Friday, February 10, 2012

උසස් පෙළ ප්‍රතිඵල සහ හොරාගේ අම්මගෙන් පේන ඇසීම

ප්‍රතිඵල ඇයිද මෙච්චර කල් පමා                    උනේ
අද දෙනවා හෙට දෙනවා කියල                     අනේ
දෙනවා කියල පැය ගාණක් පමා                   උනේ
දුන් ප්‍රතිඵලත් මේ මොනවද                  අවුලක්නේ

එකෙක් කියයි උඹට වඩා මම                     දක්ෂයි
rank එකෙන් කිව්වානම් ඒක                      සැකයි
ඒ නම් මදැයි තව දේවල් සිද්ධ                     උනයි
කලා කරපු උන් ගණිතෙත් පාස්                   උනයි

කාටත් සැකයි දැන්නම් මේ                     ප්‍රතිඵලය
සැවොම කියයි වරදිලු දිස්ත්‍රික්                      අගය
කාටත් හොරා නැතුවම කිසි                   කලබලය
ජාලෙන් යළිත් මතුවුනි නව                    ප්‍රතිඵලය

දෙවන වරත් දුන් ප්‍රතිඵල නිම                       වුයේ
තව එක් බසක ප්‍රතිඵල නෑ හමු                     වුයේ
පේපර් බලන්නට යැව්වද                       රුසියාවේ
එහෙ කොම්පියුටරෙත් කැඩිලද වගේ අපේ    පායේ

කොහොමද එකතු කලෙ දෙරණින් ප්‍රශ්න      කලා
කැරකුනි කොමා 360 කුත් එකක්                 කලා
පත් අට එකට සිඳ අරගෙන මෙව්වා              කලා
ඇයි වැරදිද මම ඒ දෙක එකතු                     කලා

ප්‍රතිඵල අවුල දැන අප මහ                    රජාණෝ
දැමු කොමිසමේ උප කුලපති               තුමාණෝ
විමසා බලා වූ සැම                          කාරණාවෝ
කොම්පියුටරේ වරදකි කිසි සැකක්               NO

උප කුලපති පත් කළේ සිසු                ඡන්දෙන්ද
ඔහු පත්කළේ ජනපති බව                   දන්නැද්ද
එහෙව් කොමිසමක විනිවිද බව                නැද්ද
ඇහුවේ පේන හොරාගේ                අම්මාගෙන්ද

මට බැරි දේ වයිමට කළ හැකි                   උනිද
එහෙව් මෙමට ගණ දෙවියොත්             කජ්ජක්ද
ප්‍රතිඵල ගැන සිසු පැමිණිලි                   නැගුනාද
කියයි බන්දු මැති සබේ දාගෙන                  සද්ද

කිවත් ඇමති ප්‍රතිඵල හරි                     දැකුම්කලු
මානව හිමිකමේ පෙත්සම් ගොඩ               වේලු
මෙවන් බසට ගැමි වහරේ                     කිව්වාලු
මුව නරි වදන් රෙදි පල්ලෙන්                බේරේලු

ජීවන මීගහගේ
6 කණ්ඩායම - ඉංජිනේරු පීඨය

2 comments:

  1. කුරුන්ගුරුන්February 12, 2012 at 2:06 PM

    ඇත්තටම කියනවානම් සුපිරි කවි පන්තියක්. A/L වල ඇත්ත තත්වය නියමෙට පහදලා දීලා තියනවා. මේක ලියලා තියෙන්න ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටින එක්කෙනෙක් නෙවේ මම හිතන්නේ. ඒ හින්ද ඒක තවත් වැදගත්. මොකද කියනවනම් මේ බ්ලොග් එකට ඇතුලේ ඉන්න අයත් මහලොකුවට ලියන්නේ නෑනේ. නැත්තන් මිට වඩා ගොඩක් posts මේකේ තියෙන්න එපැයි.

    ReplyDelete
  2. Thanks so much for your appreciation and Really sad about end part of your comment. please don't under estimate the talents of engineers apart from their profession. If you upload posts every day this might become a gossip site. People need time to read these things. And also the students who take care of this site have lot other work related to their university other than maintaining this blog. I know they will not publish each and every post they receive. They read,modify and confirm every post before they publish.That's because we don't want to make our blog a "GOSSIP" site. {According your name(kurun gurun) you might like this to be a gossip site :P- just a joke friend}

    ReplyDelete