නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Sunday, February 5, 2012
නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)
පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ වගේ. එකක් ඉවර වෙනකොට තව අළුත් දෙකක් එනව. ඉතින් මොනව කරන්නද???
පහුගිය දවස් ටිකේ නම් ගොඩක් දේවල් වුනා. පණ වගේ ආදරේ කරන මගේ ලැප් එක වැඩ කරන්නෙ නැති වුනා. ඒක හදාගන්නත් හෙන ගේමක් දුන්න. ඒ වගේම කේෂාන් තමන්ගෙ ඡිවිත කාලෙදී අඩුම කාලයකදි ගමන් කරපු වැඩිම දුරත් ගමන් කරා... (100 200 400 Record එකක් එහෙම නෙමේ හොදේ.....) ඒක ගැනනම් අනිව Blog Post එකක් දාන්න ඔනේ.
විශ්ව විදාලයෙ අවසාන Exam එකත් තව සති දෙකකින් විතර පටන් ගන්නව. එත් කොහොම හරි Blog කීපයක් හරි ලියන්න ඔනෙ.
මම දන්නව වෙනද වගේ මේ Blog එකට Comment දාන එකක් නෑ.. සමහර Blog අවකාෂයෙ යාළුවන්ට දැන් මාව මතකද දන්නෙත් නෑ. හම්... එහෙනම් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!!!
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
අද කේෂාන්ට හරිම සතුටුයි. ඇත්තටම ඇයි ඒ. අද කේෂාන් 3G Dongle එකක් ගත්ත. මාස කිපයක් අමාරුවෙන් මහපොල එකතුකරල අන්තිමට කොහොම හරි ගත්ත.ගොඩක් ඉස...
-
මගේ හිතටත් හොරෙන් මගේ හිතට ඇතුලු වෙලා හිතේ පිරිල තිබුන දුක හිතෙන් එලවල දාල එතනට ලොකු සතුටක් බලාපොරොත්තු ගොඩක් පුරවපු ඒ ආදරය අද මගෙන් ඈත්වෙලා...
-
පහුගිය සෙමෙස්ටර් එක ඉවර වෙලා මාසෙක නිවාඩුවක් හම්බ වුණානේ. ඉතින් ඒකේ කේෂාන් මොකද කරේ. එකම එක දෙයයි. පොඩි සර්කිට් එකක් හැදුව. මට හිතුන ඒ...
-
මොකක්ද මේ. ත්රීවීල් ඇඩ් එකක්වත්ද? නෑ නෑ මම මේ කියන්න යන්නේ ත්රීවීල් වල ගහල තියන සිටිකර් එකක් ගැන. පහුගිය පෝය නිවාඩුවට මමත් අනිත...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න..... දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න.. නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න... ල...
-
ඔන්න අද කලින් ලියපු Article එකේ ඉතුරු ටික කියන්න තමයි මේ හදන්නෙ. අර switch එකක් වැඩ කරන විදිය ගැන. ඒක කියෙවුවෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ...
මට මතකයි...මාස තුනට වැඩී නම් සින්ඩියෙන් පන්නල ඇති..අයෙ රෙජිස්ටර් වෙන්ට වෙයි හොදේ....
ReplyDeleteහම්..... මටත් තාම මතකයි...
Deleteබලමුකො අපහු ගිහින්...
මම නං අද මේ පැත්තේ ආපු පළවෙනි දවස...වැඩ ටිකත් කරගෙන ලියන්න නිවාඩුපාඩුවේ.....
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව... බොහොම ස්තූතියි Comment එකට
Deleteපැන්ඩා, තාරා, කේශාන් !!!
ReplyDeleteතුන් දෙනාම එකසැරේ පෝස්ට් තුනක් දාලා ! :)
ලියන්න ලියන්න ! අපි කියවන්නම් !
පොඩ්ඩක් බලන්න සිංඩි වලින් පන්නලාද කියලා. විෂේශයෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බලන්න !
බොහොම ස්තූතියි..
Deleteසින්ඩි ටිකට ආපහු ගිහින් බලන්න ඔනෙ...
අදයි මෙහාට ආවෙ.. :) විභාගෙ ඉවර වෙලා ආයෙමත් ලියන්න පටන්ගන්න අයියේ...:)
ReplyDelete