ජෙප්පෝ වෙත..




හැත්තැ දෙකේ ඇදන් නාපූ
අසූ නමේ ඉල් ලගෙන කාපු
රතු වන් පස්සයක් තිබෙනවා
පප්පා තහනම් කරාපූ
වැටි වැටි ඉදිරියට ආපු
ඒකට ජේ වී පී එකයි කියනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

මැඩම් එක්ක එකතු වෙතේ
ඒත් වැඩක් බැහැනේ පුතේ
ඇමති කමට පයින් ගහනවා
වලියට වැඩි බරක් ඇතේ
ඒවට විප්ලව කියතේ
කොයි වේලේත් මලත් පනිනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

එකෙක් පොරක් වී එනකොට
කොට කොට එලවයි අහකට
සමහර උන් අඬලා පනිනවා
වලියක් යයි දැන් නියමෙට
පොඩි සාකා ච්චාවක් හෙමිහිට
ටෙලි නාට්ටි නැගලම යනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

Comments

  1. නියම පෝස්ට් එක. මේවා කොහොම ලියනවද අප්පා. නියමයි. ඔබට සියළුම සුදුසුකම් තිබෙනවා, අපේ බුවාගේ ජොබට.

    ReplyDelete
  2. @ වෙද මහත්තයා
    සිතූතියි අගයකිරීමට. බුවාගේ ජොබ් එක මොකක්ද අප්පා. උගේ ප්‍රොෆයිල් එකේ නම් තියෙන්නේ ස්ටුඩන්ට් කියලා.

    ReplyDelete
  3. ඇත්තම කීවොත් මමනම් ජෙප්පන්ට කැමතියි.ටිකක් බොළදයි එත් උත්සහවන්තයි පරාජය පෙනී පෙනී වුවද තම මතය වෙනුවෙන් පෙනී සිටීම අගය කරමි.

    ReplyDelete
  4. @ ඇනෝ
    අනිවා. උනුත් ඉන්න ඕන. නමුත් වෙනසක් නැති එකයි ප්‍රශ්නේ. උනුත් එකයි මුනුත් එකයි. ඔක්කොම එකයි..

    ReplyDelete
  5. ජෙප්පන් අනිත් උන් වගෙමයි නැත වෙනසක්...
    කවුරුත් කලාදෝ රටකට ලොකු වෙනසක්..
    පැතුම් පැතුව නේදෝ අපි දස දහසක්..
    මේවා දැකල හෙලමුකො අපි ලොකු සුසුමක්...

    ReplyDelete
  6. @ ගිම්හානී
    උනුත් එකයි, මුනුත් එකයි
    අරුත් එකයි මූත් එකයි
    අපි හැමදා දුකේ ඉන්නවා
    දෙයියො දනි අපි නොදනී
    විමුක්තියක් කවද ලැබෙනවා

    ReplyDelete
  7. වෙදනා කියනව ඇත්තේ පොලිසියට කතා ලියන ජොබ ගැන බං

    ReplyDelete
  8. @ ජය ශ්‍රී
    දැන් නේ බන් කාරනේ වැටහුනේ...
    හොහෙද ඉතින් මැන්ටල් කශ්ටියනේ...

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....