හුදෙකලා කලුවර: අසම්මත ගැහැනිය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

අසම්මත ගැහැනිය


අන්සතුවූ නුබ ගැබ බිඳුණි තටු යුග
තුඩග රැඳි කව් වීය අමතක
කිරිලියයි ඇය විහඟ කුලයේ
තාල අමුණන අසම්මතයට

හැබෑ නොවනා හීන අතරින්

අනන්තය තෙක් දෙපිය නඟමින
වසත් කාලය සොරා ගෙනැවිත්
ගිමන්කලා ගී තාල මුමුණන
තවුස්දම් බිඳ දැහැන ගතවුණ
කිරිලියයි ඈ හීන අහුලන

අමාවක රෑ තාරුකාවක

සඳට සරදම් කවක් ගළපන
පිපුණු දා සඳ වුවන අහසට
පෙර ලෙසින් පෙම් කවක් මුමුණන
කඳුළ සඟවා නෙත් කෙවෙනි යට
කිරිලියයි ඈ නඟන මදහස

5 කමෙන්ටු:

මේ පිංතූරේ ඉන්න එක්කෙනා ගැනද මේ කියන්නේ.....

 

ලස්සනයි...

 

@ ඔබ නොදුටු ලොවක් : එයා ගැන විතරක් නෙමේ...
@ දිනේශ් : බොහොම ස්තූතියි!

 

කඳුළු නැතිව කෙලෙස සිනා ඇඳින්නේ?
බීරම නැතොත් ඉර අවමන් විඳින්නේ
සම්මත ලොවේ නෙක හැඩ තල මවන්නේ
අසම්මතය, නොවේද වර්ණ උලන්නේ

සිය ළඳ සිටිය දී අන් ළඳ පතන්නේ
තාර පාර මැද කහ ඉරි ඇඳෙන්නේ
සම්මත - අසම්මත නොව මා දකින්නේ
දෙනෙත දකින වෙනසයි ඔබ කියන්නේ.

සම්මත වුව ද ඔබ මේ සා වර්ණනා
කර රස මවන්නේ වෙනසට වුවමනා
යමක් ඇති නිසා බව සිහි කල මනා
අසම්මතය මයි ලොව රස වෑහෙනා.

 

කන්දුලු බිඳ තෙමෙයි කැකෑරෙන සිත් තුල ආශා
අසම්මතයෙන් සම්මතයට
ගියවූ ඈ ආශා පොද
මුමුණ ගොතයි සිතිවිලි
සිහිනයක් අයුරෙන් නිමේශයකින් වියැකී යන ලෙසට
බොඳවූ සිහිනය තුල හිඳ
හඬයි සිත වැලපී මිරිඟුව පසු පස හඹා යමින
ඇඬුවේ ඇයි සිත
පසක් වූ විට කාලය හරස් වී වනයි අත ඔබට සම්මතය අසම්මතය කරගෙන....

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!