Friday, September 23, 2011

ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 24 වැනි දා

ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ (සංවර්ධිත ද්විතික පාසල් 1000) වැඩසටහන සඳහා උපාධිධාරී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විභාගය මේ මස 24 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
කොළඹදී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා විභාග අපේක්ෂකයින්  14,800  විභාග මධ්‍යස්ථාන 100ක් තුළ පෙනී සිටීමට නියමිත වේ.
මෙම උපාධිධාරීන් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන විෂයන් සඳහා බඳවා ගන්නා අතර, විභාගය සඳහා ඉල්ලුම් කරන ලද සෑම විභාග අපේක්ෂකයෙකුම අභියෝගතා ප්‍රශ්න පත්‍රයකට සහ තමන් විසින් ඉල්ලුම් කරන ලද විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටිය යුතු වේ.

මෙම විභාගය පිළිබඳ ව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මඟින් කලින් දැනුම් දෙනු ලැබූ අතර, එම පුවත් පත් දැන්වීමේ සඳහන් ව ඇති ආකාරයට වයස අවු.18-35 අතර වයස් සීමාවේ අය විසින් මේ සඳහා ඉල්ලුම් කළ යුතු මෙන් ම, අදාළ විෂය පිළිබඳ ව ප්‍රවීණතාව සහතික කිරීම සඳහා උපාධියක් හදාරා තිබිය යුතු වේ. මෙම සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් පියවර ගෙන ඇත

No comments:

Post a Comment