Saturday, January 7, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇත්තටම එරෙහි විය යුතුද?


            ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්ති විදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහ දැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අද වන විට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම හරහා මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත්කිරීමටය.

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි වන්නේ ඇයි?

·         සරසවි ආචාර්යවරුන් රාජ්‍ය සරසවි තුල රඳවා තබා ගත යුතු නිසා
            ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය. නමුත් එයට අද වන තුරුත් සතුටුදායක වැටුප් වැඩිකිරීමක් ලැබී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද?

·         Z Score  දශමයක්, දෙකක් මදිවූ දක්ෂ සිසුන්ට මුදල් නැතිනම් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන නිසා
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමේ එකම සුදුසුකම උපාධියකට නියම කර ඇති මිළ මිස Z Score  එක නොවේ. එසේනම් මුදල් ඇති සුළු පිරිසකට උපාධි ඕන තරම් වෙන්දේසි විම නුදුරු අනාගතයේදී ඇරඹේවි. මෙසේ උපාධිය මුදල් මත තීරණය කිරීම , Z Score  එක සුළුවශයෙන් මදිවූ දුප්පත් බහුතර ශිෂ්‍ය ප්‍රජාවට කරන්නාවූ බලවත් අසාධාරණයකි.

·         රටට අහිමිවන විදේශ විනිමය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුලින් අප රට තුල රඳවා තබා ගත නොහැකි වන නිසා
පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ආණ්ඩුව ඉදිරිපත්කරන ඉතාම පුහු තර්කයක් වන මෙයින් සිදුවන්නේ තවත් මුදල් පෙට්ටි පිටින් රට පටවන එක නොවේද?

විදේශ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයින් නිසා අප රටට අහිමිවන විදේශ විනිමය වසරකට රුපියල් මිලියන 5 000කි. නමුත් වසරකට සීනි ආනයනය කිරීමට රුපියල් මිලියන 20 000 ක් ද, කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රුපියල් මිලියන 19 000 ක් ද, ටින් මාළු සඳහා රුපියල් මිලයන 15 000ක් ද, ආදී වශයෙන් රජය වැයකරන බව ඔබ දන්නෙහිද? මේ එකක් වත් නැවත්වීමට උත්සාහ නොකර අධ්‍යාපනයට අතපොවන්නේ ඇයි? උක්ත කර්මාන්ත සංවර්ධනයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගතහැකිව තිබියදීත් මෙලෙස අධ්‍යාපනය විකිණීමට දතකන්නේ කූට අරමුණක් නිසා නොවේද?

·         නිදහස් අධ්‍යාපනය යනු අපට නොමිලේ ලැබෙන දෙයක් නොවන නිසා
නිදහස් අධ්‍යාපනයට මුදල් යොදවන්නේ මේ රටේ ජනතාව විසින් රජයට ගෙවනු ලබන අති විශාල බදු මුදල් වලිනි. එම නිසා කොහෙත්ම නිදහස් අධ්‍යාපනය යනු නොමිලයේ ලැබෙන්නක් නොවේ. ඔබේ දෙමාපියන් ඇතුළු මේ රටේ සෑම පුරවැසියෙක්ම,අප ලබන්නාවූ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යම් මිලක් ගෙවා ඇත.

·         පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම මගින් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර තරඟයක් ඇති නොවන නිසා
කෝටි ගණන් මුදල් හම්බකරන පෞද්ගලික විශ්වව්ද්‍යාලත්, නිරන්තර කප්පාදුවට ලක්වන රාජ්‍ය විශ්වවිද්‍යාලත්  අහසට පොලව වැනිය.

වසර
2006
2007
2008
2009
2010
උසස් අධ්‍යාපනයට වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස


0.452 %


0.384 %


0.348 %


0.329  %


0.305 %

ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි.  එසේනම් තවත් ඉදිරියට සිදුවන කප්පාදු හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල අනතුරේ නොවැටේ යයි තහවුරු කලහැක්කේ කාටද?

මේ අනුව ආණ්ඩුව කල යුත්තේ නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහල නංවා සරසවි බඳවාගැනීම් තවදුරටත් වැඩිකිරීමය.ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද පෞද්ගලීකරණය වී හමාරය. වර්තමානයේ ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමිව ඇත්තේ කාටද? “ශ්‍රී ලංගම” වැසී නැතත් රාජ්‍ය ප්‍රවාහනය දුර්වල බව නොදන්නේ කවුද? පෞද්ගලික රෝහල් ඇරඹෙන විට රජයේ රෝහල් වසා නොදමුවත් අද රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල් අතර පරතරය කෙතෙක්ද?

මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් මේ දෙයම විය නොහැකිද ? අද  A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමා මේ අර අදින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ( ‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981 රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමකි.

ප්‍රභාත් රෝමිත

77 comments:

  1. ආචාර්යවරු අපේ යුනි වල තියාගන්න සටන් කරන එක මහා ගොන් කතාවක්. එක පුදුම කතාවක් නේ අයිසේ !!කවුද කැමති ඔය මොන රස්සාව කලත් එක තැන පල වේවි ඉන්න. තමුසෙලා කැමතිද තමුසෙලට ඕන ඕන තැන් වල වැඩ කරන්න බෑ, ආණ්ඩුවේ කබල් තැන් වල වැඩ කරන්න ඕනේ කියනවට. මේ ලංකාවේ ඉන්න ලේක්චරර්ස් ල ඉන්නේ හැමෝටම වෙන යන්න තැන් නැතිව නෙවේ. දැන් දින නියමයක් නැතිව කට්ටිය ස්ට්‍රයික් කළා මදිද? උඹලට ඕනේ ඒ මිනිස්සුන්ට ලංකාවේ ඉන්න බැරි කොල්ල සේරම පිටරට යවන්නද? ඒ මිනිස්සුන්ටත් තමන් ගැන මොකක් හරි තීරණයක් ගන්න අයිතියක් තියෙනවා. පුද්ගලික බස් අවම ලංගම වැටුනේ නෑ. කොහොමත් ලංගම වැටිලය් තිබ්බේ. ඒකාලේ හැම මිනිහටම ඕන වුනේ ලංගම රස්සාවක් . සේරම ගත්ත, එක බස් එකට ලිපිකාරයෝ දහ දෙනෙක්. එතකොට ඔය private යුනි එපා කියන ඩොකාල කැමතිද private ඉස්පිරිතාලත් වහල දාන්න. ඇය් ඒවා දැම්ම නිසා සෞක්‍ය සේවය වැටුනනේ !! අනේ යනවා මිනිහෝ ගොන් කතා නොකිය... private ඉස්පිරිතාල තිබ්බේ නැත්නම් මුන් අද ඩොකාල වෙන්නෙත් නෑ. අනික ඉන්ජිනියර්සලා වෙන්න බැරි මොකටද අද ? එකෙක් හිටිය උට B -2 C -1 උ SLIIT එකේ electronic ingineering කරනවා. මෝඩයෝ තව අද්යාපන අවස්ථා ලංකාවේ ඇති කරන්න යනකොට අකුල් හෙලන්න යන්න එපා. උඹල engineersla වෙලා අතට සල්ලි තියෙද්දී උඹලගේ ගොන් ළමයින්ට කැම්පස් යන්න ලකුණු මදිවෙලා උන්ව රට පට වන්න උනාම උඹලට තේරේවි. යකෝ! උනුහපුලුවටත් උගේ පැටිය මැණිකක් කියන කතාව උඹ අහල නැද්ද. උන්ටත් ඉගෙන ගන්න තැනක් දීපිය. අනික ඔය යමක් කමක් තියෙන මිනිස්සු තමයි ඔය උඹ කිවුව tax ගෙවන්නේ. උඹේ අම්මල තාත්තල උපන්තේකට income tax ගෙවල තියෙනවද? ආණ්ඩුව tax ගන්න විදිය දන්නේ නැද්ද ? වැඩිපුර පාවිච්චි කරන වැඩිපුර වියදම් කරන මිනිස්සු තමා වැඩිපුර tax ගෙවන්නේ. export බිස්නස් නැත්නම් පිටරට කොම්පැනි වල වැඩ කරන අය තමා හුඟක් වැදගත්. මොකද කොම්පැනි පිටරට යවන සල්ලි මෙහෙ තියෙන්නේ ඒවායේ වැඩ කරන ලංකාවේ මිනිස්සු නිසා. උනුත් පිටරට මිනිස්සු උනානම් ඒවා සේරම උන්ගේ රටට යන්නේ. දැන් ඔය මොන ප්‍රයිවට් යුනි දැම්මත් වෙනදේ තමයි ඕක. අයිසේ කන්න බොන්න දේට වියදම් කරන්න බැරි ආණ්ඩුවටද තමුසේ කියන්නේ අද්යපනයට වැඩිපුර වියදම් කරන්න කියල. තමුසෙලා දන්නේ මොනවද..උඹල A -3 ක් ගැහුවා කියල අලි ඔලුව. සේරම දන්නවා සේරම තේරෙනවා හිතාගෙන ඉන්නේ. තමුසෙලා රටේ ලෝකේ දේවල් ගැන දන්නේ ඉතාම සොච්චමයි. අඩුගානේ උඹල ඩිග්‍රිය වත් ගහලද ඉන්නේ. උඹල කෙල්ලෝ දාගත්තට ගෑනුත් එක්ක එක වහලක් යට ඉඳල තියෙනවද? ඉගෙන ගනිල්ලා ඉගෙන ගනිල්ලා ..අරගල කරලා ඔය tax ගෙවල උඹලට නිකන් ඉගෙන ගන්න දෙන මිනිස්සුන්ගේ සල්ලි විනාස කරන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. අපෝ මේකා ඉංජිනියරින් ලියපු හැටි බලන්න....මෝඩයෝ ඉංජිනේරුවන් කලාම ඉතින් ඔහොම තමයි......

      Delete
    2. සිරාවට ඇත්ත මචං......
      උඹේ කටේ මසුරං දාන්න ඕනේ....
      මහ ආත්මාර්ථකාමීන් ටිකක්....
      මුන් හිතන් ඉන්නේ පිටරට යන ළමයි ගෙවන්නේ university එකට සල්ලි විතරයි කියලා........
      උන්ට කන්න බොන්න, ඉන්න හිටින්න ඒ රට වල නිකන් දෙනව කියල මුන් හිතන් ඉන්නේ......
      ඒ සල්ලි ටික හරි ලංකාවේ ඉතුරු වෙනවා නේද ඒ ළමයි ලංකාවේ හිටියොත්......
      private hospital හින්ද ආණ්ඩුවේ hospital වැටුනා කියන මුන් කීදෙනෙක් දොස්තර කෙනෙක්ව channel කරල බෙහෙත් ගන්න ගිහින් නැද්ද දන්නේ නෑ...
      මුන් private university දාන්න එපා කිය කියා ලංකාවේ university විනාශ කරනවා....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මචන් Anonymous .... එක නෙමේ නේ ප්‍රශ්ණේ.......engineering කොහොම ලියුවත් danapala කියපු කතාව ඇත්ත නේ...... Anonymous ,ගොන් කතා කියන්න එපා බන්....

      Delete
  2. මොර‍ටුව කැම්පස් එකෙත් පහත් මානසිකත්ව තියෙන උන් ඉන්නව කියල දැනගත්තෙ මේ ලිපියෙන්.
    - ජයංග

    ReplyDelete
  3. ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැහැ . උසස් පෙළ සමත් අයගෙන් 1% විශ්ව විදය්ලවලට යන්නේ . දැන් ලෝකේ
    සංවර්දනය මනින මිම්මක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ පුරවැසි ප්‍රමාණය , ලංකාවේ එක ගොඩක් පහත අගයක්.
    උසස් පෙළ සමත් සියලු දෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අය්තියක් ඇත. ලංකාවේ එම අය්තිය නොලැබීම
    ලංකාවේ දිඋනුවට මහත් භාදාවක්. නිදහස් අධ්‍යාපනය යනු ඕනෑම අයෙකුට අධ්‍යාපනය ලැබීමට ඇති අය්තියි. Free education means that .

    ReplyDelete
  4. @දනපාල මහතා

    1) වි.වි කියන්නෙ රටක හොඳම මානව සම්පත ඉන්න තැනකට. ඒවගේ තැනක තියන වටිනා මානව සම්පත මුදල් බලයෙන් එතනින් අයින් කරන්න යනවනම් ඒකට විරුද්ද වෙන්න ඕන තමා.
    ඒ මිනිස්සුන්ට ලංකාවේ ඉන්න බැරි කලේ වෙන කවුරුවත් නෙමේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුවට ඕනත් ඒකමයි.

    2)Course එකේ අගට Engineering කියල තියන හැම Course එකම Engineering course නොවන බව කරුණාවෙන් සලකන්න.

    3) "උට B -2 C -1 උ SLIIT එකේ electronic ingineering කරනවා." ඉංජිනේරින් කියල ඉංග්‍රිසියෙන් ලියන්නෙ ඔහොම නෙමේ....

    4)"උනුහපුලුවටත් උගේ පැටිය මැණිකක්" - ඒක නිසා තමා මේ රටේ දුප්පත් හැම අම්ම තාත්ත කෙනෙක්ගෙම දරුවන්ට සමානව අධ්‍යාපන අයිතිය තියෙන්න ඕන. Income Tax ගෙවන අයගෙ දරුවන්ට විතරක් නෙමේ..

    5)"වැඩිපුර වියදම් කරන මිනිස්සු තමා වැඩිපුර tax ගෙවන්නේ" - ගොන් බූරුවො (මේ වචනෙ යොදන්නම ඕන කියල හිතුන) දන්නෙ නැද්ද අපි පවිච්චි කරන පෙට්‍රල් ඩීසල් ලීටරයක් ගානෙ පවා රජය බදු ගහන බව.

    6) A -3 ක් ගන්න එක ලොකු වැඩක් තමයි. අත උස්සල A ගන්න බැහැනෙ. ඒක ගන්න ලොකු කැපකිරීමක් කරන්න ඕන. මේ රටේ උසස් පෙළ සමත් හැම කෙනක්ටම සමාන උසස් අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන. දැනට ඒක නෑ. උසස් අධ්‍යාපන සුදුසුකම වියයුත්තෙ තාත්තගෙ පඩියවත්, income tax ගෙවනවද කියන එකවත් නෙමේ .

    ReplyDelete
    Replies
    1. මිඛාඑල්January 12, 2012 at 11:31 AM

      දන්නපාලලා එක්ක තර්ක කරලා වැඩක් නැහැ සහෝදරයා....අද සමාජයේ සමානාත්මතාව, අන් අදහස් ගරු කිරීම, උගත්කම වැනි දේවලට තැනක් නැහැ. හැම දෙයම මිල මුදලට තීරණය වෙන්නේ. තම තමන්ගේ අයිතිවාසිකම් හා මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්න නිර්භීතකමක් නැති නිවට සමාජයක්. තව තව මුදල් හම්බකර සුරංගනා ලෝක ගෙඩනගාගෙන ඒවාට බාධාවක් නොවී පවත්වාගෙන යනු පිණිස නිර්වස්ත්‍රව වුණත් යන්න සූදානම් මේ මිනිසුන්....මේ විරුවන්ගේ යුගය නෙවෙයි...මේ වහලුන්ගේ යුගයයි.

      Delete
    2. oya monawa thibunath mechchara kalekata nidahasen passe loketa danenna kisima deyak lankawe inna ewun karala naa.mata puluwan nam eka deyak kiyapan menna me minihage me soya ganima lokema danna deyak kiyala. okata kiyanne nidahas adyapanaya nemey nomile adyapanaya. nidahas adyapanaya kiyanne thamanta kamathi de igena ganima eke kohewath kiyala naha nikan denna kiyala.

      Delete
  5. Dannapala. You are asking the same questions which have been dealt in different forums and so Im not going to repeat my self here.

    Reading your comment only suggests me that doing so will only waste my time. It would be like trying to explain Relativity to a chimpanzee.

    ReplyDelete
  6. සිරා ලිපිය ! මොර‍ටුව එකෙත් ජනතාවගෙ නිදහස් අධ්යාපන අයිතිය ආරක්ෂා කරන්න හදන අය ඉන්න එක ගැන සතු‍ටුයි! මේ රටේ ලොකු තැන්වල ඉන්න අයගෙන් 90%ක් නිදහස් අධ්යාපනේ නැත්නම් අද ඔතන නැහැ.

    @ dannapala:කැම්පස් යන අයට ඔහොම ඉරිසියා කරන්න එපා ඔයාට යන්න බැරි උනානම්.

    * sliit එකෙ engineering තියෙන්නෙ නමට විතරක් . උන් ඔක්කොම out උනාම නියම engineers la යටතේ වැඩ කරන්න වෙන්නෙ.

    * ලංගම තිබුනෙ වැටිල නෙමෙ,ලාබ ලබන තැනක තිබුනෙ ඒක. ඒත් private බස් ආවට පස්සෙ ඒක වැ‍ටුනෙ.

    * ඔයා හැමදේම දන්නව කියල හිතල කිච වෙන්න එපා මල්ලි,ඔයා රටට බරක්!

    ReplyDelete
    Replies
    1. ලංගම වැ‍ටුනෙ private බස් ආවම, කතාව හරි, මොකද ලංගමට වඩා හොද සේවයක් private බස් වලින් ඉ‍ටුනා, උබල බයයි, උබලටත් ඒ ටිකම වෙයි කියල.

      Delete
  7. තමුසෙලා හැමදේටම මුදල් බලය කියන එකෙන් තමුසෙලගෙ මෝඩ ආකල්ප පේනවා. එක මහා නරක දෙයක් නෙවේ. ලෝකේ තියෙන හොඳම යුනිවෙර්සිට්ය් වලට යන්න හොඳට රිසල්ට්ස් තියෙන්නත් ඕනේ. හොඳට සල්ලි තියෙන්නත් ඕනේ. දැන් තමුසෙලගෙ ලොකුම තර්කෙ ඔය private කැම්පස් දැම්මම අද්‍යාපනය විනසය් කියල. කියනවා බලන්න අපේ තියෙන මහා ලොකු අද්‍යාපනය මොකක්ද කියල. දැන් ඔය ඉගෙන ගත්ත එවුන්ද ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගේන්නේ. ගෘහ සේවිකවොනේ ඕය්. දැන් 50 අවුරුද්දක නිදහස් අද්යපනයෙන් අපි මහා ඉහල තැනකද ඉන්නේ? (යුද්දත් ආව තමි එකත් අපේ මෝඩකමනේ ). ඒ වගේම දැන් ඔය නිදහස් අද්යපනයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ දුප්පත් අහිංසක දරුවන්ටද? අනේ ගොනෝ! ආණ්ඩුව වැඩිම සල්ලි වියදම් කරන්නේ ඔය ජාතික පාසල් සහ ඒවායේ යන එවුන්ට.. ඔය ඉස්කෝල වහල දන කතාව උඹල අහල නැද්ද?
    ගණන් කරලා බලපන් ඕවට යන දුප්පත් මිනිස්සු ගැන..මමත් එහෙම එකකට ගියේ ඒකනිසා මම දන්නවා.. දුප්පත් දරුවෝ ගැන හරිම දුකය්.. මම දන්නා හැටියට ලංකාවේ නිදහස අද්යාපනයක් නෑ. ඔය A ලෙවෙල් තරඟෙට මුණ දෙන්න දුප්පත් ළමයින්ට බෑ. ඉස්කෝලවල හරියට උගන්නනෙත් නෑ. උන්ට ටියුෂන් යන්න සල්ලිත් නෑ. එක නිසා උන් A ලෙවෙල් කරන්නෙත් නෑ. අපි ඕව දන්නවා උඹල වගේ හීන ලෝක වල නෙවේ අපි ඉන්නේ. අඩුගාන මේ යමක් කමක් තියෙන එවුන් private ඉස්කෝල,යුනි වලට ගියාම ආණ්ඩුවේ තැන වලින් සුපිරි නැතත් හොඳ අද්යාපනයක් දෙන්න පුළුවන් වේවි. එහෙමයි අපි හිතන්නේ. උඹල මේ ගොන් කමට ගොන් ක්‍රමේ දිගටම තියාගන්න හැදුවට එකේ ඇති හොඳක් නෑ.
    @රුවන් - 1.එතකොට මොරටුව thamai එන්ගිනීරින්ග් ලෝකේ හොඳම.. සේරම යන්නේ එකට... ඔය ANC එකේ aerospace engineering කරලා ඇමෙරිකාවේත් ඉගෙන ගෙන එහෙ ජොබ් කරන්නේ බෑ. ගොනා!!
    2.උඹ දැක්කේ නැද්ද මගේ සිංහලත් වැරදි බව.(ඉංග්‍රීසි වැරැද්ද විතරද පෙන්නේ?) අනේ උඹට තියෙන හීනමානය!!
    3. ඔය උඹල වගේ දුප්පත් දිළිඳු දරුවන්ට කාර්වලට පැට්‍රොල් ගහන්න සල්ලි තියෙනවනේ.. අනේ මගේ කට..තොපි එහෙනම් එල්ලිලා පැට්‍රොල් ගණන් ඇහුවම..යකෝ පැට්‍රොල් ගණන් වැඩි කරලා තියෙන්නේ ඩිසල් ගණන් අඩු කරන්න..ඒවාට subsidize කරලා තියෙන්නේ (සහන) බදු මිල අඩු කරන්න.. එකෙන් නැති වෙන ටික පැට්‍රොල් වලින් ගන්නවා. තෝ දන්නා මගුල..
    4. දැන් කියපිය තෝ මොන කටෙන්ද කියන්නේ හැමෝටම සමාන අද්යාපන අයිතිය තියෙනවා කියල.. ලංකාවේ සේරම ඉගෙන ගන්නේ සුපිරි ආණ්ඩුවේ ඉස්කොලවලමද කියල තොම කියපිය..
    5. ආණ්ඩුව ලේක්චරර්ස්ලට ලංකාවේ ඉන්න බැරි කරලා තියෙනවා නම් තොපි මොන ඇටේටද උන්ව ආණ්ඩුවේ කැම්පස් වල තියාගන්න හදන්නේ..

    @ perainsider - i have seen lot of your comments on several posts in many sites and your judgement is clouded more than of a chimpanzie. your thoughts are rubbish and you know nothing.. you are just a hormone driven angry youth..grow up..

    Thank you...

    ReplyDelete
    Replies
    1. අපරාදේ මේක කියවන්න ගතවෙච්ච කාලය....මම දැකපු අමුම ගොන් ලිපිය තමයි මේ
      "dannapala" කියන එක ලියල තියෙන්නේ...දන්නපාල කිවුවට මූ දන්නා ඇටිකෙහෙලක්
      නෑ නේ....

      Delete
  8. @ anonymus- laba labana bambuwa thama..umbata kalin mama ipadune...bota wadiya mama eka dannawa..:D mama kampus giya ayise..nidahas adyapanen thama..hondawelawata mama giye aanduwe loku iskolekata..ape game kollo hulla hulla indiddi mama honda iskolekatath gihin campasuth giya.. mata unta wadiya sallith thibba..:D harima sadaranay ne.. dan mama unta wadiya sallith hoyanawa..

    ReplyDelete
  9. @danapala uncle:
    pandithayo 100 ekka wada karala dinuwath 1 modayek ekka wada karala dinanna belu. Sorry uncleta modaya kiyanna unata. oyage tharka walin hodatama therum yana deyak thama amaruwen salli tikak hoya gena, college ekenwath igena gaththa nethi, mada peradiga weda karana eka thama loku kiyala hithagena inna, igena gaththa ayata irisiya karana, adhama, vinayak nethi, thanata sudusu widihata minissunta katha karanna danne nethi kenek kiyala

    ReplyDelete
  10. I didnt know that Mortuwa students also thinks the same as all the other faculties. Im also a student studying engineering in a private campus, and all this time we were greatful that the engineering universities in Sri lanka weren't small minded as the other uni's. I guess its the same story everywhere.
    Thank you Danapala for standing up for us.

    ReplyDelete
  11. @perainsider- why are you being partisan to any of the factions involved in this war of words. it should be obvious to you neither one is correct and has the best solution.my opinion is student activism is rubbish because they are getting everything free. it's not fair they do a higher bargain for their involvement when they even can't fend for themselves. Let the big boys do the work because they are experienced,has and knows responsibility , and have very clear idea about consequences of their actions.For which students have nothing. they should do what they are meant to do..learn first..then do something to the society..not struggle then unlearn and be a useless fellow..

    ReplyDelete
  12. Glad to now that the moratuwa people also think like this.. i thought you people were better but now i know that all are the same.. ~Engineering student at a private campus~

    ReplyDelete
  13. Tamusalaga upadiwala hati balaganna rajaya ayatanayakata wadak karaganna yanna ona.gon me harak hatta.

    ReplyDelete
  14. tamusalata modayo widihata salakanna ma rata modayo natiwai kiyala bayada

    ReplyDelete
  15. වැඩේ කියන්නේ private education තියන USA වගේ රටවල් වල මිනිස්සු බෙහෙත් ගන්න එන්නේ අපේ රටට. මොකද ඇමෙරිකාවෙ ඉන්නේ සල්ලි බලෙන් උපාදිය ගත්තු මෝඩයොනේ... අනිත් එක ඇමෙරිකාවේ IT වලින් උපරිම තැනක් ඉන්නේ මොර‍ටුවෙන් උපාධි ගත්තු පොරවල් හින්ද වෙන්න ඇති නේද........

    ReplyDelete
  16. මොරටුවෙත් මීහරක් .... උබල A 3k ගත්තට මොලේ කළදක් නැති උන් වගේනෙ කතා කරන්නෙ.

    ReplyDelete
  17. ඔබගේ ලිපියෙන් මතු කර ඇති කරුණු වල තර්කාණුකූල මෙන්ම එසේ නොවන කරුණුද ඇත.

    ඔබ දක්වා ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි වන අය විසින් පොදුවේ දක්වන කරුණුමයි. එහි අලුත් යමක් නැත. අධ්‍යාපනය පෞද්ගලීකරණය උනේ අද ඊයේ නෙවේ. අද මුළු අධ්‍යාපනයම මුදල් මත රැඳී ඇත. ළමයෙක් පාසැලට ඇතුල් කරන තැන සිටම මුදල් අවශ්‍යයයි. උසස් පෙළ උපකාරක පන්ති වලට දහස් ගණන් ගෙවා අඩු පහසුකම් මැද යන අය විශ්ව විද්‍යාලයට ගියාම පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වෙති. ගුණාත්මක භාවය ගැන කතාකරති. කළුකඩ මුදලාලි ගැන කතාකරති. උපකාරක පංති යන කාලයේ මේවා මතක් වෙන්නේ නැත.

    අද පෞදගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින හැමෝම කළුකඩ මුදලාලිලා නෙවේ. වැඩිදෙනා ලංකාවේ උසස් අධ‍යාපනය ලබා විදේශවලට ගොස් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළපුරුද්ද ලබා ඇති අයයි.

    තව එකක්...සීනි, කිරිපිටි ආනයනයයි විදේශ අධයාපනයට විනිමය ඇදීයන එකයි කාරණා දෙකක්. මෙය පටලවා ගන්න එපා.

    අධ්‍යයාපනය වනාහි මිනිස් අයිතිවාසිකමක්. එය මුදල් ගෙවා ලබාගන්නවාද, නිකම් ලබාගන්නවාද වැදගත් නොවේ. වැදගත් වන්නේ ගුණාත්මක භාවය සහ අවශ්‍යතාවයට සරිලනවාද යන්නයි.

    -Kumar-

    ReplyDelete
  18. @දන්නපාල

    comment එක කියවනකොටම හිතේ තියෙන වේදනාව පැහැදිලිව පේනවා . කියන්න තියෙන්නේ පැහැදිලි ඉරිසියාව කියල,


    "උඹල engineersla වෙලා අතට සල්ලි තියෙද්දී උඹලගේ ගොන් ළමයින්ට කැම්පස් යන්න ලකුණු මදිවෙලා උන්ව රට පට වන්න උනාම උඹලට තේරේවි"
    මානසිකත්වය මේකෙන්ම පේනවා...පවු.!
    ඇත්ත තමයි ගොන් ළමයි යවන්නත් කැම්පස් ඕනේ තමයි දන්නපාල කියන විදියට,ඒත් දන්නපාල අපි මේ හඩක් නගන්නේ අපේ ළමයිට නෙමෙයි,සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්..

    ReplyDelete
  19. මං කැමති නෑ මෙහෙම කියන්න,ඒත් A3ක් ගන්න එක ගැන සමහරු ලොකුවට විවේචනය කරලා තියෙනවා...
    ඒ අයට කියන්න කැමතියි

    "A3ක් ගන්න බැරි උනා නම් බැන බැන ඉන්නේ නැතුව අයෙත් විභාගේ ලියන්න,ඒත් බැරි උනා නම් 3වෙනි පාරත් ලියන්න...ඒත් බැරි නම් ගත්තේ ගත්තේ උන්ට අයෙත් බැනපන් !"

    ReplyDelete
  20. සිරා ලිපියක් ....එල

    දන්නපාල කැම්පස් එකකට වැස්සකටවත් ගියපු නැති එකෙක් වගෙයි.
    කැම්පස් වල උනන්දුවෙන් වැඩ කරලා,කැපවීම් කරලා ඉදිරියට ආපු ළමයි කොච්චර ඉන්නවද...ඒක දැන ගන්නත් කැම්පස් එකකට යන්න ඕන..උබ බැන බැනම හිටපන් බොල නොදන්නපාල

    ReplyDelete
  21. පුද්ගලික වි.වි. වලින් වෙන්නෙ ඉස්කෝලෙ යනකාලෙ අම්මලාගෙ තාත්තලාගේ සල්ලි වලින් පිස්සු කෙලපු එවුන්ට අන්තිමේදී සහතිකයක් දෙන එක...

    ඕකෙන් දුප්පත් ළමයින්ට ලැබෙන දෙයක් නෑ..මොකද ඕවට යන්නත් සල්ලි දෙන්න ඕනනෙ...

    මම උඩ දැක්කා කෙනෙක් කියනවා පු.වි.වි. දැම්මාම යමක් කමක් තියන උන් ඒවට යනවලු එතකොට දුප්පත් ලමයින්ට ආණ්ඩුවෙ ඒවට ගියෑකිලු...ඒක නම් කීයටවත් වෙන්නෙ නෑ..පු.වි.වි. වල තියෙන ගුණාත්මක බව අඩු නිසා හොඳ ප්‍රතිඵල තියන එකෙක්වත් ඕවට යන්නෙ නෑ...සල්ලි තිබුනත්...
    හිතන්නකො මට ඇතිවෙන්න සල්ලි තියෙනවා ඒවගේම A3.. ඉතින් මට මොන අමාරුවද පු.වි.වි ගිහින් සල්ලිත් දීලා බාල ඩිග්‍රියක් ගන්න...

    ඊළඟට දුප්පත් ළමයින්ට තවත් කෙලවෙනවා.... Z යන්තමට මදිවෙලා කැපෙන ලමයෙකුට වඩා පු.වි.වි. එකෙන් සල්ලි දීලා ඉගෙන ගත්තු එවුන්ගේ සුදුසුකම වැඩීනෙ ඉතින් උන් ඉහළට යනවා...අරුන් මහ පාරෙ..


    @දන්නපාල : සහෝදරයා මේ ලෝකෙ හැමෝම එකම මත දරන්නෙ නෑනෙ...එක එක අය දරන්නෙ විවිධ මත...වෙන කෙනෙක් දරන මතය අපේ මතයට විරුද්ධ වෙන්න පුලුවන්...

    සමහරවිට අනිත් එක්කෙනාගෙ මතය හරි වෙන්න පුලුවන් තමුන්ගේ මතය වැරදි වෙන්න පුලුවන්...ඒවගේම ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්....ඒක නිසා අපි දැනගන්න ඕනා තමුන්ගේ මතය ඉදිරිපත් කිරීමේදී අන් අයගේ මතයටත් ගරු කරමින් කතා කරන්න..නැතුව ඕයි බෝයි ගොනා බූරුවා කිව්වා කියලා තමුන්ගේ මතය අනිත් කෙනා පිළිගන්නෙත් නෑ...නිකන් සවුත්තු වීමක් තමයි වෙන්නෙ...

    ReplyDelete
  22. මෙතන උඹල මර ගත්තට වැඩක් නෑ, ආණ්ඩුව පුද්ගලික විශ්ව විද්‍යාල කොහොම හරි දානවා, අපි කැමති උනත් නැතත්.

    ReplyDelete
    Replies
    1. uba wage mati harak tikak thama rate inna nisai anduwa oya wage wada kranna hadanneth

      Delete
  23. උසස් පෙළ කරන කාලේ ටියුෂන් පන්ති යන්න වෙලා තියෙන්නෙ අද රජයේ පාසල් හරියට උගන්නන්නෙ නැති නිසා.අනික ටියුෂන් පන්ති යන්න වියදම් කරන සල්ලි වියදම් කරන්න අද කාලෙ බහුතරයක් දෙමාපියන්ට පුළුවන්.හුගක් පන්ති වල දුප්පත් සිසුන්ට නොමිලයේ පංති කාඩ් එක පවා දෙනවා.ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාල එකකට යන්න එකපාර ලක්ෂ 60ක් 70ක් වියදම් කරන්න හැකියාවක් තියෙන්නෙ ලංකාවෙ කීයෙන් කීදෙනාටද? වැඩිම වුණොත් ලංකාවෙන් 5% කට විතරයි.ලංකාවෙ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මත් ඒ 5% ට විතරයි යන්න පුළුවන්. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න තරම් රටේ බහුතරයකට මුදල් නැහැ.එතකොට නිදහස් අධ්‍යාපනයක් ඇතිවෙන්නෙ කොහොමද?

    ලංකාවෙ අධ්‍යාපනය දවසින් දවස පිරිහෙනවා. රජ‍යෙ පාසල් ටික ටික වැහෙනවා.උසස් පෙළ ප්‍රතිපල අවුල් වෙලා. ලංකාවෙ හොඳම විශ්වවිද්‍යාලය වන මොරටුව විශ්වවිද්‍යාලයත් ලෝක ශ්‍රේනිගත කිරීම්වල වසරක් පාසා 2000නුත් පහළ යනවා.අනික් විශ්වවිද්‍යාල එයටත් වඩා පහළ.විශ්වවිද්‍යාලවල අඩුපාඩු ගොඩගැහිලා.පර්යේෂණ කරන්න දෙන මුදලුත් අඩුකරගෙන යනවා.ඒත් ආණ්ඩුව නායකත්ව පුහුණුවට, දැයට කිරුළ වගේ ප්‍රදර්ශනවලට, පොදූරාජ්‍යමණ්ඩල ක්‍රීඩා උළෙලට තරග කරන්න, බැනර් වලට වියදම් කරන්න කෝටි ගණන් සල්ලි අවුරුද්දක් පුරා නාස්ති කරනවා. මේ නාස්ති කරන සල්ලිවලින් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න සිසුන් වැඩිකරලා, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ පඩි වැඩිකරලා රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන්න බැරිද?. එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ නේද?

    රජයේ විශ්වවිද්‍යාල සියල්ල ලෝක ශ්‍රේණිගත්කිරිම් වල පළවෙනි 1000 ඇතුළත තියෙනවනම්,පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දේශපාලන බලපැම්වලින් තොරව පිළිගත් ක්‍රමවේදයකට උසස් පෙළ සමතුන්ව පමණක් බඳවා ගන්නවානම් සහ ලංකාවෙ 50% කට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න තරම් මුදල් තියෙනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි විරුද්ධ රටේ සල්ලිකාර 5% වෙනුවෙන් රටේ 95%ට වෙන අසාධාරණයටයි.
    -මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්

    ReplyDelete
    Replies
    1. උඹල engineersla වෙලා අතට සල්ලි තියෙද්දී උඹලගේ ගොන් ළමයින්ට කැම්පස් යන්න ලකුණු මදිවෙලා උන්ව රට පට වන්න උනාම උඹලට තේරේවි :P

      Delete
  24. ඔය කියන විදිහට මොරටුවේ ඉන්න මහත්තුරු නෝනලා ඉංජිනේරුවෝ වෙලා ඊට පස්සෙත් ඔයවිදිහටම රට ගැන කැක්කුමකින් වැඩ කරනවා ඇති නේද .
    ඔය ආණ්ඩුවේ කැබ් එකෙන් ගෙදර වැඩ ඔක්කොම කරගෙන කොන්ත්‍රාත් කාරයට කියල ළමයින්ගේ private ඉස්කෝලේ බිලත් ගෙවාගෙන හැම කොන්තරත්තුවකින්ම තව කොමිස් එකකුත් ගන්න අය ඇවිත් ඇත්තේ අර කියන බාල උපාදි දෙන තැන් ඔලින් වෙන්ටැති නේද

    ReplyDelete
  25. පෞද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ ඒවා ස්වාදීන ආණ්ඩුවට අයිති නැති කියන එකනේ! ඉතින් මේ සමහරු මොකටද කියන්නේ ඕවට මිනිස්සු යන්නේ නෑ . ඕනේ නෑ කියල උන් ඉතින් හිතිච්ච දේ කරපු දෙන!! මොකක්ද තියෙන රුදාව ඕව පටන් ගත්තත් නැතත්..

    @ හරි : එක්කෝ තමුසෙට පිස්සු එහෙම නැත්නම් මට පිස්සු..
    තමුසේ එක වෙලාවකට කියනවා පෞද්ගලික කැම්පස් පටන් ගත්තොත් ඒවායේ ඩිග්රි බාල හින්ද මිනිස්සු යන්නේ නෑ කියල.. ඊට පස්සේ කියනවා ඒවායේ යන එවුන්ට සුදුසුකම් වැඩි හින්ද ආණ්ඩුවේ ඒවා වලට යන දුප්පත් යට කෙල වෙනවා කියල..මේ දෙක කොහොමද එකට වෙන්නේ.. එක්කෝ බාලය නැත්නම් හොඳය්. එක්කෝ ඔහේ දන්නේ නෑ තමන් කියන්නේ මොකක්ද කියල...නැත්නම් ලියන එක කියවල බලන්නේ නෑ.
    පොඩ්ඩක් තමන් ට්ය්පේ කරන්නේ මොකක්ද කියල බලන්න..

    @ මොරටු ශිෂ්‍යයා : මේ private කැම්පස් වලින් නිදහස් අද්යපනයට හරි දුප්පත් ළමයින්ට හරි.. කිසිම හානියක් බලපෑමක් නෑ..(මට පෙන විදියට) නිකන් බොරුවට බයවෙලා නින්ද නැති කරගන්න එපා..ආණ්ඩුව මේ යුඉනි වලට නිකන් සල්ලි දෙන්නේ නෑ. (ඔය මොනවා අහල තිබ්බත්) දෙන්නේ නය හෝ පිළිගනිම පමණි.. ලංකාවේ කට්ටියට නම් සහන දෙවි..(අර ලඟදි මාලඹේ මේකටත් දුන්නේ නය සහනයක් )
    මේකේ ප්‍රදාන අරමුණ ඉගෙන ගන්න පිටරට මිනිස්සු යන එක නතර කරලා..ඒ සල්ලි පිටවෙන එක නවත්වල...අද්‍යාපනය competitive industry එකක් කරන එක. මේ ආණ්ඩුවේ කැම්පස් අතර කිසි තරඟයක් නැති හින්ද කිසි වග තුවක් නෑ. standards බලන්නේ නෑ. හොඳ lecturerla එන්නෙත් නෑ. මොකද පඩි නෑ. facilities නෑ. ඒවගේම ඉගෙන ගන්න රට යන කට්ටිය අපහු එන්නෙත් නෑ.(බුද්දීගලනය) ඒ වගේ අරමුණු ගොඩක්
    තියාගෙන කරන වැඩක් මේක..නිකන් මේ ඔය මේ කට්ටිය දෙස බාන මෝඩ ප්‍රලාප නිසා නෙවේ..(අද්‍යාපනය විකුණා කෑම) මේ දියුණු රටවල් ආදර්ශයට අරගෙන අද්යාපන රටාවේ වෙනසක් ඇති කරන්න යන්නේ..මොකද ඉස්සරහට යන්න..එක කරන්න කලින් පිස්සෝ වගේ කගහල මෝඩ කතා කියා කියා පිස්සු අරගල කලට කාටවත් වැඩක් නෑ...

    ReplyDelete
  26. @ dannapala:අංකල් වැස්සට නෙමෙ, කැම්පස් එකක් දැකලවත් නති කෙනෙක් නෙ, ඕක කියන්න ලැජ්ජ වෙන්න එප. අනික තමන්ට 3A ගන්න බැරි උනාට අනිත් අයට ඉරිසියා කරන්න එපා,

    අයෙ try එකක් දාල බලන්න. අනික අංකල් අපි මේ මෙච්චර කෑ ගහන්නෙ අපි වෙනුවෙන් නෙමෙ. අංකල්ලගෙ දරුවො වෙනුවෙන්. මොකද අපිට වලින් කිසි අවුලක් නෑ. ඒත් තව අවුරුදු 4,5කින් වෙන මල්ලිල, නන්ගිලට තමා මෙ අධ්යාපනය විකුනන්න හදන එකේ රඟේ දැනෙන්නෙ.
    කොහොමත් මේ ගැන බුද්දිමත්ව හිතුවොත් විතරයි private uni වල අගුන තෙරෙන්නෙ. අනුවන විදිහට බලපු අය තමයි ගිරිය පුප්පන් කෑ ගහන්නෙ බොරුවට.(අංකල් වගෙ මොලේ අඩු අය)

    ReplyDelete
  27. අනේ අපේ දරුවෝ වෙනුවෙන් දුක් උහුලන මහත්තුරු
    මමත් අවුරුදු විස්සක් තිස්සේ සුපවය්සොර් කම් කොරනවා මිසක්ක එතනින් උඩට යනවා බොරු හැමදාමත් ඔය මහත්තන්ලගේ පරපුරේ කට්ටිය ඒකට වැට බැඳලා
    ඇත්තටම ඔය ඉංජිනේරු කොමට උපාදියක් ඕනෙමද ?
    mama suppa

    ReplyDelete
  28. ලිපියට 100% ක් එකගයි.....සමහරැ කියනවා sllit අරවා මෙවායේ ඉංජිනේරැ උපාධි ගැන ..........ඒත් කෝ සල්ලි!!!!! පොඩිඩක් හොයලා බලන්න අද ඉංජිනේරැ පීඨයට යන්න බැරැවුණු කී දෙනෙක් නැවත විභාග වලට මුණ දෙනවද කියලා.... හරි ඔය සම හරක් කියලා තිබිබ විදියට පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිබ නමි ඕවාට ගොඩක් යයිද? නැත්නමි නැවත විභාගය නැවත කරයිද? නෑ 80% කටවත් ලක්ෂ 20-30 ක් වියදමි කරලා ඔවාට යන්න සල්ලි නැහැ කියන කටුක සත්‍යය අපි පිළිගන්න ඔනා.... අද පරපුර නෙවෙයි අනාගතය ගැනයි අපි හිතන්න ඔනා........අද මොරටුවෙ උපාධියට වඩා ලංකාවෙ වෙන පිළිගන්න හොදයැයි සමිමත ඉංජිනේරැ උපාධි තියෙනවද??? නෑ නෙ නේද!! ඒ නිසාA 3 ක්A 2යිB 1 ක් A1 යි B2ක් අරන් රජයේ විශ්ව විද්‍යාලවලට (මොරටුවම කියමුකො) ආපු අයව අවතක් සේරැ කරන්නත් එපා...........
    අදටත් ලංකාවෙ විශ්ව විද්‍යාල අතර මුල් තැන ගන්න මොරටුවෙ අයට පුලුවන් වෙලා තියෙන්නෙ අවශ්‍ය වෙලාවට කතාකරලා අනිත් වෙලාවට නිහඩ වෙලා තමන්ගෙ වැඩත් කරගෙන යන නිසා.........
    cheers, 2012 දී දෙවන වරට උසස් පෙළට ගණිත අංශයෙන් මුහුණ දෙන සිසුවෙක්

    ReplyDelete
  29. හැම දේකම දෙපැත්තක් තියනවා. ඒ හින්ද තමන් comment එකක් දාද්දි අනිත් මිනිහට එක බලපාන අන්දම හිතන්න.
    විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ පැත්තෙන් බැලුවොත් මෙම ලිපිය ගැන මම හොඳක් මෙන්ම නරකක්ද දකිනවා.මොකද කියනවානම් තමන්ගේ විශ්වවිද්‍යාලය ගැන අනාගතය දකින කෙනෙකුට හැමවෙලාවෙම හිතෙන්නේ private uni ගැන නරක පත්ත විතරයි. නමුත් ඇත්තම මේවයේ හොඳ පැත්තකුත් තියනවා.ඒ හින්ද කව්රුකව්රුත් මේවට මෙහෙම කෑගහල වැඩක් නෑ. රජයට 2/3 බලයක් තියනවා. ඒ හින්ද අනිවා private uni පනත සම්මත වෙනවා.දැන් කාට කාටත් කරන්න තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල ගුණාත්මක කම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන එක.

    ReplyDelete
  30. I graduated from mora in 2005, and I must say the content of this blog is nothing like the core belief of the mora uni I went to. It was never anti private (company, university etc) more towards enterprenurship than anything. Either the JVP has hijacked the Union (in our days we fought very hard to keep those goons out) or this is a fake blog not the official union blog.

    Computer department (I was a student of) never had enough lectures from it's inception but we always had visiting lectures from industry and lectures in the department also did their private work as consultants (this is common among all department lectures) on private companies.

    If this is the real mora uni opinion all I can say is God Help this country (ratta deyangema pihitai)

    ReplyDelete
  31. @anonymous - yes ,of course a year ago the general opinion of EFSU was a rather neutral one. now it's changing into a political outfit which many of the university students have no say about. Now they are periodically posting these kind of anti-governmental and anti - private posts which are not general student opinion but post them as they are. I think EFSU should become as it was before and do things wisely not like other students unions. I don't see any wise,knowledgeable article in this blog only biased,silly,idiotic posts which take readers to no where.
    As a moratuwa student i feel like EFSU is distancing itself from students falling pray to politics.

    ReplyDelete
  32. මේ ලජ්ජා නැති එවුන්ගේ මෝඩ පොස්ට් දන එක නවත් වන්න. මැදහත් අදහස් තියෙන හොඳ තර්ක හා කරුණු පදනම් කරගත් ඒවා දාන්න. උගත් පුද්ගලයෝ හැටියට වැඩ කරන්න.මේක ඉන්ජිනියර්ස්ලට නින්දාවක්!

    ReplyDelete
  33. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මතය අප ඉදිරියේදී ඔබ සඳහා ගෙන එනවා. මෙම බ්ලොග් පිටුව අප සකසා ඇත්තේ ඉංජිනේරු ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අදහස් පළකිරීම සඳහායි. එබැවින් යම්කිසි අදහසක් පළවූ සැනින් ඉංජිනේරු පීඨයටත්, සමස්ට විශ්වවිද්‍යාලයටත් නිගරු කිරීමෙන් වළකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
    This is the Official blog of the Engineering Faculty Students' Union University of Moratuwa.

    With Regards,
    Administrator.....

    ReplyDelete
  34. ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ පොඩි උන්ටික විශ්වවිද්‍යාලයකට යවා ගන්න බරි වෙන දවසක් එනවා.එතකන් මහරජාගේ ආණ්ඩුවේ පම්පෝරිවලට යට වෙලා ආතල් එකේ ඉන්න.

    ReplyDelete
    Replies
    1. yes....this is miracle of Asia....

      Delete
  35. මේ ගැන මගේ අදහස

    http://blogvicharaka.blogspot.com/2011/12/blog-post.html

    -විවේචන-

    ReplyDelete
  36. this is totally shit ....... time wasting

    ReplyDelete
  37. @danapala uncle:
    pandithayo 100 ekka wada karala dinuwath 1 modayek ekka wada karala dinanna belu. Sorry uncleta modaya kiyanna unata. :D

    ReplyDelete
  38. දැන් පදුරකට පයින් ගැහුවත් Software Engineer ලා හැට හැත්තෑවක් විසි වෙනවා ඔය ප්‍රයිවට් කැම්පස් වලින් එළියට දක්කපු , ඇති වැඩක් තියේද ? රට ගැන ආදරයත් තියෙන්නෙ රටට වැඩක් කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙනගත්ත එවුන්ට තමා , අම්මගෙ තාත්තගේ සල්ලි කාබාසිනියා කරලා ප්‍රයිවට් කැම්පස් ගානෙ ගියපු එවුන් හදන්නෙ මිනිස්සුන්ව හූරං කාලා හරි ඒවා ආයි හම්බකරන්න , මොරටු කොල්ලොනුත් මේකෙදි අනික් විශ්වවිද්‍යාල වල මතයත් එක්ක එකට ඉන්නවා කියලා දැනගන්නත් සතුටුයි. ජය වේවා !

    ReplyDelete
  39. Agreed! This dannapala is a crazy stupid hypocrite just like SB and Bandula! Looking at their comments on public channels, can you seriously believe that those goons would take up any responsibility at all? Do you believe that? and Why don't you people understand that what government should do is improve the infrastructure of the state universities to accommodate more and more students instead of trying to bring private universities? Did you know that all the state universities in Sri Lanka can accommodate more students if there are sufficient infrastructure? Did you know that the lecturers are willing to make the dedication to teach all these extra students who would come if there was the necessary infrastructure? Did you know that the places like Rajarata university heavily lacks infrastructure? [Who is responsible for all those people then? Why wouldn't the government look into that instead of this?]
    Don't fool yourself dannapala! You are the one who knows nothing about SL! How much money is spent on this corrupt politicians and how many students can obtain quality education from that money if it were to be used in a good sense? And you say you've been to government school + uni! Well shame on yourself because your just a selfish jerk! Otherwise you won't act like you have no reprehensibility towards the system that let you learn for free! For us, we can surely say we are better because if you don't know, we don't only protest, instead we actively work towards harmony in education! We go to rural places and teach those students, we try to give them scholarships, we encourage students to stay with us at the hostels sometimes to learn and study for their A/Ls in case they can't spend money on tuition classes! We contribute material aids to them like stationary! We do all that and what do you do? Tell me what you've done to show your gratitude to the system that has made you who you are today?

    ReplyDelete
  40. @ dannapala

    යකෝ ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. මෙහෙම කියනවට සමාවෙයන්. අනේ තෝව හැදිගෑවිලාම ගිහිල්ලා මහමගට වැටියන් . ආණ්ඩුවෙ කැම්පස් නැත්තටම නැති වෙලා ප්‍රයිවට් ඒවම හැදීයන් . මගෙ පුතා කොච්චර දස්ස උනත් කෝටි ගණන් වියදම් කරලා මුන්ව මං කොහොම විස්ස විජ්ජාලේ යවන්නද කියලා හූල්ලන්න වෙයන් තොට. එතකොටවත් තොගෙ ඔය බූරූ මොළෙට මේවා තේරෙයි නේ යකෝ තොපේ අම්මා අපුච්චා තොට මසුරං හොයලා ඉදා කියලා දුන්නට ලංකාවෙ බහුතරේකට එහෙම බෑ බොල , උන් ගැනත් හිතපං බූරු උළමා ! ඔය ඉරිසියාව අතෑරගනින්

    ReplyDelete
  41. තොපිට ඉරිසියාද අපිත් උපාධියක් ගත්තම. යකෝ ඒ ලෙවල් පාස්වුන වුන්ගෙන් 1%යි කැම්පස් යන්නේ. ඉතුරු 99%ට මුට්ටා කරගහන්නද තොපි කියන්නෙ.

    හිතපියවු තොපි කැම්පස් තේරුනේ නෑ කියලා. එදාටත් තොපි කියනවද පුද්ගලික එව්වා එපා කියලා. එතකොට තොපි බාන්නෙත් මොකක් හරි මගුලකට පැනලා සහතික කෑල්ලක් එල්ලා ගන්නනෙ.

    කැම්පස් වල ඉන්නෙ හොඳට ඒ ලෙවල් පාස් වෙච්ච උන්. ඒත් මොලකාරයෝ නෑ. ගොඩක් උන් ගිරවු. කට පාඩම් කරන එවුන් කැම්පස් යනවා. මොලේ තියන වුන් ගෙවල්වල.

    උඹලා ඕවල කරන්නෙත් ඕකමනෙ. පිස්සු කෙලලා කෙලලා විභාගෙ ලංවෙද්දී කට පාඩම් කරනවා නැත්නම් වෙන එකෙක්ගෙන් අහගන්නවා. අනික ගුරුවරුන්ට දෙන උන්ට ඔය දෙකම නැතත් ලකුණු ලැබෙනවා. ඉතින් මේ ගිරා පැටවුන්ට කොහෙන්ද මොලයක්. මොන සහතිකේ තිබ්බත් වැඩක් කොරගන්න බෑ.

    මොලේ තියෙන ගිරවා දාන්න බැරිවුන් කොහේහරි කැම්පස් එකකින් සහතිකක් ගන්නවාට මුන් බයයි. මොකද උන්ගේ සහතිකේ බාල වුනත් මොලෙන් වැඩ දාලා මුන්ට වඩා ඉස්සරහට යයි කියලා. ඕකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතාගෙන ඉඳපන්

      Delete
  42. @don paul :මම ටයිප් කරන්නේ මොනවද කියලා දැනගෙනයි ටයිප් කලේ...වැරදියට තේරුම් ගත්තානම් ආයෙ කියවන්න.

    තත්වය බාල නිසා පු.වි.වි. යන්නෙ නෑ කිව්වෙ කැම්පස් තේරුනු සල්ලිත් තියෙන වුන්. එහෙම කිව්වෙ සල්ලි තියෙන රිසල්ට් තියෙන උන් පු.වි.වි. යයි එතකොට දුප්පත් ලමයිට රජයේ වි.වි. යන්න පුලුවන් කියලා එක්කෙනෙක් කියපු නිසා.

    පු.වි.වි. වල යන වුන්ට සුදුසුකම් වැඩී කිව්වෙ Z යන්තමින් මදිවෙලා කැම්පස් නොතේරුන පු.වි.වි යන්න සල්ලිත් නැති උන්ට සාපේක්ශව..

    ReplyDelete
  43. @ ග්‍රැජුවේට් වෙච්ච ඇනෝනිමස් උන්නැහේ

    හෙහ් හෙහ් ලොක්කා දැං අවුට් නෙ නෙහ් ලොල් . මචෝ මෙතනදි සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයොම ඉන්නෙ මේ මතයෙ .ඒ හින්දා ලිපියෙ වැරැද්දක් තියෙනවා නම් ඒක පෙන්නලා දෙන්න ජේවීපී ලේබල් අලවන්න හදන්න එපා

    ReplyDelete
  44. සමාවෙන්න නොදන්න කමටයි අහන්නේ...බොහොමයක් පෞද්ගලික උපාධි කඩවල්වල උගන්වන්නේ ආණ්ඩුවේ එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනය ලබාදෙන විශ්ව විශ්ව විද්‍යාලවලින් (මොරටුව පේරාදෙනිය කොළඹ වගේ) උපාධි, පශ්චාත් උපාධි ලබාගත්ත ගුරුවරුන් විසින්. එහෙම නම් කොහොමද ඒ කඩවල් වලින් දෙන අධ්‍යාපනය එහෙම නැත්නම් ඒවයින් ඉගෙනගෙන එන අය බාල වෙන්නේ??

    ReplyDelete
  45. මොරටුව campus එකේ සිසුන්ට මේ කියන්නේ, උබල ඉගෙන ගන්න දේවල් හොයා ගත්තේ මොරටුව campus එකෙන් වත්, ලංකාවේ කෙනෙක් වත් නෙවෙයි, එක නිසා උබල කොහොමද කියන්නේ අද්‍යාපනය ලබන්න ඕනි උබලට ඕනි එවුන් විතරයි කියල. තමන් කැමති නම් අද්‍යාපනය ලබන්න ඕනි කෙනෙක්ට අය්තියක් තියනවා, A /L ලකුණු එකට බලපාන්නේ නැ. මතක තියාගත්තොත් හොදයි, මේලෝකේ වෙනස් කලේ ඉස්කොලේවත් හරියට ගිය නැති මිනිස්සු කියල.

    ReplyDelete
  46. උ.පෙ විභාගයෙන් උඩම rank එකක් ගන්නේ තීරනාත්මක විශය වන රසායන විදයාවට වැඩියෙන් ගන්න අය.(z score එක අනුව). ගනිතයෙන් කොතරම් දක්ශයෙක් වුවත් වි.වි නොගොස් බොහෝ විට තම ජීවිතයේ කිසිදා අවශය නොවන chemistry වලට දක්ශ ලමයෙක් වි.වි යා හැකිය. එමගින් වි.වි යාමට නොහැකි වූ ලමයා මෝඩයෙක් වශයෙන් ගනන් නොගත යුතුය.

    ReplyDelete
    Replies
    1. වැරදි කතාවකි...Z-score එකට වැඩිපුර බලපාන්නේ අදාල අවුරුද්දේ ලකුණු වැඩි පරාසයක විසිරුනු විෂය...

      Delete
  47. aanduwa private wishwawidayala patan gannawa kiyanne ewa anumatha karana ekata witharane. un kamathi deyak hadapu den, yana aya giyapu den, dan oya colombo campus eke bahira upadi denne. kattiya ewa karanawa neda? umbala witharak newe apith igena ganna one. apita yanna campus lankawe nathi wunoth pitarata yanna wenawa. me private ewa athikaranne yanna puluwan ewunta yanna. umbala ewata bada nokara hitapalla. ay umbalata ochchara irisiya api campus yana eka gana. apita echchara salli na. eth ape demaupiyo apita ugannanna sesathama hari wiyadam karay. umbala karadara novi indapalla. meken ara ahinsaka lamainta adyapanaya nathi wenne na. apita campus yanna puluwan wena eka witharay wenne.

    ReplyDelete
  48. ඔය a -ලෙවෙල් තරඟෙට මුණ දෙන්න බැරිවුණා අයට, රැග් නිසා කැම්පස් නොයන අයට , වෙන හොන්ද කැම්පස් එකකට යන්න ඕනේ කෙනෙකුට යන්න ආණ්ඩුවට අමතරව මොකක් හරි කැම්පස් එකක් තිබ්බොත් හොඳයි නේද? ඔය බහුබූත කතා (නිදහස් අධ්‍යාපනය නැතිවෙන කතා වැඩක් නෑ) මෙකය් ගැටලුව. ලංකාවේ 1% විතරද කැම්පස් යන්න ඕනේ? මේ උසස් අද්‍යාපනය බාලාංශ අද්‍යාපනය වගේ නෙවේ. එකේ වුර්තීය සුදුසු කමක්. ඉතින් එකට වියදම් කරන්න වෙනවා (ආණ්ඩුව හෝ අපි ) එකයි බොහෝ රටවල් වල බාලාංශ අද්‍යාපනය නිකන් එත් කැම්පස් එහෙම නෑ. කොරියාවේ කැම්පස් යන එවුන් 90% ගානක්. අපි අවුරුදු 50 ක් ගියත් 1% ය්. 90% ක් යන්න තව 50*90 . අවුරුදු 4500 විතර යාවි (:D) එක නිසා තව ටික දෙනෙකුට හරි යන්න. මොකක් හරි කැම්පස් එකක් තිබ්බොත් හොඳයි නේද? ඕව හොඳ නැති වෙයි බල වෙයි කතා වැඩක් නෑ. ඒවා උන් බලා ගනී. හොඳ නම් ළමයි යයි. එක නිසා මුකුත් වෙන්න කලින් මුකුත් කියන්න බෑ.

    ReplyDelete
  49. මචෝ කේස් එක මෙහෙමය,උබට අනුව පැය තුනේ කොලේ ඉහලින් පාස් නොවුනු අප මොඩයින්ය, එහෙත් අප වැනි මොඩයින්ද ඉගෙනීමට ආසය,එය මුදල් දී වුවද කම් නැත,රජයේ කැම්පස් වලට යන්නෝ පමනක් බුද්දිමතුන් වේ නම් අයිසෙක් නිව්ටන් වැන්නවුන්ද උබලා විසින් අපව හදුන්වන මෝඩ ගනයට වැටෙති,උබලාගේ මිනුම් දන්ඩ නම් ෆටේ ෆට්ටය,මොලේ තරම පැය තුනක කොල කෑල්ලකින් මනින තොපලාගේ මොල ගෙඩි වල තරම පිලිබදව අපිට නිගමනයක් ගත හැකිය,රජයේ කැම්පස් වල විභාහග ෆේල් වේවී අවුරුදු ගනන් එක තැන පල් වෙන අයියලා ගැන අපි අසා ඇත්තෙමු,එසේනම් ඒ ද උබලාට අනුව පැය තුනේ කොලය ඉහලින් පාස් වුන පට්ට මොල කාරයින්ය.
    ප්‍රයිවට් කැම්පස් වලට ඇතුලු වන සෑම බුවෙක් සහ බුවියක්ම උපාධිය ලැබීමට තරම් වාසනාවන්ත නොවෙයි,බුල කෙලින ඩයල් ටික පලවෙනි අවුරුද්දේම නිකන්ම හැලී යයි.
    සදාදර මචෝ උබ දැන ගත යුතු දෙයක් ඇත ඒ නම් අපගේ ප්‍රියිවට් කැම්පස් වලද පට්ට මොල ගෙඩි තිබෙන උන් ඇත,උන් පිකටින් කරන්නේ නැත අලුතෙන් එන කොල්ලො කෙල්ලන්ට දස වද දී ආතල් ගන්නේද නැත,උන් සමාජ සේවයට කැප වීමත් මා පුද්ගලිකවම අත්විද ඇත,අවශ්‍ය නම් උදාහරණද සැපයිය හැකිය,එහෙත් ඒ සියල්ල මාධ්‍ය වල පල නොවිනියැයි මාධ්‍යට ගතු කියන්නේ ද නැත.උන් අවුරුදු පහ හය අල වෙවී නොඉද අවුරුදු හතරකින් පිටවී යයි.
    අවසාන වශයෙන් මචන් යමක් මතක් කර දීමට කැමත්තෙමි එය නම් උබ මෙන් මාද දන්නා පරම සත්‍යක් ඇත,ඒ නම් රැකියාව ලැබෙන්නේ සහතිකේට නොව දක්ෂයාටය

    ReplyDelete
  50. """Z Score දශමයක්, දෙකක් මදිවූ දක්ෂ සිසුන්ට මුදල් නැතිනම් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන නිසා
    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමේ එකම සුදුසුකම උපාධියකට නියම කර ඇති මිළ මිස Z Score එක නොවේ. එසේනම් මුදල් ඇති සුළු පිරිසකට උපාධි ඕන තරම් වෙන්දේසි විම නුදුරු අනාගතයේදී ඇරඹේවි. මෙසේ උපාධිය මුදල් මත තීරණය කිරීම , Z Score එක සුළුවශයෙන් මදිවූ දුප්පත් බහුතර ශිෂ්‍ය ප්‍රජාවට කරන්නාවූ බලවත් අසාධාරණයකි.""""

    ඕය්! මේක බලවත් අසාධාරණයක් නෙවේ.. මේ ලෝකේ හැටි.. රිසල්ට් තිබ්බට මදි සල්ලිත් තියෙන්න ඕනේ. නැත්නම් ජනතාවගේ බදු මුදලින් ගෙවන්න ඕනේ! ගොන් තර්කයක්! පෙන්නේ නැද්ද උපාධිය තීරණය වෙලා තියෙන්නේ එකකින් නෙවේ දෙකෙන්ම කියල. ඉතින් ... ඔය හතු පිපෙනවා වගේ කඩ වැටෙයි. ඉතින්.. හොඳ නැත්නම් මිනිස්සු යන එකක් නෑ. ඒවා හදන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් නෙවේ. ඉතින් තමුසෙට තියෙන රුදාව මොකක්ද? ඉරිසියාව ඇර? ඔය කැම්පස් හොඳ නම් මැට්ටෝ ගන්න එකක් නෑ. ඒගොල්ලොත් සුදුසුකම් දායි ඔය හැම පිටරට යුනිවර්සිටි වගේ. තමුසේ කඩ නැවත වන්න ගිහිල්ල හොඳ යුනිවසිටි එකක් ලංකාවේ පටන් ගන්න එකත් නැති වෙනවා...

    ReplyDelete
  51. යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    ReplyDelete
  52. This comment has been removed by the author.

    ReplyDelete
  53. makai.oya upadi gatta mahatturu (Mahath horu) Ma ratagana kakkumakin wadakarala tiyanawanum maka usa walata wada diunu karanna puluwan dakshatha tiyana minissu inna ratak. ath ada apita itiriwala tiyanna hoda ugath upadi kara mahatturu nonalaga modawada nisa duk widinna.aka marata tiyana wirakiyawa taruna asahanaya waga da walin panawa.anithaka.oya mahaturu upadiyak aran aut wanakota oyalata job danna company polima innawa.obatumala kiyapu widihata usa wala unath a tathwa tiyanawa.atakota ARA KAMPAS AKATA YANNA BARI WACCHA A/L PASS ASARANAYO TIKATA MOKADA WANNA.A/L pass wala rassawak hoyanna giyahama tamai aka duka danna.api oyagollanta asadaranayak wanawanum akata akamati mokada oyagollan ma rata ugathma pirisak. ath matatiyana prasna aye marata ugath minissu wadi wanawata wirudda wala tamanga garuthwaya pawaladila handi gana pansal gana adara akatu karakara kola bada bada nugath kama pradarshanaya karanna.oyagollonta witharada hoda rassawak hoda Padiyaka awashatawaya tiyanna.iganaganna asa iganaganna daksha idiriyata anna utsaha karana tawath pirisakaga anagathaya winasa karanna occara oyagollanta tiyana amaruwa mokakda.
    IF INYBODY CAN PLZ TRANSLATE THIS ARTICLE TO SINHALA AND REPUBLISH IT
    THANKS

    ReplyDelete
  54. අනේ මන්ද .... බලමුකෝ අවුට් උනාම.. අවුට් වෙන උන්ට වැඩ බැරි නම් සොරි ඩොට් චොම්.
    එත් වැඩ පුළුවන් නම් කතාව වෙනස් වෙයි. කොහොම හරි මොන මගුලෙන් හරි ඕන සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න නේ. උපාධි කොළ කෑල්ලකට හැකියාව ලැබෙන්නේ නේ නේ. ඔතන අපිට බොරුවට කැ ගහන්න දෙයක් නැ නේ බන්. උන්ගේ ඉරණම උන්ගේ අතේ මේ ජේ වී පි උන්ට වෙන වැඩක් නැති නිසා උන් ගන්න ආතල් ඒක උන්ට ගන්න දෙන්න. අපි පාඩුවේ ඉමු . මොන මගුලෙන් හරි කොල්ලෙක්ට හරියනවා නම් එච්චරයි උන්ට උදව් කරන ඒක මිසක් කෙලවන හැටි හිතල වැඩක් නැ නේ බන්. කොළ කෑල්ලකට මිනිහෙක් ඉංජිනේරුවෙක් කරන්න බැරි බව ඕන එකෙක් දන්නවා නේ. ඉතින් මොකට කලබල වෙනවද ...

    ReplyDelete
  55. මෝඩයො වගේ එක එක ප්‍රකාශ කරන් නැතුව පොඩ්ඩක් හොයල බලන්ඩ ඔය private campus වලට ඔයාලගෙ පුතාව දුවව නංගිව මල්ලිව යවන්ඩ ලක්ෂ 50 - 60 ක් තියෙනවද කියල. නැත්නම් අම්මේ තාත්තෙ අයියේ අක්කේ බොරුවට මිරිගුවකට රැවටෙන්ඩ එපා. නිදහස් අධ්‍යාපනය රැකගන්ඩ උත්සාහ කරන්ඩ. එහෙම කළොත් මේ රටේ දක්ෂ දුප්පත් ළමයින්ට විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්ඩ වාසනව ලැබෙයි. නැත්නම් සල්ලි කාරයන්ගෙ ළමයි විතරක් උසස් අධ්‍යාපනය ලබද්දි ආයෙත් කන්නන්ගර ශ්‍රීමතෙක් පහල වෙනකම් හූල්ල හූල්ල ඉන්ඩ වෙයි.
    by University Undergraduate

    ReplyDelete
  56. Hithan hitiye Moratuwa kiyanne lankawe thiyana hodama Uni eka, ekata yanne sirama mola kaarayo un anith ewunta kelinne nai kiyala. Dan penawa ehema na ogolloth ekai kiyala.

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. Its good to see an open discussion on the topic. It is a known fact that only 2% of the students get selected for the university. The logical point we have to talk about this is what is the need for private universities. Even though we argue there are many private universities and affiliated institutes granting engineering degrees.

    It is true that you are the gifted few. But it doesnt mean that there arent anyone better. There should be an expansion in the education. When you all graduate and when you look forward in to doing a post graduate course no university in the world allows it for free. Even UOM charges around 300,000 LKR for an year.

    The poor cannot afford is not a reason to reduce the education opportunities to the rich. Any parent who does have money will try to provide the best education for their children. The richest will any way find places outside. If the poor cant nor for the RICH is the JVP ideology. As the future engineers its your duty to craft your own vision.

    But there are few things that you should know. All the reputed universities which are affiliations to foreign institutes do quality assurance checks. And if they fail they will withdraw. And form the industry perspective most of them consider the name of the university at the entry point. After that its purely based on talent and attitude.
    And all the top ranking universities (first 200) will not award a degree for money. Specially in engineering and finance. Unless the exams and practicals are witnessed by an appointed professor of the institute.

    On my personal view private universities should be available in sri lanka which are affiliated to highest ranking universities in the world. And there should be a minimum ranking.
    Discounts should be provided based on the A/L results and extra curricular activities.
    The government should appoint a quality assurance committee which contains university lectures for all government universities.
    And I belive as a future engineers you should press the government for a constructive solution.


    Best of luck for all of you

    ReplyDelete
  59. magulak kiyanawa.... modama moda argument tikak... etakota z score 1 point ganakin miss wela campus yanna bari wena salli tiyena unta mokada wenne... unta salli tiyena 1da un karala tiyena wadardda, original arguments gana mama me kata karanne, me ekak wat logical na... im a state uni guy bt i like pvt uni.. apita giya athme tibba pinakata api state uni awa ehema kiyala anit unge igenime right 1 nati karana 1 harida... i just want to sat one thing dnt be selfish bitch

    ReplyDelete
  60. wooww mara suragana kathaawak neee...
    ubala prasna daala ubalama kiyanawaaaa....
    oulak neeee...
    eeth oya prasna walata 180000 k wana apith uththara denna kamathie...

    01.සරසවි ආචාර්යවරුන් රාජ්‍ය සරසවි තුල රඳවා තබා ගත යුතු නිසා
    ookata hoda uththarayak 1 comment ekee thiyanawaaa...
    anika ubala wahee hu... puththu....
    ubalata uganwana lectures lata gahana kotaaaa....
    kauda ban ubala wagee kalakanninta ugannanana kamathie..

    02.Z Score දශමයක්, දෙකක් මදිවූ දක්ෂ සිසුන්ට මුදල් නැතිනම් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන නිසා
    uba dannawaada ee 0.2 nathiuna salli thiyena kollatawath pvt uni nathtam
    egana ganna beriwei kiyalaa.
    .
    EG;->mama SLIIT. mata maths karala "BBC" thiyenawaa.eeth mata yanna onee thanata yanna



    ree 0.2 k madi unaa. mata mahalokuwata salli thiyena ekek nemeee...



    ->mama mata onee salli hoyagaththee private tutions karala...



    http://www.facebook.com/Ha99yCoding



    ->ubalata nikak edagena nikan kanna dena apitada "we...ge" puthee bakal adinnee..



    ->ubala ohee lectures lata gagaha ennakota..



    ->mama mehee tution karala tama fee salli hoyannee hoyanne....



    ->ee salli walin thamaa ubala egana ganneth...



    ->EEE mata salli diela hari eganaganna "SLIIT" pvt uni eka thiyana nisaaa.

    03.රටට අහිමිවන විදේශ විනිමය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුලින් අප රට තුල රඳවා තබා ගත නොහැකි වන නිසා
    ulata wagee gonnunta mama meekata uththada denneee.

    04.නිදහස් අධ්‍යාපනය යනු අපට නොමිලේ ලැබෙන දෙයක් නොවන නිසා
    ahee harakoooo...ubalata kidahas adyapanaya dennae minissun ge badhu walin kiyala ubalama kiyanawaa..
    ee athara mage, magge thaththage , sliit ekee egana ganna hema thaaththaa ekekugeema salli thiyenawaa...
    ubalata egana ganna ubalage amma appa witharak neemee denneeee.
    eeth mata campus yanna bari una kiyala mama badhu nogewa ennee ponn...yooo.

    .
    .
    .
    PS.
    ubalata mee sellama wedi kalayak karanna hamba wenneee.
    kauda ශ්‍රීමතාණන් kaiaya "hu... ge" puthaaa giya thanatama api ubalawath yawanawaa...

    ReplyDelete
  61. @dannapala
    උබේ තියන තර්ක කියවනකොට උබ ගැන ඇත්තටම දුකයි...උබේ වචන දැක්කම හිතාගන්න පුළුවන් උබේ මානසික තත්වය...උබට උත්තර දෙන ඒකත් තේරුමක් නැ.උබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරකෙක්.උබට මේ පේලි 2 විතරයි.


    ..ඒත් මේක බලන අනිත් එවුන් නිසා කියන්නේ.
    .
    .
    .

    අපි තව අවුරුද්දකින් 2 කින් ඉන්ජෝ වෙලා එලට ඉන්න පුළුවන්.ඒත් මේ අපේ කාලේ කාගෙන කෑ ගහන්නේ අපි වෙනුවෙන් නොවන බව,හොදට මතක තියාගනින්...අපි නිදහස් අධ්‍යාපනයෙන් දෙයක් ගත්තා...ඒ දේ ඉස්සරහට campus එන...පාරේ සපත්තු හදන අම්මගේ තාත්තාගේ ළමයත් ලබන්න ඕනි.අපිට ඒ ළමයත් අපේ තැනට එනවා කියල කිසිම ඉරිසියාවක් නැ...ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක නැ.මුන් හැමදාම හදන්නේ හැමදේකින්ම ලබා ලබන්න...නියම ලිපියක් මේකෙ.කියන්න හුහ්ගක් දේවල් හිතෙනවා...තව ඕන තරම් තර්ක මෙතන කියන්න පුළුවන්,මම හිතන්නේ ඒවා මේකේ ඕනෑවටත් වැඩිය තියනවා කියල හිතෙනවා.සමාජයේ විවිද මට්ටම වල ඉන්න අය එක එක විදියට හිතනවා මේ ගැන.කියනව වගේ දේවල් බලපොරෝතුවෙන් නෙවේ ආණ්ඩුව pvt university දාන්න හදන්නේ කියල sb මොඩය කතා කරන වචනයක ගානේ තේරෙනවා.තේරෙනත්තම් උ මෝඩයෙක්...තවත් Gov Engineering Faculty හදල තියන ඒවා වල අඩුපාඩු හදල.ඒවා පටන් ගන්න හදනවා නම් කමක් නැ කියල කියන්නවත් පුළුවන්...අපි දන්නවා Rank වල අපිට පොඩ්ඩක් අඩුවෙන් හිටිය කියල උ මෝඩයෙක් නෙවේ කියල උත එන්න ඕනි අපේ තැනට අපි අපු විදිහට උ සල්ලි වියදම් කරලා ඒ තැනට එනවා නම් එක උට වෙන අසාදාරනයක්...ඒ නිසා උනුත් මේක තේරුම ගන්න ඕනි.කියන්නේ මොකද කියල.නිකන් ඉරිසියාවේ කැ ගහනවා නෙමේ කියලා...අපි ඔක්කොම එකට හිටපු එවුන්...ලංකාවේ හැම දෙකම හුගක් වැරදි තියනවා.වැරදි හදාගන්න බැරි විදිහට මේවා පාලනය කරන එවුන් රට ඒ තත්වෙට ගෙනත් තියෙන්නේ.අපි අපි මරාගන්නේ නැතුව රටට අපේ අධ්‍යාපන ක්‍රමයට හොද දෙයක් කරමු...

    මොටටුවේ ඉන්ජෝත් මෙහෙම හිතන කියල දැනගත්තම සතුටුයි...ජය වේවා...!!!
    --රුහුණේ ඉන්ජෙක්--

    ReplyDelete
    Replies
    1. පිනට කන කැරි බල්ල

      Delete
  62. මාත් ලක්ශ 70ක් දීලා උපාධියක් ගන්න ඕනි.

    ReplyDelete
  63. 5 ශිෂ්‍යත්ව විබාගෙට සතියකට කලින් ටියුශන් තහනම් කරනව පේපර් අවුට් වෙනවට විසඳුමක් විදියට.ඔන්න ඕකයි අපෙ රටේ අද්‍යාපන අමාත්‍යංශෙ තත්වෙ.ඉතිං ප්‍රයිවෙට් කැම්පස් නියාමනය ගැන කවර කතාද ? තව කොමිස් කුට්ටි ලොක්කන්ගෙ සාක්කුවට වැටෙනකොට බලාගන්න පුලුවන් නිදහස් අද්‍යාපනේට කෙලවන්නෙ කොහොමද කියල.රටේ මිනිස්සු බහුතරය දුප්පත්.තමුන්ට කෙලවෙනව කියල දැනීමක්වත් උන්ට නෑ.උසස් අද්‍යාපන ඇමතිට ඉන්නෙ ගොංතඩියෙක්

    ReplyDelete