Friday 4 November 2011

අන්තෝ ජටා, බහි ජටා!




මේ දවස් වල උදේට පත්තරේ බැලුවම කියවන ප්‍රවෘති වලට කටින් හිනා වෙන්නද වෙන කොහෙන් හරි හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මේ දවස් ටිකේ යුරෝපෙ කැළඹිලා . ග්‍රීසියට තමන්ගෙ ගත්ත ණය ගෙවා ගන්න බැරිලු. තමන්ගෙ අදායමට වඩා වියදං කරලා ජීවත් වෙන්න ග්‍රීසියට මේ ණය වැඩියෙන්ම දීල තියෙන්නෙ ප්‍රංශයයි, ජර්මනියයි. ඉතින් පහුගිය ටිකේ මේ රටවල් වල කට්ටිය හතර අතේ සමුළු තිය තිය, ඔලුව ගිනි අරන් වගේ හැම තැනම දුවල අන්තිමේ තීරනෙකට ආව. ඒ ග්‍රීසිය බේර ගන්න පැකේජ් එකක් දෙන්න. මොකද ග්‍රීසිය සම්පූර්ණයෙන් තමන්ගෙ ණය පැහැර හැරියොත් ජර්මනියටයි, ප්‍රංශෙටයි හුලං!. ඉතින් සමහර ණය කපා හැරලා, තව එව්වට කල් දීල, ණය ගෙවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය දෙන්න ලැස්ති කරලා වගේ වැඩ ගොඩක් කරලා තමා ඔය පැකේජ් එක හැදුවෙ. ඉතින් ණය ගෙවා ගන්න බැරුව, රට බංකොලොත් වෙන්න යද්දී අනික් රටවල් එකතු වෙලා මෙහෙම ගලවා ගැනීමේ පැකේජ් එකක් දුන්නම දෝත බදලා පිළිගන්න එපැයි? 
ඒකට ග්‍රීසියේ අගමැති මොකෝ කලේ? ?
අපි ජන මත විචාරණයක් තියල රටේ මිනිස්සුන්ගෙන් මේ පැකේජ් එකට කැමතිද කියල අහල කියන්නං කිව්ව!!!
ඒක හරියට ගේ ගිනිගනිද්දි  ගිනි නිවන හමුදාවෙන් ඇවිත් නිවන්න හදනකොට, පොඩ්ඩක් ඉන්න මම වයිෆ් ගෙන් අහල කියන්නං නිව්වට කමක් නැද්ද කියල කියනවා වගේ වැඩක්.   ඕකට සාකෝසි අන්කල් ටයි ඇන්ජෙලා ඇන්ටිටයි අම්බානක මල පැනල. ඇයි යකඩෝ මේ දවස් ගණන් නිදි මරාගෙන, ටුක පුට්ටු කරන් ප්ලෑන් ගහල, චීනෙට වැඳලා සල්ලි ඉල්ලලා, යන්තන් මේ අටමගලෙ අටෝ ගත්තම මේකා කියනව අහල කියන්නං කියල. ඉතින් මල පනින්නෙ නැතුව තියෙයිද? පස්සෙ දෙන්නම තදින් කිව්වම 'හොඳ හිතින් මේක ගනිං!' කියල, ග්‍රීසියේ අගමැති ජනමත විචාරණය අකුලගෙන. 

ඔය අස්සෙ මෙහෙ ලොක්කත් ගිහින් ඔව්වට හොට දානව. හැබැයි ඉතින් එහෙම කලාට පොර ගාව ඔව්වට දෙන්ඩ සතයක් වත් නෑ. අනික මෙහෙ යුරෝ පාවිච්චියකුත් නෑනෙ. ඉතින් පොරව වැඩිය කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒ උනාට ඉතින් මේ 'හිරු නොබසින අධිරාජ්‍ය' තිබ්බ රටනෙ. ( හිරු නගින්නෙ නැති එක වෙනම කතාවක්).  ඒක නිසා මොනවට හරි හොට දැම්මෙ නැත්තන් පොරට නිකන් කෑවේ නැතුව වගේ ඇති. ඒ අස්සෙ දැන් ඉරානෙට ගහන්ඩ ලෑස්ති වෙනව. අනෙ අම්මප. මේ සල්ලි නෑ කිය කිය ඉස්පිරිතාල, පුස්තකාල, ඉස්කෝල වහනව. හැබැයි කොහෙවත් ඉන්න රටවල් වලට කෙලින්ඩ සල්ලි තියෙනව. ඒවාට කෙලින්ඩ යන්නෙත් මේගොල්ලොන්ට ඕනවට නෙවෙයි. ඇමරිකාව යන නිසා. ඇමරිකන් ලොකු අයිය 'මල්ලි දෙමුද පොඩි සප් එකක්?' කියල අහන පරක්කුවෙන් මේ මල්ලිත් 'බොක්ක උනත් දෙන්නං අයියෙ' කියල යනව. ඇෆ්ගනිස්ථානේ, ඉරාකෙ, ලිබියාව, දැන් ඊළඟට ඉරානෙ. මේක පටන් ගත්තොත් නං කොහෙන් කෙලවර වෙයිද දන්නෑ. මේ යුද්ධ කතා ඇහුවම ලඟදි දැකපු බම්පර් ස්ටිකර් එකක් මතක් උනා.


"Be nice to America. Or we will bring democracy to your country!!"


image:http://www.cer.org.uk/publications/archive/essay/2009/europe-doomed-fail-power

31 comments:

  1. උඹට කියන්න, මම දැං නිවුස් බලන එක නවත්තලා තියෙන්නෙ.. මුංගෙ වැල් බයිලා අහනකොට ලේ රත් වෙනවා.. :S

    ReplyDelete
  2. අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්තම ඔහොම තමයි වෙන්නෙ..

    ReplyDelete
  3. //ඇමරිකන් ලොකු අයිය 'මල්ලි දෙමුද පොඩි සප් එකක්?' කියල අහන පරක්කුවෙන් මේ මල්ලිත් 'බොක්ක උනත් දෙන්නං අයියෙ' කියල යනව.//

    ඒකනේ අපි ඔය එංගලන්තේ මිනිස්සුන්ට වැඩිය කැමති නැත්තේ....:D

    ReplyDelete
  4. බුරා - මට නං 'පාර්ලිමන්ට් ජෝක්ස්' වගේ බන් මෙව්ව කියවද්දි.

    ReplyDelete
  5. cjgayan - මේගොල්ලො ඉතින් හැමදාම කරන්නෙ ඕක තමා.

    ReplyDelete
  6. පොඩ්ඩි - හෙහ් හෙහ්! ඔට්ටේලියන් පොඩි නංගි නිකන් බලා ඉන්නව ඇති. 'අනේ අයියලා අපි ඔව්වට නෑ කියල!'

    ReplyDelete
  7. මේක අහලා බොලා එකතු වෙලා මට තඩි බාන්න එපා. හරිද මන්දා? වැරදි නං පෙන්නා දෙන සේක්වා!

    මේක කියවලා මං හොඳට හිනහා වුනා. ඒත් අපිට නොපෙනෙන දේකුත් මේකෙ තියෙන්න බැරිද? අපේ කස්ටිය නං සපෝට් එකට යන්නෙ, කැමැත්තෙන්ම නෙවෙයි, නොගිහින් බැරි කමට.

    යැංකියො, "ලෝකෙටම පොලිස්" පාට් දැමිල්ල හරියි කියලා මං කියන්නෙ නෑ, ඒත් මං ඔය ඔ‍ටු කස්ටිය එක්ක වැඩ කරලා තියනවා. ඒ කස්ටිය කියන , කරන දේ බැලුවාම, යැංකියො නැතිව ඔ‍ටුවොන්ට ලොකු කම ලැබුනොත් මොකද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවන් නේද?

    ReplyDelete
  8. @සිරා,

    +1

    තෝරු මෝරු හැප්පෙනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියන කතාව අහලා නැද්ද.. :D

    ReplyDelete
  9. @සිරා,

    ආ කියන්න අමතකවුනා, ඉදලා හිටලාවත් මේ නමින් කමෙන්ට් එකක් වැටෙනවා දැක්කම සන්තෝසයි.. :)

    ReplyDelete
  10. අනේ මන්දා අන්තෝ ජටා බහි ජටා තමයි . ගෙදර හොම්බෙන් ගියත් අල්ලපු ගෙවල් වලට පෙන්වන්න එපයි අපිත් ඉන්නවා කියල

    ReplyDelete
  11. මමත් දැක්කා තමයි ඔය කට්ටිය දුව දුව සාකච්චා තියනවා.. අපේ බෙරුලුස්කෝනි අංකලුත් ගිහින් හිටියා මං දැක්කා.. මෙහේ කොල්ලෝ මෑන්ට යන්න කියලා මරා ගන්නවා.. පොර ගානක්වත් නැතුව අනුන්ගේ මගුල් වලට හොට දාන්න ගිහින්....

    ReplyDelete
  12. @බුරා
    ඇයි බොල මේ නමින් නැතුව මං ආයෙ, කන්කොටා, දල පූට්‍ටුවා කියලා දාන්නයෑ? :))
    එක්කො සිරා නහ්නං බිරා නෙව?

    ReplyDelete
  13. @සිරා,

    අම්මප ඉතිං ඕං ඕවා ඇහෙනකොට තමා මයෙ ඇගේ මාළු නටන්නෙ.. මං කිවුවෙ, මේ දවස්සොල වැඩිය සිරිබිරිස් ආතා පේන්ට නෑ නෙවැ.. ඉන්නෙ එකේක සත්තු නෙවැ, අලිමොටාලා, නරිමොටාලා, බස්සො, බකමූණො.. :D

    ReplyDelete
  14. සිරා - මොන නමෙන් කිව්වත් කියපු කතාවෙ නං ඇත්තක් තියෙනව. ඒ උනාට ඉතින් මුන් මේ තමන්ගෙ රටේ එව්වොන්ට කරන්නෙ නැතුව ලෝකෙට කරන්න යන එකනෙ වැඩේ.

    ReplyDelete
  15. Bindi - ඔතන සම්පුර්ණයෙන් තියෙන්නෙ පොර වීමේ උවමනාව මිසක්කා මේ අනික් එවුන්ට තියෙන සත්ව කරුණාව නෙවෙයි.:)

    ReplyDelete
  16. Dinesh - බෙර්ලුස්කොනි ලොක්කට නං ඉතින් කොල්ලොන්ට වඩා මරා ගන්නෙ කෙල්ලො නෙ. හික්!

    ReplyDelete
  17. බුරා - ඇයි බං රහස් පරික්ෂකයොත් ඉන්නව! :D

    ReplyDelete
  18. @ බුරා & මුහුදු
    බොලව් කොල්ලනේ. මේ හීතලට මයෙ හන්දිපත් රුදාව වැඩිවෙලා, ඒකයි වැඩිය එලියට පහලියට නොඑන්නෙ. ඔය හැන්දෑකොරේ නවා ගන්න බේත් වේලෙන් තමා යන්තංවත් රුයිතෙට හරි ඉන්නෙ. සත්තු සැට් එක නං ඉන්නෙ පොඩ්ඩිගෙ වලව්වෙ නොවැ. රහස් පරීක්ෂකයො කිව්වෙ හර්ලොක් ෂෝම්ස්, වොක්ට ඩොට්සන් ඩබල වෙන්ටෑ? :D

    ReplyDelete
  19. මම නම් උදේ හවා ප්‍රාර්තන කොරන්නේ අපේ රටේ තෙල් නොතිබේව කියලා... නැත්තන් ඔව්වො අපිටත් ප්‍රජාත්‍රන්තවාදය ගේනවා නෙව.

    ReplyDelete
  20. අනේ මන්ද මොනව කියන්නද කියල. ඔය ලොකු අයියටත් දැන් වැලේ වැල් නෑ. ඒ උනාට තෙල් රටක් පේන්න බෑ විමුක්තිය උදාකරන්නමෛ හිත. ඔය ලංකාවෙත් තෙල් තියනවාය කියල කෑ ගහන සද්දෙට ඒ පැත්තටත් කරුණාබැල්ම දමයිද දන්න්නෙ නෑ.

    ReplyDelete
  21. පූං පොහ් බ්ර්ර් පූං...... මං නං ඔන්න හිනා උනා. හැබැයි කටින් නෙමේ, නහය වහ ගන්ඩලා.....

    ReplyDelete
  22. සිරා - ඔව් ඔව් ඒ ඩබල ගැන තමා කිව්වෙ! :D

    ReplyDelete
  23. පිස්සා - අපි ඉතින් දැන් අනික් කඳවුරට මුක්කු ගහලනෙ ඉන්නෙ. ඒක නිසා එච්චරම අවුලක් වෙන එකක් නෑ

    ReplyDelete
  24. රෝස කුමාරි - වැලේ වැල් නැති උනත් ලොකු අයිය අතාරින්නෙ නැති එකනෙ වැඩේ!.

    ReplyDelete
  25. නවම් - අපෙ අප්පෝ ඔච්චර හිනා වෙන්ඩ එපා! :D

    ReplyDelete
  26. ඔබතුමා විසින් කරන ලද පුන්‍ය කටයුත්තට පුද්ගලිකව ස්තූති කරන්නට බැරි වුනේ ඔබව සොයා ගන්නට බැරි වීම නිසාවෙනි - ඒ කටයුත්ත වෙනුවන් මාගේ ඉමහත් කෘතවේදීත්වය

    https://plus.google.com/113001613988750875113/posts/aawtgpnwLSQ

    ReplyDelete
  27. තිස්ස - කවරෙකුට හෝ දුකකදී සවියක් වන්නට ලැබීම සතුටකි. ඒ අවස්ථාව ලබා දුන්නාට ඔබටත් තුති.

    ReplyDelete
  28. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  29. අලුත් පෝස්ට් එකක් ලියපිය කම්මැලි වෙන්නෙ නැතුව.. :))

    ReplyDelete
  30. මේ දවස් වල නහයටත් උඩින් වතුර ගිහින් තියෙන්නෙ බං. ගොඩ ආපු දාට ආයෙ කොටන්නං මක්ක හරි :))

    ReplyDelete
  31. ලෝකෙට පරකාසී.. ගෙදරට මරගාතේ.. :)

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!