Thursday, October 27, 2011

වාසනාව

පාරේ ගිය
අන්ධයකුගේ
අතින් අල්ලා ගත්
මිනිසෙකු
අන්ධයා ඉදිරියට
ගෙනයන විට...
අන්ධයා ඇසින්
දුටු දේ ලෙස

මිනිසාට කියන තොරතුරු
සිනාමුසුව අසා සිටින
ඔහු ගැන
අන්ධයා සිතනුයේ....
මෝඩයකු තම 
අත අල්ලාගෙන
යන බවයි.
අන්ධයා ඔහුගේ
අත ගසා දමා
නතරවන විට,
ඔහුගේ 
අත අල්ලා ගන්නා 
අය
අන්ධයා ගෙන යනුයේ.....
කොයි බට දැයි
අන්ධයා නොදනී.
අන්ධයා ගේ අත ගන්නා
සියලු දෙනා
මනුෂයන්ද,
යක්ෂයන්ද,
යන්න රදා පවතිනුයේ....
අන්ධයාගේ
වාසනාව මතයි....... 

1 comment:

JEEWAN said...

ගොඩක් දවස් ඔයාගේ ලිපි කියෙවුවට කමෙන්ට් කලේ නම් නැතිමද කොහෙද මේක නම් 10 පාරක් විතර කියෙවුවටත් පස්සේ අනිවා එකක් දාන්න ඕනේ කියල හිතුනා සුබ පැතුම් යාලුවා ඔයාට අමුතුම දෙයක් හිතෙනවා ඒ විතරක් නෙවෙයි හිතන දේ එලියට දෙන්නත් ලොකු උත්සාහයක් දරනවා මම මෙහෙම කිවුවට ඔයා තරම් දක්ෂයෙක් නම් නෙවෙයි