සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

මෙන්න නියම පාටි.....

5:02 PM
2 ප්‍රතිචාර
මේ සීන් එක කියන්න යන්නේ අපේ යාලුවෙක් අපිට දුන්න පාටි එකක් ගැන.
   
ඇත්ත‍ටම කිව්වොත් එකක් නෙමෙයි දෙකක්! මේ යාලුවාගේ නම නම්! මම කියන්න යන්නේ නැහැ... මොකද ඒක... පොරගේ ආත්ම ගරුත්වය පිලිබදව ප්‍රශ්නයක් වෙන හින්දා.  
ඒ හින්දා ප්‍රසිද්ධියේ නම ප්‍රකාශ කිරීමෙන් මම වැලකී සිටිනවා මොකුත් කියන්න යන්නෙ නැහැ (අප්‍රසිද්ධියේ මොනවා කිව්වත්... :D) මේ යාලුවා කව්ද කියලා සමහර විට ඔයගොල්ලෝ දන්නවත් ඇති... මොකද.... පොර එච්චරටම ප්‍රසිද්ධ නිසා. 
කොහොමෙන් කොහොමහරි සීන් එක මේකයි! (එකක් කිව්වට..... ඇත්තටම සීන් දෙකක්!!!) පලවෙනි එක උනේ පොරට ජොබක් සෙට් උනා ඉතින් ඒකේ ප්‍රීතිය නිමිත්තෙන් අපි මුගෙන් දත පොඩ්ඩක් හොලවන්න බැලුවා…. නමුත් හරිගියේ නැහැ
නමුත් පොර පොරොන්දු උනා පොරගේ first salary treat එක මේකත් එක්ක දෙනවා කියලා. 
දැන් ඉතින් අපි සේරම දත කට මැදගෙන හිටියා මාසේ අන්තිම වෙනකන්.
  මාසේ අන්තිමට පොරට first salary එක හම්බ උනා.
  දැන් ඊට පහුවෙනි සෙනසුරාදා පොර ඔකොම සෙට් එකට invite කලා පාර්ටි එකට එන්නෙයි කියලා දන්නවනේ..... අපි පාටි වලට යන හැටි දවස් දෙක තුනක් නොකා නොබී.... බඩ එහෙම සුද්ද කරගෙන එහෙමනේ පාටි වලට යන්නේ( නැත්නම් හොද නෑනේ පොර තලහා උනොත්! :p) 
දැන් ඔන්න කස්ටිය ඔක්කොමත් එක්ක කතා වෙනවා කොහොමද කින්ද මන්ද අරකද මේකද කියලා. අතරේ පොරගේ ගෑනි කිව්වා "අපි එලියට යන්!" කියලා.
  
නමුත් එක යාලුවෙක්ට පහුවෙනිදා exam එකක් හින්දා පොරට එන්න වෙන්නේ නැහැ කිව්වා නමුත් "පොර කිව්වා අවුලක් නැහැ උබලා ගිහින් වරෙන්!" කියලා ඒ උනාට ඒක හරි නැහැනේ කියලා අපි අන්තිම තීරනේකට ආවා මොනා හරි ඕඩර් කරමු කියලා.
  ඒකට පොරගේ ගෑනි පොඩ්ඩක් විතර අවුල්(දන්නේ නැද්ද ගෑනුන්ගේ හැටි...)  දැන් ඉතින් ඊලග පුරශ්නේ මොනවද ඕඩර් කරන්නේ කොහින්ද කියන එක ඒකට පොර ඔක්කෝගෙන්ම මත විමසුවා මම කිව්වා "උබ දෙන එකනේ... උබ තීරනය කරපන්!" කිව්වා.
  ඊට පස්සේ පොර කිව්වා "එහෙම නෙමෙයි! කවුරුත් කැමති එකක්! ඕඩර් කරමු!!!." කියලා එතකොට පොරගේ ගෑනි කිව්වා "එහෙනම් අපි සබ්මැරීන් කමු!" කිව්වා කවුරුත් වගේ ඒකට ඔකේ උනා.
පස්සේ දැන් චිකන් සබ්මරීන් පහයි! සීෆුඩ් එකකුයි! ගමු කියන තීරනේකට ආවා. කොහොමත් මේකට එච්චර වෙලා ගියේ නැහැ( පැය තුන හතරක් යන්න ඇති...... මූ හොදට හිතලා මතලා තීරන ගන්න එකා නේ)
  දැන් මේ සීෆුඩ් එක මුගේ ගෑනිට මොකද මුගේ ගෑනි වෙජිටේරියන් නේ... එකයි! (ඒක මාර වෙජිටේරියන් එකක් හොදේ මස් කන්නේ නැහැ මස් හොදි කනවා, මාලු, කරවල, සීෆුඩ් කොටින්ම කිව්වොත් චිකන් සොසේජසුත් කනවා. :D ඔන්න එහෙම වෙජිටේරියන් එකක් තමයි මුගේ ගෑනිට තියෙන්නේ)
හරි ප්‍රතිපත්තිගරුක මිනිස්සුනේ අපි ඕවට මොනාවත් කියන්න යන්නේ නැහැ.  කොහොමෙන් කොහොමහරි දැන් ඕඩර් එකත් කලා කියමුකො. ..... ඊට කලින් දැන් ඕඩර් එක කරන්න මුගේ ෆෝන් එකෙන් නැතුව ගෑනිට කිව්වා "ඕඩර් කරපන්!" කියලා.
ඔන්න දෙන්නා කොක්කට පැටලුනා. හේතුව හරියටම තාම අපිත් දන්නේ නැහැ. අපි මොකටද අනුන්ගේ පවුල් හුට පට වලට අත දාන්නේ... (තියෙන ඒවා මදෑ...) අපි පැත්තට වෙලා හිටියා ඔන්න මූ කාමරෙන් ආවා "උබ හු... ගනින්! මම ඕඩර් කරන්නම්!!!" කියලා එතකොට මුගේ ගෑනි කිව්වා "තොගේ ඒවා තෝම තියාගනින් මට එපා" කියලා එතකොට අරූ ඕඩර් එක කරලත් ඉවරයි!!.
  මම අහන්නේ ඔහොම හොදද?? දෙන්නා දෙමහල්ලෝ කෙලගන්න (අපි වගේ පොඩි එවුන් ඉස්සරහ :p) මම අහන්නේ හොදද??? අපි ඉතින් පුලුවන් තරම් මුන් දෙන්නා ෂේප් කරන්න බැලුවා මොන........ කොහොම හරි දැන් ඔන්න ඕඩර් එක ආවා පොර ගියා ඒක ගේන්න.
මූ ගිය වේගේ එනකොට තිබ්බේ නැහැ නිකන් හෙන ගහලා වගේ තමා පොර ආපහු ආවේ. මම හිතුවේ සබ්මරීන් වල බරට වෙන්න ඇති කියලා .බලද්දී ඒක නෙමෙයි සීන් එක පොරට හෙන ගානක් කයිට් වෙලා. ඒකට එකෙත් වැඩිම එක වෙලා තියෙන්නේ සීෆුඩ් එකට :D .
ඔන්න ඉතින් ඒක අරන් ආපු වෙලේ ඉදන් මූ කියවන්න පටන් ගත්තා යැයි යැයි යැයි යැයි... කියලා බැරිම තැන එකෙක් කියලා තිබ්බා "පිත් කීයක් හරි දෙන්නම්!" . ඔන්න එතකොට යන්තම් පොරගේ ඇඩියාව නැවතුනා. දැන් ඉතින් අර සීෆුඩ් එක ගෑනිට දියන් කියලා මූ බෑම කිව්වට කොහොමහරි අපි පොරගේ අතේම යැව්වා. ගෑනි ගන්න බෑකියලාද කොහෙද මූ ආපහු ඒක උස්සන් ආවා. දැන් වෙන එකෙක් ඉන්නවා උෟටවත් දෙමු මෙච්චර අපිට කන්නත් බැහැ කියලා පොරට යැව්වා.
  දැන් ඉතින් හා හා පුරා කියලා කෙල හල හල හිටපු  එක නවත්තලා අරක ගිලින්න පටන් ගත්තා. ඒ.... විනාඩි දහයක් විතර යනකොට ඒක ඉවර උනා නේ......... :-o මම පුදුමෙන් වගේ වට පිට බලන කොට අපෙ තව එකෙකුත් ඉවර වෙලා පුදුමෙන් වගේ බලගෙන ඉන්නවා.   අතරේ මූ හෙන අමාරුවෙන් කනවා මූ ඇති කියලා එකෙන් බාගයක් විතර අපිට දුන්නා අපි දෙන්නා අපරාදෙනේ!... කියලා බාගෙත් කෑවා. අතරේ අර යවපු සීෆුඩ් එක අපේ වෙලාවටමද කොහෙද ආපහු ආවා. පොර කාලලු ඒවෙනකොට හිටියේ කියලා. දැන් ඉතින් ඒක අපරාදේ කියලා අපි දෙන්නා ඒකත් හෙමීට වග කිව්වා.
  මෙන්න මේ යකා පුදුමෙන් වගේ අපි දිහා බලා ඉන්නවා. ඉදලා නිකා හිටපන් මූ කියපි "තොපි වගේ බඩජාරියෝ ටිකක්!!!" කියලා. මම කිව්වා "උබට කන්න බැරි උනාට අපි පලිද යකෝ..." කියලා. කොහොම හරි දැන් කාලා ඉවර උනාට පස්සේ මේ යකා කියපි "හරි දැන් සල්ලි දියල්ලා...." කියලා. මම උඩ ගියා :-o මොකක්ද මේ යකා කියන්නේ කියලා.  අපි කාපු නැතිදෙයක් වත් මූ කාලා ඇලජික් වෙලා කියලා. මම ඇහැව්වා "මොන සල්ලිද?" කියලා එතකොට මූ කියනවා "ඇයි යකෝ අර දෙනවා කිව්වේ..." කියලා. අපේ අනිත් එකා ඇහැව්වා මොනවද කියලා එතකොට මූ කියපි "අර ඉස්සර වෙලා උබලා කිව්වේ.... උබලත් කීයක් හරි දෙන්නම්! කියලා" මට තාමත් හොයා ගන්න බැරි උනා මොකාද ඔය වගේ කතාවක් කිව්වේ කියලා අම්මපා උෟ අහූනොත් නම්........ පස්සේ අපි පොරට තේරුම් කරන්න හැදුවා පාටි වලදී එහෙම දීලා ආයේ සල්ලි ඉල්ලන්නේ නැති බව. නමුත් මූ තේරුම් ගත්තේම නැති නිසා අපි කිව්වා අපි හෙට දෙන්නම්! කියලා.
පස්සේ මේ යක්සයා සැරින් සැරේ සල්ලි දියන්! සල්ලි දියන්! සල්ලි දියන්! කිය කිය හරියට එලාම් එකක් තියලා වගේ කියවන්න පටන් ගත්තා. රෑ හීනෙනුත් කියව්වද කොහෙද උදේ මු නැගිට්ටෙත් සල්ලි දියන්! කියාගෙන.
මොන මගුලක් කියලා මම සල්ලි දුන්නා ඔන්න එතකොට තමයි යන්තම් ඇඩියාව නැවතුනේ... ඔන්න ඔහොමයි!! අපිට උනේ.....
මුගේ අනිත් පාටි එක ගැන පස්සේ ලියන්නම් මේක හෙනට දිග් උනා වගේ.... :(

Stay Connected With Free Updates

Subscribe via Email

2 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

සිරකරුවා said...

අනික් පාටි එකත් එල එකක් වෙන්නැති නේද බන්

Jeewan said...

ඔව්! බන්! ඉදහන්කෝ...... ඒකත් වමාරනකන්!!!