Powered By Blogger

Saturday, October 29, 2011

අද ඔක්තෝබර් විසිනමවෙනි සෙනසුරදා

අදත් සුපුරුදු ලෙස 9.00 වෙනකොට ඔෆිස් එකට ගියා. අද GM ඈවිත් ඔෆිස් එකේ මීටින් එකක් තියනව කියලා තිබුණත් කවුරුත් හිටියෙ නෑහෑ. කොහොමත් අද මට වෑඩ කිහිපයක් දාගෙන තිබුණ නිසා, එහෙම මීටින් එකකට කියලා ඉන්න වෙලාවකුත් නෑහෑ. මොකද, දෑන් සමහර ප්‍රොජෙක්ට්ස් දුවන්නෙ මගේ ඕනකමට වගේනෙ. ඒක නිසා, මම සයිට් එක්ක කතාකරගෙන වෑඩ ටික කරගෙන යන්න සෑලෑස්මක් හදාගෙන තියනවා. ඒක නිසා, මට ඒ දේවල්වලට, ඔෆිස් එකෙන් නෑති සපෝර්ට් එකක් දෙද්දි, මට කොහොමත් ඔෆිස් එකේ මීටින් එකකට ඉන්න විදිහක් නෑහෑ කතාකරගත්ත විදිහට මම වෑඩකරනවා ඈරෙන්න. ඊයේ මීටින් එකේදි Mr. ජයවර්ධන මගෙන් ඈහුවා " ඔයගොල්ලනෙගි MDට මේ ප්‍රොජෙක්ට් එක්ට සම්බන්ධ වෙන්න ඕන නෑද්ද?" කියලත්.

ඒ ක්‍රමයෙන් මටත් හොඳයි, අපේ කම්පෑණියටත් හොඳයි. මෙහෙමවත් නොකෙරුවොත් මිනිස්සු බනින්නෙ මම වෑඩ කරන්නෙ නෑහෑයි කියලා. මම සයිට් එකේ සපෝර්ට් එකෙන් හරි වෑඩ ටික කෙරුවොත්, අඩු ගානේ, අපේ කම්පෑණියේ එකෙක් හරි සයිට් ගෑන හොයලා බලලා වෑඩ කරනවනෙ කියලා හිතයිනෙ.

ඊයේ මීටින් එකේදි මම පොරොන්දු උනා, මගේ වියදමින් සයිට් එකට අවශ්ය කරන බඩුටික අරගෙන එනවා කියලා. එහෙම කරාම, මට සයිට් එකේ පෙටිකෑෂ් වලින් පේමන්ට් එකක් කරන්න ඒ ගොල්ලො පොරොන්දු උනා. ඒක නිසා මම ඔෆිස් එකේ ඉඳන් කෙලින්මගියේ ගල්වලට.

බණ්ඩාරණායක මාවතේ වෑන් එක දෑම්ම. මුලින්ම කඩේකට ගිහින් 10mm ත්‍රෙඩ් බාර් එක්ක ගාන ඈහුවම 210.00ක් කියනවා. මට සති දෙකකට කලින් කොලොනියල් එකෙන් දීලා තිබුනෙ 140.00 ටනෙ. මම ගියා කොලොනියල් එකට. ගිහින් ඈහුව " 10mm ත්‍රෙඩ් බාර් එකක් කීයද?" කියලා. කියනව" 200.00 යි" කියලා. මම ඒ පාර අපිට බඩු දීපු ප්‍රොෆොර්මා එක පෙන්නුවා. ඒ පාර එයාල කිව්ව " මේක වෑරදීමක්, මේ තියෙන්නෙ 8mm ත්‍රෙඩ්බාර් එකක ගාන" කියලා. මම ඒත් ඈහුවා "190.00ට දෙන්න පුලුවන්ද?" කියල. ඒත් "බෑහෑ" කිව්ව. මට කලින් කඩෙදි 190.00 ට දෙන්නම් කිව්ව, ඒක නිසයි එහෙම ඈහුවෙ.

ඒ පාර මම පරණ යෝනක වීදියේ තියන කොලොනියල් එකට ගිහින් ඈහුවම කිව්ව 190.00 ට දෙන්නම් කියලා. ඒ පාර මම ත්‍රෙඩ්බාර් 30 කට සල්ලි දීලා, ඒක ගෙනත් තියනකම් කොපර් සොකට් හොයන්න ගියා.

මිලිමීටර් කොපර් සොකට් හොයන එක තියා අඟලේ ඒවාවත් හොයන එක මහ ගේමක්. කිසිම තෑනක මට හොයාගන්න බෑහෑ. කේම්බ්‍රිජ් එකේන් කිව්වා සිම්කොන් එකේ බලන්න කියලා. එතන තමයි පලාතටම සොකට් තිබුනෙ. මම ගිහින් බෑලුවම තියෙන්නෙ අඟලේ ෆිටින්ග්ස්.

කොකටත් මම පයිප්ප සාම්පල් අරන්නෙ ගියේ. ඒක නිසා 35mm එකටයි 28mm එකටයි හරියන අඟලේ සොකට් හොයාගත්තා. ඒ ටිකත් අරගෙන මම මාළඹේ සයිට් එකට යන්න ගියා.

සයිට් එකට ගිහින් සොකට් ටික ජයසේනට දුන්නා. මම යන්කොට ජයසේනගෙ ගෝලයොටික ත්‍රෙඩ් බාර් නෑතුව වෑඩ නවත්තලා තිබුනෙ. මම ගිහින් කිව්ව වෑන් එකේ බඩු තියනවා අරගන්න කියලා. ගෙනාපු බඩු සේරම ජයසේනට දීලා කිව්වා, අඩු පාඩු ලබන සතියෙ අරන් දෙන්නම් කියලා.

සයිට් එකේඑ ස්ටොර් කීපර්ගෙන් මම වෑල්ව් තුනක් සාම්පල් විදිහට ගත්තා. ඒ ඒවාට කොපර් පයිප්ප පාහන්න ඈඩප්ටර් ලියවන්න ඕන නිසා. මට පේමන්ට් එක කරන්න ටිකක් දවල් වෙනකන් ඉන්න කිව්ව. මොකද, කුරුණෑගලින් සල්ලි දාන්න ඕන කිව්ව, මෙහෙන් ගන්න. මට ඉතින් 1.30 වගේ වෙනකන් ඉන්න උනා පේමන්ට් එක කරනකන්. කොහොමත් මගේ සල්ලි වලින් බඩු ගෙනාපු නිසා පේමන්ට් එක නෑතුව මට එන්නත් බෑහෑනෙ.

ඒකත් අරගෙන ඔෆිස් එකට ආවා. එනකොටම වගේ බොස් කාරෙකෙන් අතවනාගෙනම යන්න ගියා. මම ඔෆිස් එකට යන්කොට හිටියේ රොෂි විතරයි. අනික් අය සේරම ගිහින්. මම ගිහින් කෑම කාලා, පොඩි වෑඩ ටිකක් තිබුණත් කවුරුත් නෑති එකේ එන්න ආවා.

එන ගමන් ඔසු සලට ගියා තාත්තගේ බෙහෙත් ටික ගන්න. ඒවත් අරගෙන ගෙදර එනකොට වෙලාව 4.00 ට වගේ ඈති. පොඩි අයියත් ඈවිත් තේකක් බොනවා. මම අම්මට කිව්ව මටත් තේකක් හදලා දෙන්න මහන්සියි කියලා.

තේක බොනගමන් පොඩ්ඩක් විතර කෙටුවා. බ්ලොග් ටිකක් කියෙව්ව. හවස් වෙලා තිබුණ නිසා කරන්න කියලා දෙයකුත් නෑහෑ.

4 comments:

  1. මොකක්දෝ කියවගෙන යන්න ආසාහිතෙන රසයක් තියේ මට මේ බ්ලොග් එකේ. අව්‍යාජ සටහන් වල ඇති අපූරුවද ඒ. ඉඳහිට කොමෙන්ට් කලත් කියවමි.
    පුලුවන් වෙලාවට ලියන්න.
    ජය

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කමමෙන්ට් කරාට මගේ දින පොතේ
    මතකද? ඔබ මගේ පෙට්‍රොලියම් ගුරාවිය දෙදහස් එකේ
    දිනපොත නිසා එළෙසින් සටහන් කලයුතුව තිබේ
    පියවර තබන්නෙමු අද ඔබෙ, හද ගී පොතේ

    ReplyDelete
  3. හපොයි නවීන්ද්‍ර එහෙමද? හප්පා සතුටුයි අහන්නත්
    දැනගැනීමට ලැබීම ඉතාම සතුටුයි....

    ReplyDelete
  4. අනේ මන්දා අයියේ අයියා ඉන්න කල් ඔය කොම්පැනිය ඔහොම හරි දුවයි. අයියා අයින් වුන දවසට තමා බලන්න වෙන්නෙ වැඩේ..

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .