ගොඩක් අය කැමති නෑ මේ කාලෙට යන්න... ඒත් ඉතින් මං නං කැමතිම දෙසැම්බර් ජනවාරි වගේ කාලෙට නුවරඑළි යන්න.
සීතල මීදුම වැස්ස ලස්සන මේ ඔක්කෝම අඩුවක් නැතුව විඳගන්න පුළුවන්.
වැඩිය කවුරුත් යන්න අකමැති හින්දම කිසි කරදරයක් නැතුව හැම තැනම යන්නත් පුළුවන්. සමහර කාලවල් වලට නං හෝටන් තැන්න එහෙම පිටකොටුව වගේ.. වාහන පිරිලා.... මිනිස්සු පිරිලා... ගන්න දෙයක් නෑ.
මේ ගමන යන්න ගිහින් තමා අතරමඟදි අපිට අර යතුරෙ සීන් එක එහෙම වුණේ. ඒක බලනවනං මෙන්නපාර.
අවිස්සාවේල්ල හැටන් හරහා කෙලින්ම අපේ නවාතැන වුණේ අඹේවෙල. නුවරඑළියටත් වඩා සීතල එළවළු වතු පිරිච්ච ලස්සනම පළාත.
මෙහෙ තියෙනවා ගුවන්විදුලි සංස්ථාවෙ නිවාඩු නිකේතනය.
ඕනෙ කෙනෙකුට වෙන් කරවා ගන්න පුළුවන්. ගණනුත් බොහොම සාධාරණයි. මෙන්න මෙතනින් වැඩි විස්තර මිළගණන් ඇතුවම බලාගන්න පුළුවන්.
යන ගමනෙදි ලස්සන දිය ඇළි දෙකක් බලාගෙනමයි ගියෙ. එකක් සෙන්ට් ක්ලෙයාර්. මේක බලන්න වෙන්නෙ තව ටික දවසයි.
ඉහළ කොත්මලේ හැදුවායින් පස්සෙ පැය දෙකකට වතාවක් පැය බාගයකට වතුර එවනවයි කියලයි දැනට නං ආරංචිය.
අනිත් ඇල්ල තමා ඩෙවෝන්. මේකට නං කරදරයක් වෙන්නෙ නැද්ද කොහෙද. හරියටම නං දන්නෑ ඕං.
මේවත් බලාගෙන හවස දෙක තුන වෙනකොට අපි අඹේවෙලට සේන්දු වුණා. හීතල නං කියල වැඩක් නෑ. ඒ වගේමයි ලොකු පිණි කැට එක්ක එන හුළඟ. කැමරාව එළියට ගත්ත ගමන් ඉවරයි.
බොහොම අමාරුවෙන් මේ ෆොටෝ දෙක තුන ගත්තෙත්.
ගෝවා..
කැරට්
එළවළු නං මෙහෙත් මාර ගණන්.
අපිව දැක්ක ගමන් දෙතුන් ගුණයක් ගාණ වැඩිවුණා වගේ හැබැයි මට නං තේරුණේ. පොඩ්ඩක් ඇවිදලා කැරට් ගෝවා ටිකක් එහෙම අරං අපි ආපහු නවාතැනට ආවා. මෙතන 12 කට නවාතැන් ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. කෑම උයාගන්නවනං ඒකටත් පහසුකම්. උයන්න කැමති නැත්තං ඔරිජිනල් කෝකියෙක් හොයාගන්නත් පුළුවන්. අපිනං කළේ ඒක.
පළවෙනි දවසෙ වෙන මුකුත් කරන්න හම්බවුණේ නෑ, සීතල විඳ විඳ හිටියා මිසක්. ඊළඟ දවසෙ උදෙන්ම ගියා නවසීලන්ත ගොවිපළ බලන්න. මේං ෆොටෝ.
ඊට පස්සෙ කෙලින්ම හෝටන් තැන්නට.
කතාකරල වැඩක් නෑ. පුදුම ලස්සනක්. ඔහොම මෙහෙම ඉන්න අය පේන්නෙත් නැති තරමටම මීදුම.
බේකර්ස් ඇල්ලට යනකන්ම වරින් වර වැස්ස. ආ... ඊට කලින් පෙන්නන්න ඕනෙ මෙයාව.
පාරත් මඩවෙලා හොඳටෝම... ලිස්සනවා.. පරිස්සමෙන් අඩිය තිබ්බෙ නැත්තං මඩ නාන්නයි වෙන්නෙ.
ඇල්ලෙත් වතුර උපරිමේටම.
හැබැයි එතන ඉඳන් ලෝකාන්තය පැත්තට එනකොට කාලගුණය වෙනස් වෙන බව බොහොම වේගයෙන් අපිට දැනුණා.
ඒවගේම ලොකාන්තයෙන් පහල කිසි අවහිරයක් නැතුවම බලාගන්නත් ලැබුණා. ඔය පහලින් පේන්නෙ හපුතලේ.
ලෝකාන්තෙ බලල එතනිං පුංචි ලෝකාන්තෙත් බලල ආපහු එනකොට නැවතත් අර වැස්ස මීදුම සහ සීතල. එදත් දවස ඉවරයි... අපි කෙලින්ම නවාතැනට.
තුන්වෙනි දවස කියලත් කිසිම වෙනසක් නෑ ඔන්න. කලින් වගේම තමයි. අපේ ප්ලෑන් එක වෙලා තිබුණෙ ග්‍රෙගරි වැව, හග්ගල, ලවර්ස් ලීප් ඇල්ල බලාගෙන ගෙදර එන එක.
හග්ගල නං මල් තිබුණෙ නෑ. තිබුණ ඒවත් වැස්සට බිම බලාගෙන.
මුළු නුවරඑළියට හරිම තෙතයි.
ඒ වගේම තමයි නුවරඑළි බදුල්ල පාර නාය යනව. අපි එතනින් යනකොටත් බැකෝ එකකින් පාරට කඩාවැටිච්ච පස් අයින් කරනවා. වාහන ඔක්කොම පාරෙ දෙපැත්තෙ හිරවෙලා. නවත්තං හිටපු තැනට උඩිනුත් පස් කඩාවැනෙව මහා කන්දක්. අපි ඔක්කොම සිට් බෙල්ට් ගලෝගෙන, දොරවල් අන්ලොක් කරගෙනම හිටියෙ හදිස්සියක් වුණොත් පැනල දුවන්න බලාගෙන.
මෙන්න නාය ගිය තැන.
ග්‍රෙගරි වැව.
එතනින් කෙලින්ම ගියෙ ලවර්ස් ලීප් ඇල්ල බලන්න.
ඉස්සර කාලෙ රජකුමාරයෙකුයි කුමාරියෙකුයි මෙතනින් පහලට පැනලලු..... අයියෝ සල්ලි........
එදා ඉඳන් මෙතන ලවර්ස් ලීප්.
දුකේ බෑ... දුක වැඩිකමටම එතනිං පස්සෙ අපි කෙලිංම ගෙදර.
ඉහල කොත්මලේ ව්‍යාපෘතිය මේ දිය ඇලි දෙකටම බල පෑවා මචන්....
ReplyDeleteලෝකාන්තයෙන් පහල බලපුවාම පේන්නේ හපුතලේ නෙවෙයි බොල.. නන්පෙරියල් වතුයාය, බලංගොඩ.
අහ්.. උඹලා හරිම වාසනාවන්තයි.. ලවර්ස් ලීප් ඇල්ලේ ඔය විදිහට වතුර තියෙන්නේ අවුරුද්දෙන් බොහොම පොඩි කාලයයි...
සීතල සෙන්ටිමීටර් කීයක් තිබ්බද බන්....? :D :D :D :D
wow!මේ ෆොටෝස් බලන කොටත් සීතලයි වගේ! nicely done!
ReplyDeleteඅර ගෝනගෙ සුදු පාට තියන්නෙ හිම වැටුන ඒවදැ.. පොටෝ ටිකනං පට්ටයි ඈ...
ReplyDeleteඅබේපාල මාමගෙ සීතල මනින උපකරනෙ තාම වැඩදැ ???
පොටෝ නම් ලස්සනයි..
ReplyDeleteහැබෑටම සීතල සෙන්ටිමීටර කීයද බං :D
ලස්සන පින්තූර ටික !
ReplyDeleteමේක කියවන කොටත් ෆොටෝ ටික දකින කොටත් සීතලයි !..මීදුම තියෙන කොට නුවරෑළියේ තියෙන නියම ලස්සන දකින්න බෑ.. ඇයි පරිසරයේ අඩි 2-3කට එහා පෙනෙන්නෙ නෑ..
ReplyDeleteපින්තුර ටික මරු! විස්තරෙත් හොඳයි, නවාතැන් පොලේ ගණං හිලව් එහෙම දාලා තියෙන නිසා විස්තර සම්පූර්ණයි.
ReplyDeleteකැමරාව කෝහොමද රැක බලා ගත්තෙ කියන එකත් දැනගන්න කැමතියි.
Lovely pics!
ReplyDeleteලෝකේ කොහේ ඇවිද්දත් නුවර එළිය තරම් ලස්සන කොහෙන්ද අපට....පින්තූර ටික දකිද්දිත් සීතලයි...
ReplyDeleteඇයි උඹට 4ටෝ ටික ලොකුවට දාන්න බැරි උනේ...
ReplyDeleteමේ හැමෝම ට්‍රිප් යනවා.ඉරිසියාවෙ බෑ.... :(((
ReplyDeleteඅභියා - අහ් ඔව් ඔව් පොඩ්ඩක් වල්ගේ පාගාගෙන. සීතල කියන්නේ මිලීමීටර් වලින් මනින තරමට.. ලොල්.
ReplyDeleteNelum - තැන්කූ නෙළුම්
සිහින යා - අනේ මන්ද .. මමත් ගෙදර ආවම තමා මොනවද කියල කල්පනා කළේ. අබේපාල මාමගෙ උපකරණෙ ෆට්ට විදියට ප්‍රසිද්ධ වෙලානෙ.
පූෂ් - මිලී මීටර් ගාණට අඩුවෙලා බං තිබ්බේ.. හික්.
නදී - තැංකූ
වෙනී - ඒකත් ඇත්ත.. බලන්න හිටි ගොඩක් තැන් බලන්නත් බැරි වුණා.
බුද්ධි - තැංකූ චූටි මහත්තයා.. නෑ බං කැමරාව එච්චර වටින්නෑ.. ෆොටෝ ටික තමයි ඕනෙ කරල තිබ්බෙ.
u4j10 - තැංකූ
දිල් - හිහී..ඒක ඇත්ත
පොඩි මෑන් - පොඩිමෑන් උඹ ෆොටෝ උඩ ක්ලික් කරල බැලුවෙ නැද්ද.. ලොකුයි තමයි.
නිසුපා - ඉරිසියා කරන්න එපා දරුවා!!!
ලස්සන ෆොටෝ ටික...නුවර එළියේ ගිය කාලයක් මතක නැහැ... හැබැයි දැන් මට සීතල එපා වෙලා නිසා ලඟදි යන්න හිතෙන්නෙත් නැහැ...එත් මේ ලස්සන පරිසරය දැක්කම යන්නත් හිතෙනවා
ReplyDeleteසීතල බලන මීටරේ අරන් ගියාද? සේ. මී. කීයද?
ReplyDeleteහරිම ලස්සන පින්තූර ටික . විස්තරයත් ලස්සනයි ..
ReplyDeleteඅනේ මටත් යන්න ඕනේ...
ReplyDeleteනියමයි . . . ලබන සැරේ නිවාඩුවෙදි අනිවා නුවර එලි යන එක යනවා . . . . නියම පෝස්ට් එක . .
ReplyDeleteනියම ගමන....,
ReplyDeleteසිතල සෙන්ටිමීටර වලින් මනින විදිහ උඹල දන්නවද ?
මමත් හරියටම දැනගෙන හිටියේ නැහැ. පස්සේ අපේ ආතා කෙනෙක් තමයි මේක කීවේ. උඹලත් දන්නේ නැතිනම් ඉතිරිටික කියවපල්ලා....
ඔය සීතල පලාත්වල උදේව එලිමහනේ චූ කරපුවාම සීතල වැඩිකමට චූ පාර අයිස් වෙනවා නොවැ. අන්න ඒ අයිස් වෙන උස තමයි සෙන්ටිමීටර වලින් මනින්නේ....,
හොදටම සීතල කාලෙට ඒ විදිහට මිදුන අයිස් කූරෙන් අහවල් එක ගලවා ගන්න අඩුමිටියක් උවමනාවෙන වෙලාවලුත් තියෙනවාලු...
ඔහ්.. බලපුවහම කට්ටියම මේක කියවලානේ....
නුවර එළි යන්න ඕන අවාරෙම තමයි. ගානත් අඩුයි, පිරිස්දුකමත් හොඳයි සෙනගත් නෑ. එකම දේ "මල්" අඩුයි.
ReplyDeleteමමත් ඔය එහා මෙහා නොපෙනෙන තරමේ මිදුමට ගොඩක් ආසයි.. වෙලවකට ඒක අමුතු රටා මවනවා..
ReplyDeleteniroshini - ඔව් දැන් නම් ඇති කියල හිතුවට ටික දවසකින් ආපහු යන්න හිතෙනවා.
ReplyDeleteObserver - ඒක දාල මම කොහේ යන්නද ඔබෝ.
Gimhani - තැන්කූ ගිම්.
මන්තරකාරි - මන්තරකාරියන්ට පුළුවන්නෙ අහසින් යන්න.
දුකා - ලංකාවට ආවම සෙට් වෙලා යමු අයියෙ.
පෙදරේරුවා - උඹ කියන මීටරේට වැඩිය වෙනස් එකක් ගැන විස්කරයක් අභීත අයියගෙ පෝස්ට් එකේ තියෙනවා. මේකත් මරු ක්‍රමේ තමා. ලංකාවට හරියන්නෙ නම් නෑ.
ඉන්දික උපශාන්ත - හරියට හරි.... මල් තමා අඩු. හික්.
Dinesh - ඔව් ඒ අත්දැකීම ගන්න බෑ සීසන් එකට ගිහින්.
අපි කනකොට සීත කාලේ නෙමෙයි. ඒ නිසාඅ මේ තරම්ම ලස්සන නෑ. ඒ උනාට පට්ට !!!
ReplyDeleteආයෙම යන්න වටිනවා.
ලස්සන පිංතූරත් එක්ක විස්තරේ...අහෝස්තු ගියා ඔය වටේ.....ආයිත් යන්න ආසයි....
ReplyDeleteඅඹේවෙල යද්දි මගදි හමුවෙන වැව ලස්සනයි නේද?.එතනදි අපිට ලොකු ඇබද්දියක් වෙන්න ගියා...පසෙ කියන්නම්කො....මීදුමට මෙහෙ නිතරම අහුවෙලා ඉන්න නිසා අපි ලංකාවට,, නුවර එලි යන්නෙ අගෝස්තු වල....සෙනඟ නම් තමා...මම අඹේවෙල ෆාම් එකෙන් 'හාපැටව්' ගෙනත් තියනවා...ලස්සන කැලිපෝනියන්ස් ලා.....
ReplyDeleteමධුරංග,ඔබ නොදුටු ලොවක් - ඔව් හැම කාලෙටම ලස්සනයි නුවරඑළිය.
ReplyDeleteවින්චැට්කිරිල්ලි - ඒ හාපැටව් අපිට හදන්න බෑනේද. ඉක්මනට මැරෙනවානේ.
මේ ඔයාගේ වැඩේ ඇවිදින එකද? කලින් පාරක් දැක්කා සිරීපාදේ ඇවිදිනවා...:D
ReplyDeleteඅඩේ සිරාවට මේ කාලේ තමා ආතල්ම.....
ReplyDeleteහැබෑට මාත් ඔයාව කොහේදී හරි දැකලා තියනවා.
ReplyDeleteමචං කැම්පස් යනකාලෙ හැම දෙසැම්බරේකම හෝටන් තැන්නෙ කෑම්ප් ගැහුව. මාරම ආතල් එකක් තියෙන්නෙ. දබ වැස්සෙ ඔහියෙ ඉඳල පයිං තැන්නට බඩගාල කෑම්ප් එක ගහනව කියන්නෙ කරලම බලන්න ඕනෙ ආතල් වැඩක්.
ReplyDelete@වින්චැට්කිරිලි:
ඔයා කියන්නෙ කන්දෙ ඇල ගැන. දෙසැම්බර් කාලෙට ඒකෙ නාන්න තියනවනං නියමයි. ඔය වැවේ බෝට්ටු සේවයක් තියනව. පොඩි ගානයි ගන්නෙ . . . දූපත් වලට යන්න පුලුවං. මම දන්න විදියට මීපිලිමානෙ ටෝනි තමයි ඒක කරන්නෙ
පැණිබේරෙන ෆොටෝ ටික බොල සිරා ලස්සනයි. සෑමාත් යන්න හිතං ඉන්නේ ඔය පැත්තේ
ReplyDeleteස්තුතියි පෝස්ටුවට..
මේකාලෙ නවතින්න ඕන හෝර්ටන් තැන්න ඇතුලෙ තියන නවාතැන් 2න් එකක.
ReplyDelete