හුදෙකලා කලුවර: මුතු අහුර

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

මුතු අහුර



ගන්න මේ මුතු අහුර
ඔබ දුන්නු කඳුළු ගෙන
හදවතේ වියළලා
කැට කලා
ඉනික්බිති
ආදරෙන් ඔප කළා
හැඩ කළා
ගන්න ඔබේ මුතු අහුර
වෙලාවක් එනතුරු බලා හිඳිමි

ඔබ හමුවන්නට...
ඔබෙත් මගෙත් ඒ කවිය
ආරම්භ නොවන්නේ ඇයි ද,
අසන්නට...
ඔබට හැකිනම්
මා නොපිළිගෙන
මගේ දෙනයන තෙත් කරන්නට...
මට නොහැකි වෙ ද.
ඔබ ව නැති දා
ඔබ ව මගෙ මතකයට දෙන්නට...

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!