Wednesday, October 12, 2011

Titli Udi Ud Jo Chali - Suraj [1966]

අප කුඩාකල ගැයූ ‘‘රන්වන්පාටයි සමනලයා’’ වැනි භාරතයේ ජනප‍්‍රිය ලමා කවියක් ඇසුරුකොට ලියන ලද අපූරු සුන්දර ගීතයකි. මෙහි ගායිකාව වූ ශර්දා නම් දමිළ ගායිකාවගේ හින්දි සිනමාගමනය සිදුවූ මෙම ගීතය නොසිතූ ලෙසින් හැටේ දශකයේ භාරතය පුරා ජනප‍්‍රිය විය. එය ලංකාවේද ජනප‍්‍රියවූ ගීතයකි. සරළ සුන්දර ගීතයකි.

සමනලිය තටු සැලීය
තටු සලා පියඹා යන්නීය
මල ‘‘ඉදින් මා අසළට එන්න’’යැයි අඬ ගැසීය
‘‘මම අහසට පියඹමි’’ සමනලිය කීවාය

අහසෙහි තරුමල් පිබිදෙයි
ඒ මාගේ ජීවන උයනය
එය මා කෙසේ අමතක කරන්නද
එහි කිසිදු බැඳීමක් නැත
එහි කිසිදු සීමාවක්ද නැත
වලා පසුකර මා යායුත්තේ එහියැ

මල මෙසේ පවසයි ‘‘ඔය ගමනෙන් පලක් නැත,
නුඹ එනතුරු එහි කවුරුත් බලා නොසිටී’’
සමනලිය තටු විහිදා මෙසේ පැවසුවාය
‘‘මගේ රජකුමරා සිටිනුයේ එහිය’’

සමනලිය පියඹා පියඹා
සිහින මැවූ තැනට ගියාය
අළුත් ලොවකට ඇය පිවිසියාය
ඇයට සිහින කුමරාත්
සිහින මැවූ ආදරයත් එහිදී සමුවිය

No comments:

Post a Comment