සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(vii-කොටස)

12:06 PM
3 ප්‍රතිචාර

ඔන්න ඉතින් අදත් මම ලිනක්ස් ගැන කියන්නයි යන්නේ .
මම එදා කතා කලා shell එක ගැන අද මම shell එක ගැන ඉතිරි ටිකත් file system එකේ පොඩ්ඩක් ඇවිදලා බලන්නත් තමයි හිතාගෙන ඉන්නේ.
මේ shell එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලනට මතක ඇති කියලා මම හිතනවා.
මම මෙතනදී ආයේ ඒගැන කියන්න යන්නේ නැහැ අමතකනම් මගේ කලින් ලිපි කියවන්න. 
මේ shell වර්ග කිහිපයක් තියෙනවා කියලා මම කලින් කිව්වානේ. මේ shell වලින් අපිට කැමති shell එකක් පාවිච්චි කරන්න පුලුවන්.
උදාහරනයක් විදිහට කෙනෙකුට කියන්න පුලුවන් මම bash shell එකට කැමති නැහැ.
  හින්දා එයාට පුලුවන් වෙන shell එකක් පාවිච්චි කරන්න system එකේ තියෙන එකක්වත් හරියන්නේ නැත්නම් එයාට පුලුවන් කැමති shell එකක් install කරගෙන පාවිච්චි කරන්න.
ලිනක්ස් වල තියෙන පහසුව මේක තමයි තමුන්ට ඕනි විදිහට හදාගන්න පුලුවන් නමුත් වින්ඩෝස් පදනම් වෙච්ච මෙහෙයුම් පද්ධති වල එහෙම බැහැ දෙන දේ තමයි ගන්න ඕනි.
System එකේ තියෙන shell ටික අපිට බලාගන්න පුලුවන් මෙන්න මේ කියන /etc/shells path එකෙන් එතෙන තමයි එකේ තියෙන shells ගැන විස්තර තියෙන්නේ.
කොහොම නමුත් මේ shell වලට පොදු වූ ගුණාංග කිහිපයක් තියෙනවා.
ඒවා නම්,
  • හැම shell එකක්ම kernel එකත් එක්ක ගනුදෙනු කරන්නේ එකිනෙකට ආවේනික වූ විදිහකටයි.
  • ඕනෑම user කෙනෙකුට මේ shells, shell commands භාවිතා කරමින් තමන්ට ඕනි විදිහට සකසා ගත හැකියි.
  • මේ shell එකිනෙකට අන්‍යෝන්‍යව ක්‍රියාකාරී වෙනවා end-users එක්ක නමුත් system එක එක්ක එහෙම අන්‍යෝන්‍යව ක්‍රියාකාරි වෙන්නේ නැහැ.
  • හැම shell එකක්ම environmental variables child process වලට pass කරනවා.
  • Configuration files තමයි මේ හැම shell එකක්ම පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ operating processes පිහිටුවන්න නැත්නම් ආරම්භ කරන්න.
  • Shell run කරන්න පුලුවන් එකිනෙකට අන්‍යෝන්‍යව ක්‍රියාකාරී වන විදිහටත් එසේ නොවන විදිහටත්.
ඔය ටික තමයි මේ shell එක ගැන කියන්න තියෙන්නේ දැන් මම file system එක දිගේ පොඩ්ඩක් විපරම් කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි බලමු PATH කියන එක ගැන.
 path එකක් කියලා කියන්නේ file system එකේ තියෙන objects ගැන පිහිටීම ලබා දීමයි
එතකොට path කියලා variable එකකුත් තියෙනවා ඒකෙන් කෙරෙන්නේ සම්පූර්න directory list එකක් path එක නැතුව  තබා ගැනීමයි.
Working directory කියන්නේ දැන් user ඉන්න directory එක.

මේ PATH වර්ග 2 තියෙනවා absolute path සහ relative path කියලා.

Absolute path කියන්නේ root එකට සාපේක්ශව directory එකක සම්පූර්න path එක.
Relative path කියන්නේ current location එකට සාපේක්ශව directory එකක path එක.
උදාහරන විදිහට ගත්තොත් Absolute path කියන්නේ /home/user/Desktop විදිහට නිරූපනය කරන්න පුලුවන්.
එතකොට relative path එක root එක නැතුව working directory සාපේක්ශව ඉදිරිපත් කරන්න පුලුවන්. ඒකට අපි periods sign ( . හෝ.. )යොදා ගන්නවා.

මම හිතනවා අදට ඇති කියලා මම ඉදිරියේ තවත් ලිපියෙකින් හමුවෙන්නම්

Stay Connected With Free Updates

Subscribe via Email

3 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

sumith said...

thanks oyage lipiyata.mata kiyanawada ubuntu 10.4 wala wireless network connection eka hadaganne kohomada kiyala.