මහ බැංකුවේ අධිපති තුමා වෙත..


හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොත
නොරට එවුන් අන්දන එක ලේසී නැත
කරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැත
ක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇත

බිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්
පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්
වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්
ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්

හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූ
එක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූ
ගනන් හදන්නට බැරිනම් නොකර බොරූ
කැල් එක අරන් යනවද පින් මහත් හොරූ

Comments

  1. 43 න් විසි ගානක් අඩු කරපුවම පොඩිම පොඩි ගානක එන්නේ.
    සක්විත්තටත් වඩා හොරෙක් අද ඉන්නව නම් ඒ කවුදැයි කියනු මිතුර.
    රන් කහවණු පෙන්නා අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට කෙලියේ කවුදැයි කියනු මිතුරු.
    රනිල් ලොක්ක එක්ක ඉඳලා නොකියම මාරු වෙලා එයාගේ ප්ලෑන්ස් මෙහෙට දුන්න හොරා කවුදැයි කියනු මිතුරු.
    දැන් මහින්දට සෙට් වෙලා, අනාගත ඔටුන්න හිමි කුමාරයාටත් කෙලින්න බලන් ඉන්න හොරා කවුදැයි කියනු මිතුරු.

    ReplyDelete
  2. මුන් එක්ක නම් ලොක්කට අයිස්චර්යට කෙසේ වෙතත්, වෙන කොහේට හරි නම් යන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  3. වෙස්වලා ගත්තු ආශිර්වාදයන් කියන්නේ මේ වගේ පරාජයන්ට තමයි.

    ReplyDelete
  4. @ ජය ශ්‍රී
    හොඳ බුද්ධිමතෙක්. නමුත් අසාර්ථක කළමණාකරුවෙක්..

    ReplyDelete
  5. හොද ලස්සන කාර්යශූර භාර්යාවක් ගණිකා වුර්තියේ යෙදෙන්න ගියොත් වෙන්නේ ඔබතුමාට වෙච්ච දේ තමයි.

    ReplyDelete
  6. @ ඇනෝ
    සහතික ඇත්ත...

    ReplyDelete
  7. @wedanaa ඔයා කියපුවත් කවියට දාන්න ඕනේ තමයි අදි වේගී මාර්ග හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල ඕව රනිල්ගේ සැලසුම්

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....