමහර දේවල් තියනවා කියන්නේ ඇත්තටද විහිලුවටද, කතා කරන්නේ අපේ මේ පැත්තටද ඒ පැත්තටද කියලා හොයන්න බැරි! මාමාගේ ටෝක් එකත් ඒ වගේ එකක් තමයි මං හිතන්නේ! හැබැයි එකක්! බීපු මිනිස්සු බොරු කියන්නේ නෑ :D
Post a Comment