Tuesday, November 15, 2011

M1A1 / M1A2 Abrams Tank

දවස් ගණනක්ම අලුත් ලිපියක් දන්නා හිතාගෙන හිටියත් වැඩ වැඩි නිසා බැරිවුනා. ඒත් අදනම් කොහොම හරි පොස්ට් එකක් දානවම කියල වැඩ පටන් ගත්තා. මගේ මීට කලින් ලිපියේ smart weapon  එකක් ගැන විස්තර කිව්වා. කියවන්න බැරිවුනානම් ඒ ලිපියත් අනිවාර්යයෙන්ම කියවන්න. මට හිතෙන්නේ එකේ තියන විස්තරත් මේගැන උනන්දුව තියන අයට ගොඩක් වටිනවා කියල. අද විස්තර කියන්න යන්නේ මගේ කලින් ලිපි එකකවත් නොකියවුණු යුදටැංකියකි ගැන. ඒ වචනේ අපි කවුරුත් හොදට අහලා තියනවනි. ඒත් මම අද කියන්න යන්නේ ටිකක් විශේෂ යුද ටැංකියකි දෙකක් ගැන. මේක ලෝකේ තියන යුද ටැංකි අතරින් ප්‍රභලතම ඒවායින් දෙකක් කියල කියන්න පුළුවන්. ඒ තමයි M1A1, M1A2 Abrams යුද ටැංකි.

ඇමෙරිකා එක්සත් ජනපදය මගින් නිෂ්පාදනය කරනලද මේ යුද ටැංකිය අද රටවල් කිහිපයන්ම භාවිතා කරනවා. මේ අතරින් ඇමෙරිකාව විශේෂයි. M1A1, M1A2 Abrams කියන මේ යුද ටැංකිය M1  යන නමින් එන යුද ටැංකිවල සංස්කරණයක් කියල හඳුන්වල දෙන්න පුළුවන්. 1983දී ඇමෙරිකානු යුද හමුදාවට එක්වූ මේ ප්‍රබහල ප්‍රහාරක යුද ටැංකිය 1972 - 1979 කාල වකවානුව තුල සැලසුම් කරලා තියනවා. M1 Abrms කියන යුද ටැංකිය තාමා මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. පස්සේ ආපු නව සංස්කරණ වන M1A1 හා M1A2, වල පොඩි වෙනස්කම් ටිකක් තම තියෙන්නේ. Abrams කියන වචනේ අහනකොට කාගේ හරි නමක් කියල වගේ හිතෙනවා නේද. ඕව් එක එහෙම තමා, වියට්නාම යුද සමයේ, 1967 - 1972 කාලය තුල ඇමෙරිකා යුද හමුදාවේ හමුදාපතිව සිටි, ජෙනරාල්   Creighton Abrams සිහිවීම සඳහා තමයි M1 Abrams  කියන නම යොදලා තියෙන්නේ. මෙම යුද ටැංකි ප්‍රභල ලෙස අයුධ වලින් සංනද්ධ, වර්තමානයේ ඕනෑම යුදබිමකට ගැලපෙන, සතුරාට ප්‍රභල ලෙස ප්‍රහාර එල්ලකල හැකි ප්‍රභල අවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

විස්තර ටිකක් කිවුව නිසා මේ යුද ටැංකි මොන වගේද කියල බලමු.

M1A1 Adrams Tank

M1A1 Adrams Tank

M1A2 Adrams Tank

1980  වර්ෂයේදී මේ යුද ටැංක, එකල තිබු M60 යුද ටැංකි වෙනුවට භාවිතයට ගැනීම ආරම්භ කරනු ලැබුවා. මෙම යුද ටැංකි ඔස්ට්‍රලියව, ඊජිප්තුව, කුවේට්, සෞදි අරාබිය, ඉරාකය වගේ රටවල් වල ඇමෙරිකාවට අමතරව භාවිතා කරනු ලබනවා. ගල්ෆ් යුද්ධයේදී, ඉරක යුද්ධයේදී හා ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී මේ යුද ටැංකි වලින් විශාල වශයෙන් ප්‍රයෝජන අරන් තියනවා. M1 Adrams 1979-1985 කාලය තුල නිෂ්පාදනය කරනු ලැබූ අතර , M1A1 Adrams 1986-1992  කාලය තුලද, M1A2 Adrams 1992 සිට අද දක්වාද නිෂ්පාදනය කරනු ලබනවා. මෙහි නවතම සංස්කරණය වන M1A3 Adrams මේ දවස්වල සැලසුම් කරමින් තිබෙනවා. M1 Adrams යුද ටැංකිය සැලසුම් කරනු ලැබුවේ ඇමෙරිකාවේ, එකල Chrysler Defense යන නමින් හඳුන්වන, නමුත් දැන් General Dynamics Land Systems යන නමින් හඳුන්වන සමාගම වන අතර Lima Army Tank Plant,  Detroit Arsenal Tank Plant යන ඇමෙරිකානු සමාගම් මගින් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කරනු ලබනවා. මේ වනවිට M1 Adrams යුද ටැංකි 9000 ට වැඩ නිෂ්පාදනය කරලා තියනවා.

යුද ටැංකිය ගැන කෙටියෙන් දැනගමු........................................

යුද ටැංකියේ විශාලත්වය
M1 Adrams
  • Length  :  32.04 ft (9.77 m)
  • Width  :  12 ft (3.7 m)
  • Height  :  7.79 ft (2.37 m)
  • Weight  :  55 tons 
  • Crew  :  4 (commander, gunner, loader, driver)
M1A1 Adrams
  • Length  :  32.04 ft (9.77 m)
  • Width  :  12 ft (3.7 m)
  • Height  :  8.0 ft (2.4 m)
  • Weight  :  61 tons 
  • Crew  :  4 (commander, gunner, loader, driver)
M1A2 Adrams
  • Length  :  32.04 ft (9.77 m)
  • Width  :  12 ft (3.7 m)
  • Height  :  8.0 ft (2.4 m)
  • Weight  :  63 tons 
  • Crew  :  4 (commander, gunner, loader, driver)

යුද ටැංකියේ  වේගය


M1 Adrams
  • Maximum Speed  :  72 kmph
M1A1 Adrams
  • Maximum Speed  :  66.8 kmph
M1A2 Adrams
  • Maximum Speed  :  68 kmph


යුද ටැංකියට බලය


Engine  :  Honeywell AGT1500C multi-fuel turbine engine 1,500 hp (1,120 kW)


යුද ටැංකියේ මිල


Cost  :  US$ 7.9 million (M1A2)


යුද ටැංකියේ ප්‍රහාරක බලය


Main Armament 
  • M1 Adrams  :  105 mm L52 M68 rifled cannon
  • M1A1/M1A2 Adrams  :  120 mm L44 M256 smooth bore cannon with 42 rounds 
Secondary Armament
  • 1 x .50-caliber (12.7 mm) M2HB heavy machine gun with 900 rounds
  • 2 x 7.62 mm (.308) M240 machine guns with 8,800 rounds

යුද ටැංකියේ සේවා පරාසය


M1 Adrams
  • Range  :  500 km
M1A1 Adrams
  • Range  :  463 km
M1A2 Adrams
  • Range  : 391 km
















යුද ටැංකිය ගැන විශේෂ තොරතුරු
 
මෙම යුද ටැංකි සතුව ඉන්ධන ගැලුම් 500 පමණ ගබඩා කල හැකි ඉන්ධන ටැංකි තිබෙන අතර JP8 jet fuel ඉන්ධන මේවගේ gas turbine engine සඳහා භාවිතා කරනු ලබනවා. මෙම යුද ටැංකි වල ගියර පද්ධතිය ලෙස Hydro Kinetic Transmission පද්ධතියක් භාවිතා කරනු ලබන අතරම එයට ඉදිරියට ගමන කරන විට වේග 4 ක ගියරද, පසුපසට ගමන කරන විට වේග 2 ක ගියරද ඇතුලත් වෙනවා. තත්පර 7 පමණ කාලයක් ඇතුලත මෙම යුද ටැංකි වලට 20 mph පමණ වේගයක් ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ යුද ටැංකි සතුව Torsion bar suspension පද්ධතියක් ඇතුලත් වන අතර මෙම යුද ටන්කෝ වලව අඩි 9 ක පමණ තිරස් අගලක් හෝ කණුවක් මතින් වුවද පහසුවෙන් ගමන කල හැක. මෙම යුද ටැංකි වල M1A1 හා M1A2 වල ඇති 120mm අවි වලින් ප්‍රහාර එල්ල කරන විට යුද ටැංකියේ සිට 50m ක අරයකින් යුතු පෙදෙස ප්‍රහාරය නිසා ඇතිවන අධික ශබ්දය හා ඉහල පීඩනය ඉතා ඉහල කොටස ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 500m ක පමණ අරයකින් යුතු පෙදෙස තුල ප්‍රහාර එල්ල කරන අවස්ථාවල කන ආවරණ (Hearing Protection) යොදා සිටිය යුතු බව සඳහන් වෙනවා.       


කියවලා බලලා නිකම්ම යන්න එපා ඉතින්, හොඳ නරක ගැන පුලුවන්නම් Comment  එකක් දාලා යන්න..............................


    2 comments:

    1. මේකට T 90 ත් එක්ක හැරෙන්නවත් බෑ නේද

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...