February 06, 2012

පියෙකුගේ විලාපය...



ගිනි නිවුණ තල් අරඹ
හෙලයි සැනසුම් සුසුම්
දළු දමා පීදෙන
ළපටි කැල දකිමින

තවම කළු දුමාරය
පහව නැත මසිතින්,
හීනෙනුත්  කොදුරණ
අහිමි දරු පෙම මිස

අහස් කුස පීරන
කදුළු හිඟ දෙනුවන්,
සොයා තරු කැට අතර
නැසී ගිය පුතු දෙපළ

ඉතිරි පුතුනුත් රැගෙන
හැර ගියා බිරිදත්,
මහා ගිරි දුක් කන්ද
තබා වැහැරුණ ගෙපැල

නෙත් අයා පියවි ලොව
කෙසේ මේ දුක දරම්
රා පැනින් මත්ව ඉද
ඔහේ තෙපලනු මිස

බළල් පැටියෝ නුඹ හැර
නොමැති කල මට කිසිවෙක්,
අසාපන් මේ දුක් කව
වඩිනතුරු නිදි ලෝකෙට



පසුවදන:
මෙය මා විසින් ලත් අත්දැකීමක් ඇසුරිනි. දිනක් යාපනය, කරෙය්නගර් හි මා මිතුරෙකුගේ නිවසේ සතුටු සාමිචියේ යෙදෙමින් සිටි අතරතුර කටගොන්නක් බී ගත් වයසක පුද්ගලයෙක් පූස් පැටවෙක්ද පපුවෙහි හොවාගෙන ඔහුගේ නිවසට පැමිනියේ මිතුරාවත් අපහසුතවයට පත් කරමිනි. ඔහුගේ නිවසේ අනිත් අය ඉතා අපහසුවෙන් එම පුද්ගලයා නිවස පිටිපස්සට දැක්කුවද, ඔහු පූස් පැටවත් සමඟ කරන සන්වාදය අපි දුටිමු. එය මුලින් අපට සිනහ වීමට කාරනයක් පමණක් වුවද පසුව ඔහු දමිළ බසින් කෙරෙන සන්වාදය මිතුරා විසින් පැහැදිලි කල පසු එම අනුවේදනීය පුවත මට දැන ගන්නට ලැබුනි. අවසානයේදි, එය මා විසින් මෙලෙස කවි පන්තියක් ලෙස ගලපන්න ගත් වැයමයි මේ.

6 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා....පසුවදන නිසා හරියටම තේරුං ගත්තා........

    ReplyDelete
  2. කළා කරුවෙක්ගේ සුවිශේෂිත්වය වන්නේත් ඕනෑම දෙයක් දිහා මානුෂික ඇසින් බැලීම!
    නිර්මාණය සාර්ථකයි!

    (comments wala word verification iwath kara nam hodai :) )

    ReplyDelete
  3. @ ඔබ නොදුටු ලොවක්
    බොහොම ස්තුතියි ඔබේ කොමෙන්ටුවට.

    @ ගෝල්ඩ් ෆිෂ්
    බොහොම ස්තුතියි.

    @ නුවන්
    බොහොම ස්තුතියි ඔබටත්. ඔබගේ අදහස් මට ලොකු හයියක්.
    (word verification ඉවත් කළා)

    ReplyDelete
  4. ඔබෙන් තවත් සුපිරි නිර්මාණයක්. සුබ පතනවා තවත් ලියන්නට.

    ReplyDelete