Friday, July 16, 2010

සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න....

මේ කවි පෙල කියවා බලන්න. රාවය පත්‍රයක පලවී තිබුණු මෙය එක්තරා වූ ශෛලියක එලි දැක්වීමකි. වල් කමකින් තොරව සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න. බැලූ බැල්මට මෙහි ඇති සාහිත්‍යයක්නම් නොමැත. නමුත් මට හැගෙන පරිදි අප සමාජයේ ගැබුරු පැතිකඩක් මින් විදහා දක්වයි. වැදගත් වන්නේ එම පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.



නැගණියට මංගල දැන්වීමක්


ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරැවක්‍ කොරාපු දාය


ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
වි‍ජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම
මල්වර රැධි‍රය ඇගේ කලවා තෙත් කළේය

ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත
ඔහුගේ මරැ නැකත විය

දැන් දෙදාස් තුනය
ඈට දැන් අවුරැදු විසි හයකි

ඇගේ දෙපා ඩිජිටල්ය
ස්කෑන් කර බැලුවත්
වැලි කැටයක පලුද්දක් නැත
ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය

මිනි ටී එකෙන් ඈත් මෑත් වන
නැබතුර ඩීවීඩී කොලිටිය
ඈ දෑත් හයි රිසලුෂන්ය
මයි‍ක්‍රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය

ඇගේ වත නම් වී.එම්. එස් ය
ඇගේ කට හඬ එෆ්. එම් ය
ඔලුව වෑල් ය
හදවත ට්‍රැකින් වේ
(හැදුවට වැඩක්ම නැත)
ඇගේ ආත්මයේ ෆන් ගස් බැඳී ඇත
ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
ඩි‍ඔචරන්ට් ගඳය
ඇගේ පෑන්ටිය C.K ය
එහෙත්
අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය

ඈ මගේ නංගීය
මා ඈ ගැන බැලිය යුතුමය
ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
ඩිජිටල් මෝඩයෙක් සොයමි
ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
ඇනලොග් නම් දික්කසාද

දරැවන් නැති අය ඉල්ලන්න

- කේ කේ සමන් කුමාර

4 comments:

  1. ඇත්තටම නියමයි. ලිව්වෙ කවුද කියලා හොයාගන්න බැරිද?

    ReplyDelete
  2. සමාවෙන්න සහෝ ලියපු කෙනා හොයා ගන්නනම් බැරි වෙයි. මොකද මම මේ පත්තර කෑල්ල හොයා ගත්තෙ මගෙ යාළුවෙක්ගෙන්. මම ඒකෙ තිබුන දේ ලියා ගත්තු එක විතරයි කලේ. මම උත්සහ කරල බලන්නම් හොයා ගන්න කව්ද ලිව්වෙ කියල.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.