Sunday, February 12, 2012

කුරුලු කූඩු

උඹ මහ පවිටු අධම මිනිහෙක්!
ලෝකයා බැණ අඬ ගසයි මට
විපිලිසර වෙමි මං
"අනේ ඇයි බං, පවු නැද්ද මං"
"ලං වෙන්නෙපා පර හිමි හිතට ඔතරම්
හෙලන්නෙපා බිම කුරුලු කැදලි, සාප වෙයි උඹටම මචං"
පෙරලමි උඩු හිත වදන් වලට මං
"අනේ මට සමා වෙයන් බං"
සඟවා ගනිමි සදහටම මං........
යටි හිතේ තෙරපී කැකෑරෙන වේදනා පිරි චේතනා.....
අහිමි පෙම් හිත අත හරිමි දැං
ටජ්මහල් තනවන්න බැරි මං
හුදකලා වී පුරමි පිං
එතෙර වෙන්නට මේ භවෙං!

2 comments:

  1. හෙලන්නෙපා බිම කුරුලු කැදලි, සාප වෙයි උඹට...පෑත්තකට උනු එක හොදයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... මමත් හිතනවා.

      Delete