2012-02-26

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 10




19 .කැළෑ කාඩ් 
 
හි.. ඔයාල බලයි මේ මොන මගුලක්ද කියල කැළෑ කාඩ් (Wild Card) කියන්නෙ.අපි බලමු ඒ ගැන දැන්. ඔයාලට කම්පියුටර් එකේ තියෙන එකම ජාතියෙ files ඔක්කොම බලාගන්න ඔන උනහම කරන දේ දන්නවනෙ search bar එකේ *.අදාල file වර්ගයෙ extension එක ගහල search කරනවනෙ. අපි හිතමු ඔයාලට ඕන කියල තියෙන ඔක්කොම Mp3 files ටික බලා ගන්න කියල එතකොට කරන්න ඔන *.mp3 කියල search කරන එක.ඔයාල හිතුවද ඇයි මේ * දාන්නෙ කියල එහෙම දාන්නෙ අපි හරියටම එතනට දාන්න ඕන එක දන්නෙ නැති නිසා. තවත් එකක් ගත්තොත් අපේ කම්පුටර් එකේ තියෙන මුල අකුරු තුන abc කියල තියෙන Text file ඔක්කොම බලාගන්න ඕන එතකොට Search කරන්න ඕන මෙහෙම abc*.txt මෙන්න මේවගේ ඒවට යොදාගන්න සලකුණු අපි හදුන්වනව wild card කියල. මූලිකවම අපි wild card වර්ග තුනක් ගැන කතා කරනව.
  1. * -මේකෙන් පුලුවන් string එකක හරි characters set එකක හරි තියෙන දේවල් ගලපල බලන්න.
    භාවිතා කරන ආකාර.
    01. ls * -ඉන්න ඩිරෙක්ටරි එකේ තියෙන ඔක්කොම දේවල් පෙන්නනව.
    02 .ls m*-ඉන්න ඩෙරෙක්ටරි එකේ තියෙන m අකුරෙන් පටන් ගන්න ඔක්කෙම file පෙන්නනව.(m අකුර වෙනුවට කැමති එකක් දාගන්න පුලුවන්)
    03.ls *.c  -extension එක c තියෙන හැම file එකක්ම පෙන්නනව.
    04.ls ab*.c -extension එක c තියෙන file name එක ab වලින් පටන් ගන්න හැම file එකක්ම පෙන්නනව.
      1. ?- මේකෙන් පුලුවන් ඔනම තනි අකුරක් ගලපල බලන්න.
භාවිතා කරන ආකාර.

01.ls ? - file name එක තනි අකුරක් විතරක් තියෙන files බලාගන්න පුලුවන්.
02.ls fo?- fo කියල නම පටන් ගන්න දිග අකුරු තුනක් වන සියලුම files බලාගන්න පුලුවන්.

      1. […] - වරහන් දෙක ඇතුලෙ තියෙන ඔනෑම character එකක් ගලපල බලන්න පුලුවන්.
භාවිතා කරන ආකාර.

          1. ls [mad]* - m , a , d කියන අකුරු වලින් පටන් ගන්න සියලුම files බලාගන්න පුලුවන්. ls [a-f]* කියල දුන්නොත් a සිට f දක්වා නම් වලින් පටන් ගන්න files බලා ගන්න පුලුවන්.

[!a-f] කියල හරි [^a-f] කියල හරි දුන්නෙත් a සිට f දක්වා නම් වලින් පටන් ගන්න files ඇර අනිත් ඒව ඔක්කොම බලා ගන්න පුලුවන්.

20.එකම කමාන්ඩ් ලයින් එකේ කමාන්ඩ් කිහිපයක් රන් කිරීම.

කමාන්ඩ්1;කමාන්ඩ්2
මෙහෙම රන් කරහම ඒ කමාන්ඩ් දෙකම එක පාර රන් වෙනව.
මේක බලන්නකො.
date;who
දෙකම කමාන්ඩ්. මේක රන් කරහම කමාන්ඩ් දෙකේම ප්‍රතිඑල පෙන්නනව.


21.Command line Processing 

ටර්මිනල් එක open කරල මෙන්න මෙහෙම ටයිප් කරන්න.
ls mad_terminal
එතකොට මෙන්න මේවගේ error පණිවිඩයක් පෙන්නාවි
ls: cannot access mad_terminal: No such file or directory
මේකියන්නෙ mad_terminal කියල file එකක් හරි directory එකක් වත් නැතිලු ඒක ඇතුලෙ තියෙන ඒව පෙන්නන්න. (ls මගින් පුලුවන්නෙ directory එකක තියෙන content එක බලාගන්න)
මෙතනදි ls කියන්නෙ execute වෙන කමාන්ඩ් එක ඒකට ඉස්සරහින් තියෙන ඒවට අපි කියනව arguments කියල කලින් කරපු එකේ තියෙන argument එක තමයි mad_terminal කියන එක.පහල තියෙන උදාහරණ වලින් මේගැන පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි.

          1. ls mad - කලින් කරපු එක වගේමයි. කමාන්ඩ් එක ls ආගියුමන්ට් එක mad ආගියුමන්ට් ගනන එකයි.
          2. clear - කමාන්ඩ් එක clear ආගියුමන්ට් නැත.
          3. date - කමාන්ඩ් එක clear ආගියුමන්ට් නැත.
          4. tail -22 mad - කමාන්ඩ් එක tailආගියුමන්ට් -22 හා mad ආගියුමන්ට් ගනන දෙකයි.
          5. cp he he.in-කමාන්ඩ් එක cpආගියුමන්ට් he හා he.in ආගියුමන්ට් ගනන දෙකයි.

අපි බලමු ඊළඟට ඇයි මේ arguments කියන ඒව භාවිතා කරන්නෙ කියල.

Share:

4 comments:

ගැමියාගේ පත් ඉරුව said...

නියමයි මමත් කාලයක් තිස්සේ ලිනක්ස් පාවිච්චි කරනවා හරියටම කිව්වොත් අවුරුදු 5ක් විතර තිස්සේ... ඉස්සර මෙලෝ දෙයක් කරගන්න බැරිවුනත් නිකන් බූට් වෙන්න හරි දාගෙන හිටියේ දැන් දැන් නම් ආසාවෙන් වැඩ කරනවා මම දැන් ice cream shell එක දාගෙන ඉන්නේ... මම ලිනක්ස් බ්ලොග් එකකුත් ලියන්න ගත්තා සමනලයගේ ලිනක්ස් පිටුව කියලා.... මම කොහෙන්වත් ඉගෙන ගෙන නෑ අමාරුවෙන් e-books ටිකක් හොයන් තමා පුරුදු වුනේ ඔයාගේ මේ සයිට් එක නම් රටක් වටිනවා මට ඉගෙන ගන්න බොහෝම ස්තූතියි අයියේ....

මම කස්ටම් ඩිස්ට්‍රෝ එකකුත් හදලා ඉස්කෝලෙට දුන්නා...සෑහෙන්න කට්ටක් කෑවේ ඒකට හැබැයි gnome shell එක දාලා කස්ටම් ලයිව් සීඩී එක හදලා ඉන්ස්ටෝල් කරද්දි grub2 තෝරන්න කියලා එනවා පස්සේ රීස්ටාර්ට් කලාම command line එකක බූට් commands දෙන්න කියනවා...යුනිටි එක්ක නම් කිසිම ප්‍රශ්නයක් නෑ ලයිව් සීඩී එක එලකිරි වගේ වැඩ...මේ ඇයි කියලා කියන්න පුළුවන්ද

The Stunny said...

Thanks මොකද්ද? කස්ටම් ඩිස්ට්‍රෝ එක හදන්න මොකද්ද කරපු program එක

Hit Man said...

මමනම් දන්නේ නෑ බන මේවා මුල ඉදල බලන්න ඔනී

ගැමියාගේ පත් ඉරුව said...

mama gamiya(ගැමියාගේ පත් ඉරුව) custom eka haduwe remastersys walin.....ice cream shell eka daala distro eka haduwama tamai grub error eka enne...normal unity eken haduwama awulak na.....dan mama xubuntu dagena inne meka speed xfc nisa....