Friday, October 14, 2011

The Top 10 Combat Aircraft in the World - Part1

මගේ කලින් ලිපි දෙකෙන් F-16 ප්‍රහාරක ගුවන් යානය හා CVN 68 ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගැන විස්තර ටිකක් කිව්වා. මගේ මේ ලිපියෙන් මම කියන්න යන්නේ එක් ප්‍රහාරක යානාවක් හෝ නෞකාවක් හෝ ගැන නොවෙයි, ප්‍රහාරක ගුවන් යානා සමුහයක් ගැන. මේවා ගැන විස්තර කෙටියෙන් ඉදිරිපත් කරන්නේ. වැඩිවිස්තර මගේ ඉදිරි ලිපි වලින් බලගන්න පුළුවන්. 
දැනට ලෝකයේ නිෂ්පාදනය කරලා තියන ප්‍රහාරක ගුවන් යානා වලින් හොඳම ගුවන් යානා 10 ගැන විස්තර ටිකක් කියන්න යන්නේ. ඒත් මේ යානා 10 මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද, මේ වෙනකොට මීට වඩා ප්‍රභල ප්‍රහාරක යානා නිපදව තියෙන්න පුළුවන්. ඒත් සමහර විට මේ නවීන යානා ගැන තවම තොරතුරු හෙළිකර නැතුව හෝ තවම පරීක්ෂණ මට්ටමේ පවතිනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් දැනට මම තොරතුරු හොයාගත්ත විදිහට මම මේ ලිපිය ඉදිරිපත් කරනවා. ඒත් වැරද්දක් තියනවනම් එක නිවැරදි කරන්න.   

මේ  ප්‍රහාරක යානා 10 ලෝකේ විවිධ රටවල් මගින් නිපදවා තියනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් නිපදව තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය මගින්. අනෙක් ප්‍රහාරක යානා රුසියාව මගින්ද, ජර්මනිය, චීනය වැනි රටවල් මගින්ද නිපදවා තියනවා. තවත් වැඩි කතා අවශ්‍ය නේ, අපි වැඩේට බහිමු.................

10. J - 10 : China




මහජන චීන සමුහාණ්ඩුව මගින් නිෂ්පාදනය කර ඇති මෙම J-10 (Chengdu J-10) ප්‍රහාරක යානය අද චීන ගුවන් හමුදා තුල වඩාත් ජනප්‍රිය ගුවන් යානා වලින් එකක් ලෙස හදුන්වන්න පුළුවන්. චීනයේ Chengdu Aircraft Industry Corporation මගින් නිෂ්පාදනය කර 2005 වර්ෂයේ හදුන්වාදුන් මේ යානය පකිස්ථානය ගුවන් හමුදාද භාවිතා කරයි. දැනට මෙම යානා 190 පමණ නිපදවා තියනවා. 
මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
Unit Cost -  US$ 28 million
Combat Role - Multi Role Combat Aircraft
First Flight -  1998
Speed -  Mach 2.2 at altitude (more than 2000 kmph)
Thrust - 76kN(dry), 123kN (afterburner)
Powerplant  -  1X Russian Salyut AL-31 FN Turbo-fan engine
Guns -  2 x 23mm single-barrel cannon
Missiles -  (Air-to-air missiles) PL-8, PL-9, PL-11, PL-12

 9 . MIG 29 : Russia





Mikoyan MiG-29  යන නාමයෙන් හදඳුන්වනු ලබන මෙම ප්‍රහාරක යානය 1983 අගෝස්තු මාසයේදී මුලින්ම හඳුන්වා දෙනු ලැබුවා. මෙම යානාව සෝවියට් දේශය මගින් නිෂ්පාදනය කර මුලින්ම අත්හදබැලීමක් කරලා තියෙන්නේ 1977 වසරේදී. 1983 වර්ෂයේ මෙම යානය හඳුන්වා දීමෙන් පසු, සෝවියට් දේශයේ ගුවන් හමුදා විසින් භාවිතය අරම්භාකරලා තියනවා. මේ වන විට මේ යනවා මුලික වශයෙන් රුසියානු, යුක්රේන, ඉන්දියානු හා උස්බෙකිස්තන් ගුවන් හමුදා විසින් භාවිතා කරනවා. Mikoyan design ආයතනය මගින් නිෂ්පාදනය කරන මේ ප්‍රහාරක යානා දැනට 1600 වැඩ නිපදවා තියනවා. 
මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
Unit Cost -  US$ 29 million
Combat Role Multi-role, Air-superiority fighter,
First Flight -  1977
Speed -  Mach 2.4 at altitude 
Powerplant two widely spaced Klimov RD-33 turbofan engine
Thrust - 50kN(dry), 81kN (afterburning)
Guns -  1 x 30mm GSh-30-1 cannon (with 150 round)
Missiles -  (Air-to-air missiles) (can load upto 3500kg including 6 missiles)

8. F-16 : USA





F-16 ප්‍රහාරක යානය ගෙන නම් වෙඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. මගේ කලින් පොස්ට් එකේදී F-16 ගැන ලොකු විස්තරයන් ඉදිරිපත් කල නිසා මේ ලිපියට කෙටි විස්තරයන් දාන්නම්.
Unit CostF-16 A/B -  US$ 14.6 million, F-16 C/D -  US$ 18.8 million
Combat Role Multi-role jet fighter,
First Flight -  1974
Speed -  Mach 2 at altitude (1500 mph)
Guns -  M61A 
Missiles AIM-120 AMRAAM

7. F-15 Eagle : USA







 

1976 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ  McDonnell Douglas සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම යානය එංජින් දෙකකින් සමන්විත වනවා. මෙම යානා අද වෙළදපලේ F-15  A/B/C/D/J/DJ ලෙස සංස්කරණ කිහිපයකින් දැකගන්න පුළුවන්.  McDonnell Douglas F-15 Eagle යන නමින් හඳුන්වන මෙම ප්‍රහාරක යානා දැනට 1200 පමණ නිෂ්පාදනය කරලා තියනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජපානය, සෞදි හා ඊශ්‍රායිලය යන රාජ්‍යන්හි ගුවන් හමුදා විසින් භාවිත කරනු ලබනවා. මෙම යන්න වල සේවාව 2025 දක්ව ලබා ගෙනීමට ඇමෙරික එක්සත් ජනපදය බලාපොරොත්තු වෙනවා.


මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.


Unit Cost

F-15A/B: US$27.9 million (1998 US$)
F-15C/D: US$29.9 million (1998 US$)
Combat Role  Air-superiority fighter
First Flight1972
Speed -  more than Mach 2.5 at high altitude
Guns - 1 x Internally mounted 20mm M61A1 gatling gun
Missiles -  (Air-to-air missiles)  AIM-7F/M Sparrow missiles or AIM-120 AMRAAM, AIM-9L/M  Sidewinder or AIM-120 missiles


6. Su-27 : Russia 









1984 දී සෝවියට් සමුහාණ්ඩුව මගින් ඉදිරිපත් කල Su-27 ප්‍රහාරක යානය ලෝක ගුවන් ආරක්ෂණ පද්ධතිය තුල විශාල කාර්යක් ඉටු කර තියනවා. Sukhoi Su-27 යන නමින් හඳුන්වන මෙම යානය රුසියානු, චීන හා යුක්රේන ගුවන් හමුදා ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. මෙම ප්‍රහාරක යානා දැනට 680 පමණ නිෂ්පාදනය කර තියනවා. මෙම යානයට, ප්‍රබල යුධ අවි හා බර අවි සමග 3500 km පමණ පියසර පරාසයක් ආවරණය කල හැක. 



මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.


Unit Cost - US$ 35 million
Combat Role  Air-superiority fighter 
First Flight1977
Speed -   Mach 2.35 at altitude (2500 kmph)
Guns - 1 x 30mm GSh-30-1 cannon (with 150 round)
Missiles -  (Air-to-air missiles) Vympel R-77 (AA-12 Adder) missiles (10 hardpoints for missiles and weapons , can be loaded 9400 kg maximum normally 5200 kg)



ඉතුරු ටික ඊලග ලිපියෙන් කියන්නම්..........................................


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...