Pages

American tea market going up




ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය, කොළඹ තේ විකුණුම්කරුවන්ගේ සංගමය සමග එක්‌ව ජාත්‍යන්තර තේ සම්මේලනය පසුගියදා කොළඹදී පැවැත්වු අතර මේ සඳහා එක් වෙමින් ඇමරිකානු තේ සම්මේලන ප‍්‍රධානීවරයා කියා සිටියේ තේ සඳහා ඇමරිකානු වෙළඳපොලේ ඉල්ලූම සීග‍්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර ක්ෂණිකව පානයට ගත හැකි ආකාරයෙන් සකස් කරන ලද තේ සඳහා ඉහළ ඉල්ලූමක් පවතින බවත් උතුරු ඇමරිකානු තේ පානය කරන්නන්ගෙන් 85% ක්ම අයිස් කළ තේ පානයට හුරුව සිටින බවත්ය.

වැඩි දුරටත් ඔහු කියා සිටියේ සිසිල් බීම වෙළඳාම තවමත් තේ නිෂ්පාදන මෙන් 14 ගුණයකින් විශාල වන අතර බෝතල් කළ ජලය වෙළඳාම ද එමෙන් නව ගුණයකින් විශාල බවත් පාරිභෝගිකයන් සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත් සමග බහු ජාතික සිසිල් බීම සමාගම් ද තේ නිෂ්පාදන සඳහා යොමු වෙමින් සිටින බවය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...