Friday, August 19, 2011

පරිගණකයේ හාඩ් ඩිස්කයේ අයිකන් වෙනස් කරමු.

 
(ෙම් වැ‍‍ෙඩ්   Windows XP සහ ඊට පසු පැමිණි මෙහෙයුමි පද්ධති සමග ක්‍රියා කරයි. WindowsXP වලට පෙර පැමිණි මෙහෙයුමි පද්ධති සමග සමහරවිට ක්‍රියා කරයි. ශුවර් නෑ.)


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පරිගණකයේ හාඩ් ඩිස්ක් පාටිෂන් වල තියෙන අයිකන් වෙනස් කරන විදිය. ‍ සාමාන්‍ය ‍ෙෆා්ල්ඩර්ස් වල අයිකන්  වෙනස් කරන විදියට නම් හාඩ් ඩිස්ක් පාටිෂන් වල  අයිකන් වෙනස් කරන්න බැ. ඒකට වෙනම විදානයක් තියෙනව.

ඉස්සෙල්ලම අපි කරන්න  අවශ්‍ය වන‍්නෙ,
හාඩ් ඩිස්ක් පාටිෂන් එකකට දාන්න අවශ්‍ය අයිකන් එකක් තෝරා ගන්න එක. ඔය කට්ටිය ගාව ඒකට හරියන අයිකන් එකක් නැත්තම් කලබල ‍ෙවන්න එපා. කරන්න තියෙන්න MS Paint වලින් අයිකන් එකක් සකස් කර ගන්න එක. ඒක නිකන් කජු කනව වගේ වැඩක්. ඉස්සෙල්ලම  MS Paint දියත් කර ගන්න ඕන.


ඒකට,
Start→All Programe→Accessories→Paint යන මාර්ගය අනුගමනය කරන්න ඕනෙ.  Paint වලට යන විදියත් කියල දුන්න කියල තරහ ගන්න එපා. හැමෝටම තේරෙන්න ඕන හින්දයි ඒකත් කියල දුන්නෙ.

අපි ‍ෙම් වැ‍ෙඩ්ට හදා ගන්න ඕන Pixels 60X60 අයිකන් එකක්. සිංහලෙන් කියනව නම් උස Pixels 60 පළල Pixels 60 ක් වන අයිකන් එකක් Paint වලින් හදා ගන්න ඕන.  ඒකට ‍ෙම් ‍පියවර ටික අනුගමනය කරන්න.

ඉස්සෙල්ලම MS Paint දියත් කර ගන්න.

ඊට පස්සේ ලැබෙන පේජ් එක අපි හදන අයිකන් එකේ ප්‍රමාණයට වෙනස් කරන්න ඕන.

ඒකට
Image→Attributes යන මෙනු විධානය ක්‍රියාත්මක කරල Attributes සංවාද කොටුව ලබා ගන්න. 
එහි Width ඉදිරියේ පළල 60 ක් ලෙසත් Height ඉදිරියේ උස 60 ක් ලෙසත් යොදන්න. Units යටතේ ඒකකය ලෙස Pixels ලෙසත් තෝරා තිබිය යුතයි. දැන් Ok බොත්තම ඔබන්න.

දැන් ඉතින් දන්න වැඩ ඔක්කෙ‍ාම දාල  ලස්සන අයිකන් එකක් හදාගන්න.
අයිකන් එක හදල ඉවර වුනාට පස්සෙ File→Save විදානය භාවිතා කරල Save   සංවාද කොටුව  ලබා ගන්න. දැන් File Name යටතේ ඔබගේ අයිකන් එකට   නමක් ලබා දෙන්න.

උදාහරණයක් විදියට මම ලබා දෙන්නෙ ITECH කියන නම. ඉන්පසුව තිතක් තබා ico යන්න සදහන කර Save බොත්තම ඔබන්න. එතකොට මම දීපු සම්පූර්ණ File Name එක වෙන්නෙ  ITECH.ico

මෙහි ITECH කියන කොටසට ඔය කට්ටිය කැමති නමක් දාගන්න.
මෙහි  ico කියන්නේ අයිකන් සදහා වන ෆයිල් එක‍්ස්ටෙන්ෂන් එක )

මෙහිදී ඔය කට්ටිය හදා ගත්ත අයිකන් එක සේව් කර ගන්න ඕනෙ, අයිකන් එක වෙනස් කර ගන්න ඕන පාටිෂන් එක තුළයි. අයිකන් එක වැරදිලාවත් ෆෝල්ඩරයක් ඇතුලෙ එහෙම සේව් කර ගන්න එපා.

දැන් අයිකන් එක හදන වැ‍ෙඕ ඉවරයි. දැන් තියෙන්නෙ හදා ගත්ත අයිකන් එක  හාඩ් ඩිස්ක් පාටිෂන් එකට දා ගන්න එක. ඒකට  Notepad ඕපන් කර ගන්න ඕන.  ඒකට 
Start→All Programe→Accessories→ Notepad යන මාර්ගය අනුගමනය කරන්න ඕනෙ.
දැන් පහත දැක්වෙන පරිදි  Notepad එක තුල ටයිප් කරන්න.

[autorun]
Icon=ITECH.ico

මෙහිදී  ITECH.ico වෙනුවට ඔබ සෑදූ අයිකන් එකට යෙදූ සම්පූර්ණ නම යොදන්න.
(මෙහිදී සම්පූර්ණ නම කිව්වෙ .ico ෆයිල් එක‍්ස්ටෙන්ෂන් එකත් එක්කම)

දැන් ඉහත වැ‍ෙඩ් ඉවර වුණාට පස්සෙ,  File→Save විදානය භාවිතා කරල Save සංවාද කොටුව ලබා ගන්න. දැන් File Name යටතේ Autorun ලෙස ටයිප් කර තිතක් තබා inf ලෙස සදහන් කර සේව් කරන්න.  එතකොට දීපු සම්පූර්ණ File Name එක වෙන්නෙ  Autorun.inf

‍ෙම් ෆයිල් එක සේව් කරන්නත් ඕනෙ, අයිකන් එක වෙනස් කර ගන්න ඕන පාටිෂන් එක තුළමයි. ‍ෙම් ෆයිල් එක වැරදිලාවත් ෆෝල්ඩරයක් ඇතුලෙ එහෙම සේව් කර න්න එපා.

දැන් පරිගණකය Restart කරල බලන්නකො. එතකොට ඔය‍ාල හදපු අයිකන් එක පාටිෂන් එකේ අයිකන් එක බවට පත්වෙලා තියෙයි.

2 comments:

  1. නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
    මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

    1. ගණකාධිකරණය
    2. කෘෂිකාර්මික විද්යාමව
    3. බුද්ධ ධර්මය
    4. ක්රිධස්තියානි ආගම
    5. නර්තනය
    6. ආර්ථික විද්යාිව ‍
    7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
    8. භූගෝල විද්යා‍ව
    9. ඉතිහාසය
    10. තොරතුරු තාක්ෂණය
    11. ගණිතය
    12. සංගීතය
    13. දේශපාලනය විද්යාොව
    14. සිංහල භාෂාව
    15. ජීව විද්යාවව
    16. රසායන විද්යා‍ව
    17. භෞතික විද්යාවව
    18. Home Economics
    19. Hard Technology
    20. Higher Mathematics
    21. Logic & Scientific Method
    22. Buddhist Civilization
    23. Business Studies
    24. Christian Civilization
    25. Combined Mathematics
    26. Communication & Media Studies

    යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
    Gurulugomi2014@gmail.com
    http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

    ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
    1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
    2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
    3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
    4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
    ස්තූතියි!
    Main Administrator
    www.Gurugedara.org
    0779371035

    වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
    www.gurumag.blogspot.com

    ReplyDelete