Saturday, August 27, 2011

“අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න ඕනද/එපාද ? “



අනුන්ගෙ  ඊමේල් එකවුන්ට් හැක් කරමුද ? “ කියල කවුරු හරි ඔ‍ෙබන් ඇහුවොත් ඔබේ පිලිතුර මොකක්ද ? මම නම් හිතන්නෙ මේ ප්‍රශ්ණෙ 10 දෙනෙකුගේ ඇහුවොත් 9 ක්ම කියය හැක් කරමු කියල.  මොකද මිනිස්සු අනුන්ගෙ දේවල් හොයනන් හරි කැමතියි.  හැබැයි මේ වගේ දේවල් කරන්න
ගියාම අන්තිමට අමරුවේ වැටෙන්නෙ ඔබම තමයි. ඒ කොහොමද ක්යල මම දැන් ඔබ‍ට කියන්නම්.

ගෙ‍ාඩක් අය කාගෙ හරි ඊමේල් එකවුන්ට් එකක් හැක් කරන්න ඕන වුණාම කරන්නෙ සර්ච් එංජින් එකක ඒ ගැන සර්ච් කරන එක. එතකොට ඊමේල් එකවුන්ට් හැක් කරන ක්‍රම විදියට ලැබෙන ප්‍රතිඵල වල ගොඩක්ම තියෙන්නෙ ‍පහත දැක්වෙන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵල තමයි.

I know a lot of you are wondering how to hack Yahoo..Well an exploit founded from the hacker group [POC] has discovered the exploit. Me, being a close friend of the leader, I have posted what he has sent me:
Hey, I found this way to hack Yahoo, it's actually pretty easy, here is what you do:
1.) Write in the body of the letter The person's email address your hacking.
2.)Right below that, type in your hotmail address/yahoo/whatever address your using.
3.) Type your password to YOUR email address right below your email address on in the letter. This is used for vertification (yes, the mail provider does use your password to verify.)
4.) Here is an example of what this should look like:
Joeschmo@yahoo.com
Frank@yahoo.com
password to frank@yahoo.com
Joeschmo is the address your hacking, frank is your email address, and then the password to frank@yahoo.com is your password for your email address.
Now the final, and MOST IMPORTANT STEP is to email all of this to email this to pw_retrieved@yahoo.com, with this code pasted right below the password to your email address: adsflwro%$#AR11345.
That code is what will trigger the pw_retrieved@yahoo.com to send you back a message with the person's password. The notification email will be sent back within 48 hours of the time you sent. So here is what it will all look like in the end:
මේකෙ තියෙන්නෙ Yahoo Mail හැක් කරන විදිය කියල. Gmail වගේ වෙනත් Mail සේවාවන් හැක් කරන විදිය, කියල තියෙන ලිපිත් ඉහත ලිපියෙ ෆොටෝ කොපි වගේ තමයි.

 ඇත්තම කියනව නම් ඉහත දැක්වෙන ඊමේල් එකවුන්ට් හැක් කරන ක්‍රමය පට්ට පල් බොරුවක්.  මේකෙ කියන විදියට ඔය කට්ටියට කාගෙ හරි ඊමේල් එකවුන්ට් එකක් හැක් කරන්න ඕනෙ නම් පහත පියවර අනුගමනය කරන්න ඕනලු. (හැබැයි වැරදිලාවත් කරන්න නම් එපා )

1. ඉස්සෙල්සම අලුත් ඊමේල් ලිපියක් ලියන්න පටත් ගෙන ඒකෙ BODY එකෙ ඔය කට්ටියට හැක් කරන්න ඕන ඊමේල් ලිපිනය ලියන්නලු.

2. ඊට යටින්  තමන්ගෙ ඊමේල් ලිපිනයයි, එකෙ අවසරපදයයි(Password) ලියන්නලු.

3. ඊට පස්සෙ adsflwro%$#AR11345 කියන  කෝඩ් එක ඔය කට්ටියගෙ අවසරපදයට යටින් PASTE කරල සම්පූර්ණ ලිපියම  pw_retrieved@yahoo.com  කියන ඊමේල ලිපිනයට ඊමේල් කරන්නලු.

4. අන්තිමට කියනව පැය 48න් හැක් කරන්න ඕන ඊමේල් ලිපිනය හැක කරල ඒකෙ අවසර පදය තමන්ගේ  ඊමේල ලිපිනයට ඊමේල් කරන්නම්ලු.

ආයිමත් මම කියන්නෙ මේ ක්‍රමේ වැරදිලාවත් අනුගමනය කරන්න නම් එපා.

මොකද මේක සුද්දන්ගෙ තවත් ලණුවක්.  මේක ලණුවක් කියල මම කියන්නෙ මේ හේතු හින්ද ?

1. පළවෙනි හේතුව තමයි මේ ක්‍රමේ කියන පුද්ගලය  වෙන ඊමේල් එකවුන්ට් හැක් කරන්න අපේ ඊමේල් එකවුන්ට් එකේ අවසරපදය ඉල්ලන එක.  මොහු මේකට හේතු ලෙස පවසන්නේ අපව තහවුරු කර ගැනීමට කියාය. ඒ වුණාට වෙන ඊමේල් එකවුන්ට් හැක් කරන්න අපේ ඊමේල් එකවුන්ට් එකේ අවසරපදය අවශ්‍ය නෑ කියල ඕන පොඩි එකෙක් දන්නව.  මේ ලණුව දෙන සුද්ද බලන්නෙ වෙන ඊමේල් එකවුන්ට් එකක් හැක් කරල දෙන්නම් කියල අපේ ඉමේල් එකවුන්ට් එකේ අවසර පදය නිකම්ම හොය‍‍ා ගෙන ඌගෙ වැඩ වලට අපේ ඉමේල් එකවුන්ට් එක පාවිච්චි කරන්න.

2. දෙවනි හේතුව තමයි කෝඩ් එකක් කියල ‍ paste කරන්න කියන adsflwro%$#AR11345. මේක කිස්ම විදියක කෝඩ් එකක් නෙමේ. මේක නිකම්ම නිකන් අකුරු, සංකේත සහ ඉලක්කම් ටිකක් විතරයි.   

මේ විදියට  ඊමේල් එකවුන්ට් හැක් කරන්න ගියොත් වෙන්න නිකම්ම තමන්ගේ ඊමේල් එකවුන්ට් එක හැක් වෙන ඒක.  ඊට පස්සෙ ඉතින් අපිට හිතා ගන්න වත් බැරි වැඩ අපේ ඊමේල් එකවුන්ට් එකෙන් වෙලා තියෙයි.

සමහර වෙලාවට ඊමේල් එකවුන්ට් හැක් කරන්න පුලුවන් කියල කියන මෘදුකාංගත් අන්තර්ජාලයෙන් හම්බවෙනව. හැබැයි මේ මෘදුකාංග මිලදී ගන්න අයට අන්තිමට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකත් සුද්ද කරගෙන තමන්ගේ ඊමේල් එකවුන්ට් එකත් හැක්කරගෙන ඇටිකෙ‍හෙල් ගිලපු උගුඩුව වගෙ ඉන්න තමයි වෙන්නෙ.

අන්තිමට කියන්න තියෙන්නේ ‍ඉහත ක්‍රම වලට හරි වෙනත් ක්‍රමවලට හරි අනුන‍්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න යන්න නම් එපා. අන්තිමට අමාරුවේ වැටෙන්නෙ තමාම තමයි. ඊටත් වඩා මේක නීති විරෝධි වැඩක්. ඒක හින්ද අනුන්ගෙ දේවල් හොයන් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක ඇගට ගුණයි.

පුළුවන් නම් ලිපිය හොදයිද නරකයිද කියලවත් යටින් Comment එකක් දාල යන්න.

5 comments:

  1. ෂා එළ කොල්ලෙක‍්නෙ නියම් කොල්ලෝ කියල වැඩක් නෑ මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  2. @ Nalaka Prasad;
    අදහස් දැක්වූවට බොහොම ස්තූතියි!

    @ Anonymous;
    අදහස් දැක්වූවට බොහොම ස්තූතියි!

    ReplyDelete
  3. ඔව් ඔව් බොහොම වැදගත් වටිනා ලිපියක්. ඔය අනුන්ගේ e mail hack කරන්න කෙල හලන ලංකාවේ hacker බයියලට හොද පාඩමක්.

    ReplyDelete
  4. නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
    මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

    1. ගණකාධිකරණය
    2. කෘෂිකාර්මික විද්යාමව
    3. බුද්ධ ධර්මය
    4. ක්රිධස්තියානි ආගම
    5. නර්තනය
    6. ආර්ථික විද්යාිව ‍
    7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
    8. භූගෝල විද්යා‍ව
    9. ඉතිහාසය
    10. තොරතුරු තාක්ෂණය
    11. ගණිතය
    12. සංගීතය
    13. දේශපාලනය විද්යාොව
    14. සිංහල භාෂාව
    15. ජීව විද්යාවව
    16. රසායන විද්යා‍ව
    17. භෞතික විද්යාවව
    18. Home Economics
    19. Hard Technology
    20. Higher Mathematics
    21. Logic & Scientific Method
    22. Buddhist Civilization
    23. Business Studies
    24. Christian Civilization
    25. Combined Mathematics
    26. Communication & Media Studies

    යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
    Gurulugomi2014@gmail.com
    http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

    ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
    1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
    2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
    3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
    4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
    ස්තූතියි!
    Main Administrator
    www.Gurugedara.org
    0779371035

    වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
    www.gurumag.blogspot.com

    ReplyDelete