හුදෙකලා කලුවර: ”මම” නම් සිපිරිගෙය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

”මම” නම් සිපිරිගෙය



පිය මනිම් හතරැස් ව
බිම ඔබා හිස
මම
මා වට ම....
ගැන නැත
කිසි ම දවසක
යපොලු කීයක් වෙත්දැයි
මා ඉදිරිපස...
 

සොයමි
පහුරු ගා මහ බිත්ති
පලායන්නට ඉඩක්
නොව
හමුවෙතැයි
මා සම මිනිසකු
ලියූ
කුරුටු ගී...
පුරුකින් පුරුක බැඳි
විලංගු ය
කිසිවිටෙකත් නොහැඟේ
ආදරය නොවේයැයි
එය...
 

අඳුරු ය
විටෙක එළිය ය
ඇතුළේ ය
විටෙක පිටත ය
හිතැත්තෝ
බලති විමසති
එති යති...
 

තවමත්
නොදුටු හැටි
මා වන් අයකු වෙන
පවුරක් සේ
මා වට කොට සිටින
මම මිස...

2 කමෙන්ටු:

ඔබට මා වරක් කි පරිද්දෙන්,
ඔබ සිරගත ව සිටින,
මගේ හදවත,
කුළුදුලේ විවර කළේ,
ඔබ වෙනුවෙනි.
(...පෙර සිරකරුවන් විසින් පරිහරණය කළ කුටීරය,
ඔබේ සම්ප්‍රාප්තිය දැනගත් මොහොතේ ම, නව සුණු පිරියම් කර,
නවීකරණය කලෙමි.....)
එබැවින්,
පෙර හුන් අය ලියු,
කුරුටු ගී
සෙවීම,
පිටි මුට්ටියක, සීනි ඇටයක් සෙවීමක්..,
නැත...
සිනි මුට්ටියක, පිටි සුනක් සෙවීමක්...
අමතක කරලනු මැනවි,
ඔබේ දෑත් හි ලා ඇති,
විලංගු...
මක් නිසා ද යත්...
ඔබ යටත් ව ඇත්තේ..,
ජීවිතාන්තය දක්වා වූ,
සිර දඬුවමකටයි.

 

හෆොයි! ගමට 8 න් කියන්න වෙයි

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!