2.25.2012

ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා

පොඩිකාලේ සිටම දෙමවුපියන් අපගැන තැබූ විශ්වාසයට පිං සිදුවන්නට ගමෙහි හැම අස්සක් මුල්ලක සිටින විවිධ තරාතිරම්වල මිනිසුන් සමග ආශ‍්‍රය කිරීමට හැකියාව ලැබුණි. අවශ්‍යයෙන්ම හොඳට හො නරකට ස්වයං සමාජ අධ්‍යනයකට අපව යොමු කරවීම, දැන් සිටින තත්වයට හේතු වූ සිදධාන්ථයකි.. 
මාගේ හා සහොදරයාගේ යහළුවන් සමග "ගැන්සි ගැහිමෙන්" පොල්ගස් නැගිමේ සිට පිහිනීම හා සාමාන්‍ය පෙල ගණිතයට ඒ සාමාර්ථ දැක්වීම දැක්වීම දක්වා හපන්කම් පෙන්වීමට හැකි විය. 

මේ සිද්ධියද ගැන්සියෙ එක් රස්තියාදුකාරයෙකුගේ කතාව සැකෙවින් කිවු හැටිය. 
රස්තියාදුකාරයෙකු හෙවත් ත‍්‍රි වීලර් ඩයිවරයෙකු පමණක් නොව ආමි කාරයෙකුද විය එයත් හමුදාවෙන් පැනපු එකෙකි. සමාජ අවශ්‍යතාව අනුව සෙල්දාදුවා ජාතික විරයෙක් මෙන්ම විටෙක හමුදාකාරයෙකු වන සේම ඩයිවරයෙකු රස්තියාදු ගසන්නෙකුව හංවඩු ගසා ඇත. 

හමුදාවෙන් පැන ගිය එකෙකු දුටුවිට "අපරාදෙනෙ..  ඔච්චර හිටපු එකේ තව ටිකක් හිටියනම්..." කියන්නට අපිට කට කහන්නේය. ඒ බව හොඳින් අත් වින්දෙ මා හා එක පන්තිවල සිට පසුව විශේෂ බලකායට ගිය 'දයාන්' ඉන් පැන විත් හන්දියේ දැමූ තේ කඩයේ කාලේ කෑ නිසාම නොව "දැන් යුද්ධෙ අහවර නිසා හිටියනම් පැන්ෂන් එකකුත් හම්බෙනවා නොවේදැ"යි මටද කියන්නට සිත්වී ඇති නිසාය... 
මක් නිසාද යත් මගේ එකම අයියා ආමිකාරයෙකු සේම හොඳම මිතුරා නේවි කාරයෙකු නිසාවෙන් උන් ඒ විදියට රාජකාරිය නිමා කරනු දකින්නට ඇති කැමැත්ත නිසාවෙනි. 

යටගිය කතාවකින් පසුව කටේ හලාගත් ගල් ෂොට් එක වැහෙන්න මස් කෑල්ලක් කටේ ඔබා ගත් චපී.. 
"අපි ඉතිං බං කොහොමත් චාටර් එවුන්නෙ." යි පවසා වීදුරුව මා අතට දුන්නේය. 
"මං 7 වසරට එනකං මල්ලි පන්තියෙ 1 නැත්තං දෙක." 

ඉන් පසු ඔහු පසුබෑ බව පැවසුවත් ඔහු කිසිවෙකුටත් ඒ ගැන දොස් කීවේ නැත 

"එකොළහේදි මාව ගොඩ දැම්මෙ මැණිකෙ ටීචර්. අනිත් ටීචර්ලට මාව පෙන්නන්න බැරුව හිටියෙ. රිසාල්ට් දැකලා ටීච මාව ඉම්බා. උසස් පෙළ කරන්න ලැබීමක් නෑ බං ආමි පිස්සුව ගැහුවනේ."

ඔහුගේ මුහුණෙහි පැහැදිළි හැගීමක් දැකගත නොහැකිය. 
"මම මල්ලි ආමි එකට ගිහින් දැනට අවුරුදු දහඅටයි හොර උප්පැන්න හදාගෙන ගියේ."
කොල්ලන්ගේ ලේ රත් උණාම එන සිතිවිලි ගැන පොලොවෙ පයගහලා ඉන්න උන් සාක්ෂි දරති.. 
"මං අවුරුදු තුනෙන් අමි එකෙන් පැන්නා ඔ්යි. යුද්ධෙට බයේ නෙවේ ගල් කොස් එකට අහුවෙලා...., මට අප්පිරියා කලා බං."

 මගේ අයියා දෙසට වීදුරුව දික්කරන ගමන් ඔහුගෙන් අසා දැනගත් පරිදි මේවන විටත් සේවයේ නියතුනම් ඔහු 'ස්ටාෆ්' කෙනෙකි එය යම් හොඳ මට්ටමක් බව ඔහුගේ හඩින් මට දැණුනි. 
චපී අයියාගේ ආශ‍්‍රය අපේ මව උවත් සැමවිට නොරිස්සුවාය ග‍්‍රිස් යක්කු ගැන ආරංචි අරන් එන ලලිතා නැන්දා පවා චපීගේ නම හොරෙන් කියන්නෙ අයියාට ඇහුණොත් වයස නොබලා හුප්පදයක් අහගන්නට වන නිසාය. 
"සිනියර නම්බර් එකක් මට තිබ්බෙ මගේ වැඩ නීට් එකට තිබ්බා ලොක්කා උණත් ප‍්‍රයිවෙට් නවරත්න කියපුවාම දන්නවා.."

ඇත්තෙන්ම ඔහුගේ කතාවෙන් සමහර තැන් මට නොතේරුණි එම නිසා ඇතැම් ඔහු කි සිද්ධි අමතක වී ගොස් ඇත නැතහොත් උවමනාවෙන් අමතක කර ඇත. මට මෙන් අන් එවුන්ටද ඔහුගේ කතාව වැදගත් කමක් නැත... වැදගත් එකම දෙයනම් පැනපු ආමිකාරයෙකු යන වග පමණි... 

"මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්."

මේක දිග වැඩි වෙනවා වගේ ඉතිරි ටික පස්සෙ දාන්නම්..

10 අදහස්..:

  • අසරණයා says:
    February 25, 2012 at 11:42 PM

    මේ කතාව කියනවනම් කතාව දාල නිකා හිටපන්.හැම දාම බාගෙට නවත්වන්නේ.කතා කියක්නම් මගින් නවත්තුවාද?.උඹ ළඟ හිටියනම් කොච්චර අප්‍රිය වැඩක උනත්.. එක්කෝ ඕනේ නැහැ ඉතුරු ටිකක් දාපන්ම් මචං

  • Dinesh says:
    February 26, 2012 at 1:08 AM

    කතාව හොදම ටිකේදේ නවත්තලා... ඉතුරු ටික ඉක්මනට ඕන...

  • Observer says:
    February 26, 2012 at 4:37 AM

    ගනං ගන්න එපා ටයිම් අරන් හෙමීට ලියහන්, කොටස් වශයෙන් වුනාට ප්‍රෂ්ණයක් නෑ හැබැයි ජය්යට හොරෙන් :-)

  • නන්ඳු says:
    February 26, 2012 at 6:13 AM

    කතාවෙ ඉතිරි කොටස.. :)

  • ලහිරු says:
    February 26, 2012 at 6:39 AM

    මේවා ඉතින් නැත්තෙමත් නෑ තමයි... කෝ ඉතිරි කොටහ, ඕක තමයි ඉතින් අල්ලන්නැත්තේ!

  • ලෝකයා... says:
    February 26, 2012 at 8:30 AM

    අඩෝ කතාව භාගෙට ලියලා නවත්තන්න එපා යකෝ.... එල කිරි ...
    මටත් කියන්න දේවල් නම් තියනවා.... ගාගෙන නගන්න ඕනේ නෑනේ....................

  • duliponline says:
    February 26, 2012 at 5:54 PM

    මොකටද දන්නෑ පිටිපස්සෙං බදාගත්තෙ ???

  • Unknown says:
    February 27, 2012 at 1:33 AM

    ඔය වගේ සීන් අනන්තයි....මේ කෑලි කඩලා දාන සීන් එක නං කැතයි ඈ....අර මේජරයා පස්ස පැත්තට කර එක වගේ එකක් මේකත්......

  • නරකයා....!! says:
    February 27, 2012 at 8:58 PM

    අනේ සමාවෙයල්ලා. වැඩත් එක්ක පරක්කු උණානේ.. මං ඔය අනිත් උන් වගේ නෙමේනේ... දානවා කිවුවොත් දානවම තමා...

  • නරකයා....!! says:
    February 28, 2012 at 10:15 AM

    සිරාවටම ඔ්නයා... උඹ හිතපු එකටම තමයි...දැං ඉතිං කියන්න එපා මොකුත් හිතුවෙ නෑ කියලා

Post a Comment

Followers