Wednesday, November 2, 2011

“ ඊමේල් එකවුන්ට් හැක් කරන මෘදුකාංග ! “



අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කිරීම ගැන මම කලිනුත් ලිපියක් ලිව්ව. අද මම ලියන්නෙ ඒ‍ ලිපියෙ දෙවන කොටස. ඒ කියන්නේ ගොඩක් අය අනුන්ගේ ඊමේල් එකවුන්ට් හැක් කරන්න  පුලුවන් කියල හිතන් ඉන්න  ක්‍රමයක් ගැන.

ඒ තමයි E-mail Accounts Hacking software. සිංහලෙන් කියනව නම් ඊමේල් එකවුන්ට් හැක් කරන්න පුලුවන් කියල කියන මෘදුකාංග. ගොඩක් අය අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න ඕන වුණාම භාවිතා කරන ප්‍රධාන ක්‍රමයක් තමයි
  සර්ච් එංජින් එකක  Yahoo hacking software, Gmail hacking software, Hotmail hacking software, Password hacking software වැනි කීවර්ඩ්ස් (Keywords) සර්ච් කරන එක.  එවිට ලැබෙන ප්‍රතිඵල වල ඊමේල් එකවුන්ට් හැක් කරන්න පුලුවන් කියල කියන මෘදුකාංග  විශාල පුමාණයක් තියෙනව. හැබැයි ගොඩක් අය නොදන්නව වුණාට මේ මෘදුකාංග සියල්ලම ව්‍යාජ මෘදුකාංග.ඒකට හේතු මම පස්සෙ කියනව. ඊට කලින් මේ මෘදුකාංග ගැන විස්තර ටිකක් දැන ගෙන ඉදිමු.

මේ මෘදුකාංග වලින් සමහර මෘදුකාංග නොමිලේ දෙන ඒව. සමහර ඒව මුදල් ගෙවා මිලදී ගන්න ඕන ඒව. මේ මෘදුකාංග හැම එකක්ම කියන කතාවක් කමයි මේ මෘදුකාංග වලට ඉතා ඉක්මනින් ඕනෑම Yahoo, Gmail,… වැනි ඊමේල් එකවුන්ට් එකක් හැක් කරල එහි අවසර පදය(Password) හොයල දෙන්න පුළුවන්ලු. ඒ ව‍ගේම මේ මේ මෘදුකාංග වලට අවශ්‍ය වෙන්න හැක් කරන්න ඕන ඊමේල් ලිපිනය විතරයිලු.

මේ විදියෙ එක මෘදුකාංග‍යක් තමයි  Imperium Webmail Hack”.

හැබැයි වැරදිලාවත් භාවිතා කරන්න නම් එපා. මොකද මේක ව්‍යාජ මෘදුකාංගයක්. මේ මෘදුකාංග‍ය භාවිතා කරල ඊමේල් එකවුන්ට් හැක් කරන විදිය කියල දෙන videos ගොඩක් Youtube වලත් තියෙනව. ඒවත පට්ට පල් බොරු.

Imperium Webmail Hack.”. මෘදුකාංග‍‍යෙන් ඊමේල් එකවුන්ට් හැක් කරන්න මේ පියවර අනුගමනය කරන්න ඕනලු. හැබැයි වැරදිලාවත් කරන්න නම් එපා.

1. හැක් කරන්න ඕන එකවුන්ට් එකේ ඊමේල් ලිපිනය මෘදුකාංග‍‍යට ඇතුල්   කරන්නලු

එවිට මෘදුකාංග‍‍යෙන් මේ විදියෙ පණිවිඩයක්(Message) ලැබෙනව.
Please wait to extract password from database”.
සිංහ‍ලෙන් කියනව නම් අවසර පදය පරිගණක දත්ත ගබඩාවෙන් ගන්නකන් පොඩ්ඩක් ඉන්නලු.

මම දැන් කියන්නම් ඇයි මම මේක ව්‍යාජ මෘදුකාංගයක් කියල කිව්වෙ ඇයි කියල,

1. පළවෙනි හේතුව තමයි Yahoo,Google,... වැනි ප්‍රභල සමාගම් තමන්ගෙ පරිගණක දත්ත ගබඩා,  මෙවැනි  මෘදුකාංග‍‍යකින් හැක් කරන්න පුලුවන් විදියට අනාරක්ෂිතව තබන්නෙ නෑ. එහෙම තියෙනව නම් මේ සමාගම් මෙලහකට බංකොලොත් වෙලා වහල දාල. මෙම සමාගම් තමන්ගෙ පරිගණක දත්ත ගබඩාවලට විශාල ආරාක්ෂාවක් ලබා දෙනව. ඒ නිසා මෙතරම් පහසු‍‍වෙන් ඔවුන‍්ගෙ දත්ත ගබඩා හැක් කරන්න බෑ.

2. දෙවනි හේතුව තමයි Please wait to extract password from database”. කියනමැසේජ් එක.  මේ වගේ මැසේජ් එකක් දෙන මෘදුකාජගයක් visual basic වලින් වුණත් හදන්න පුලුවන්. මේ කියන විදියට අවුරුද්දක් පරිගණකය දිහා බලන් හිටියත් අවසරපදය නම් හම්බ වෙන්නෙ නෑ. කරන්න වැඩක් එහෙම නැත්තම් ඒක දිහා බලන් ඉන්න.

මේ විදියට ඊමේල් එකවුන්ට් හැක් කරන්න ගියොත් වෙන්න තමන්ගේ මුදලුත් කාලයත් දෙකම නාස්ති කරගන්න තමා. ඊමේල් එකවුන්ට් හැක් කරන්න පුලුවන් කියල කියන අනිත් මදුකාංගත් මේ වගේ තමයි. පට්ට පල් බොරු.

හැබැයි අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න මේ මෘදුකාංග භාවිතා කරොත් තමන්ගෙ ඊමේල් එකවුන්ට්  නම් හැක්වෙන්න පුළුවන්. මොකද මේ මෘදුකාංග වලට Keyloggers සම්බන්ද කරල තියෙනව.ඒක හින්ද අනුන‍්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න යන්න නම් එපා. අන්තිමට අමාරුවේ වැටෙන්නෙ තමාම තමයි.

ආයි ඉතින් මේ වගේ මෘදුකාංග දැක්කම, කවුරු හරි මගේ ඊමේල් එකවුන්ට් එකත් මේ වගේ මෘදුකාංග භාවිතා කරල හැක් කරයි කියල බය වෙන්න ඕන නෑ. මො‍කද එහෙම කරන්න බෑ. හැබැයි තමන්ගෙ ඊමේල් එකවුන්ට් එක හැක් වෙන්න පුළුවන් වෙනත ක්‍රම 2ක් තියෙනව. ඒ ක්‍රම දෙකෙන් බේරෙන විදිය ඊලග ලිපියෙන් කියල දෙන්නම්කො.

පුළුවන් නම් ලිපිය හොදයිද නරකයිද කියලවත් යටින් Comment එකක් දාල යන්න.

7 comments:

  1. Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර්වල තියෙන Web history and Web cookies බාවිතා කරල පුලුවන්ද කාට හෝ අපගේ gmail එක hack කරන්න? ඉතාම වැදගත් අනතුරු ඇගවීමක්. මොකද අද ‍ගොඩක් සිංහල blogs මෙතනින් බාගන්න අතනින් බාගන්න කියල විනාශකාරී පරිගණක මෟදුකාංග වලට links දෙනවනේ. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම කලාට.

    ReplyDelete
  2. @ Nalaka Prasad;
    අදහස් දැක්වූවට ස්තූතියි!

    අපි අපේ email account එකට login වෙලා ඉද්දි මෙම cookies වල අපගේ email account එකේ password සේව් වෙලා තියෙනව. ඒ නිසා අපි නොදැනුවත්ව පරිගණකයේ install කර ගන්න විනාශකා‍රී වැඩස‍ටහනකට මේ පාස්වර්ඩ් ලබා ගැනීමේ හැකියාව තියෙනව. ඒක නිසා විශ්වාශයක් නොමැති ‍ web sites වලින් software, add ones වගේ දේවල් පරිගණකයට install නොකර ඉන්න එක ඇගට ගුණයි.

    ReplyDelete
  3. Hack karanna Barinam ay mokatada kiyanne?
    @Nalaka Prasad said..
    Okatha kiyala dena de ya k
    thanakyaou!

    ReplyDelete
  4. Today, I went to the beachfront with my children. I found a sea shell and gave it to my 4 year old
    daughter and said "You can hear the ocean if you put this to your ear." She placed
    the shell to her ear and screamed. There was a hermit crab inside and it pinched her ear.

    She never wants to go back! LoL I know this is completely off topic but I had to tell
    someone!

    My weblog; online at home jobs

    ReplyDelete
  5. Great work! That is the type of info that are meant to be shared across the net.
    Shame on Google for no longer positioning this
    post upper! Come on over and consult with my website . Thank you =)

    my site :: viagra online

    ReplyDelete
  6. හරියට හරි මටත් ඕක වෙලා තියනවා!!

    ReplyDelete