සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

මාත් ගියානේ දැයට කිරුල බලන්න

11:37 PM
7 ප්‍රතිචාර
මේ post එක දාන්න තිබ්බේ මීට දවස් ගානකට ඉස්සර නමුත් දාන්න බැරි උනා .
තිබ්බ වැඩත් එක්ක කොහොමහරි ඒක පහුවෙලා හරි publish කරන්න හිතුවා.ඔය ගොල්ලෝ කව්රුත් දන්නවා  ඇති මේ පාර දැයට කිරුල තිබ්බේ කොහෙද කියලා.
තමයි බුත්තල බදුල්ලේ ඉදලා පොඩි දුරයි තියෙන්නේ.
ඒත් මගේ එච්චර කැමැත්තක් තිබුනේ නැහැ ඕක බලන්න යන්න.
ඒ....ත් අපේ පියාගෙන් හෙන බර බරේ..... "ගේ ගාවටත් ඇවිල්ලා තියෙන්නේ ඒවත් මේකා යන්නෑනේ" කියලා.
කොහොමෙන් කොහොමෙන් හරි අපේ තාත්තා වාහනයකුත් සෙට් කරලා මට යමන් කියලා කිව්වා.
පොරගෙන් බේරෙන්න බැරි හින්දා මමත් හා කිව්වා.
ආ.....මට කලින් කියන්න අමතක උනා අපේ තාත්තා ඒදවස් වල duty හිටියේ එහේ.
ගෙදර ආවම මල කරච්චලයයි අරවා හදලා තියෙනවා මේවා හදලා තියෙනවා කියලා.
මට ඒත් යන්න හිතක් නම් තිබේ.....ම නැහැ පස්සේ පොර කියාපි "යමන් යකෝ... අඩු ගානේ උබට කෙල්ලෙක් වත් සෙට් වෙයිනේ" කියලා.
ඒත් මගේ නම් කැමැත්තක් තිබුනේම නැහැ මොනා කරන්නද මම try කලා අම්මා විතරක් යවලා ෂේප් වෙන්න.
අම්මාගෙත් කකුල බැරි නිසා ඒකත් හරිගියේ නැහැ.
ඕන මගුලක් කියලා මම කිව්වා හරි යන් කියලා.
අපි ගියේ පෙබරවාරි 10 වැනිදා ඒකියන්නේ අන්තිම දවසේ.
යද්දී බුත්තල කිට්ටු වෙලා අපි තේ බොන්න ලග තිබ්බ කඩයක් ලග නැවැත්තුවා.
දැන් කස්ටිය තේ බොන අතරේ මම පොඩ්ඩක් එලියට ඇවිත් ලග හිටපු පොරක් කතාවට අල්ලාගත්තා.
මම ඇහැව්වා "අයියාලාට නම් මේ දවස් වල සරු ඇතිනේ..." කියලා.
පොර ඇහැව්වා "මොන සරුවක්ද මල්ලී..." කියලා මුන්ගේ අම්මට කියලා පටන් ගත්තා නේද.
පොර කියපු ඔක්කෝම මේකේ දාන්න විදිහක් නැහැ. සමහර ඒවා අමු සින්හල .
පොර කියපු විදිහට මේ ප්‍රදර්ශනය ආන්ඩුවේ ලොකු ලොක්කන් කිහිප දෙනෙකුගේ business එකක්ලූ.
stole ගහන්න එක කොන්ත්‍රාක් කාරයෙක්ලු, stole එකේ බිම හදන්නේ එක කොන්ත්‍රාක් එකෙක්ලු, එකේ කාපට් එක තව එකෙක්ලු, ඇතුලේ දුවන වාහන කෑම බීම ඔක්කෝම හිතවතුන්තටලු දීලා තිබ්බේ ගමේ අයට මොකක්වත් නැතිලු.
බදුල්ලේ එක්තරා ප්‍රසිද්ධ විහාරස්තානයකට අයිති ඉඩමක් මැදින් කාපට් කරන ලද පාරක් හදලා තියෙනවා.
ඒ ගැන විහාරාධිපති හිමියන් අදාල බලධාරීන්ට පැමිනිලි කරලා තියෙනවා.
එතකොට ඔවුන්ගේ පිලිතුර වී තිබෙන්නේ "අනේ... හාමුදුරුවනේ... අපිට නම්! ඕවට මොකුත් කරන්න විදිහක් නැහැ ඕක කරලා තියෙන්නේ අහවලාගේ යාලුවෙක් නේ..." යන්නයි.
ඔය වගේ කතා ගොඩක් තමයි මට අහන්න ලැබුනේ. ඊට පස්සේ මම ඇහැව්වා "සෙනග එහෙම ගොඩක් එන්න ඇති නේද?" කියලා.
පොර ගත්ත කටටම කියාපි "මොන පිස්සුද? බන්!" කියලා. මම ඇහැව්වා "එතකොට අර TV එකේ news වලට එහෙම පෙන්නුවේ.. අතිවිෂාල ජන ගංගාවක් ගැලුවයි!" කියලා.
එතකොට පොර කින්ඩියට වගේ හිනා වෙලා කිව්වා "නඩුත් උන්ගේ බඩුත් උන්ගේ" කියලා. කොහොමහරි මම ඇතුලට යන තැන ඉන්න කොට පොලිසියේ එකෙක් මුලු සර්වාංගෙම අතගාගා ඇතුලට දානවා.
පොරටත් එපා වෙලා කොහොමහරි ඇතුලට ගිහිල්ලා මම ඉතින් ඇවිදලා බැලුවා.
මම දැක්ක දේ තමයි අපේ ත්‍රිවිධ හමුදාවේ stole වල තමයි සෙනග වැඩි පුර හිටියේ.
අනිත් ඒවගේ මැස්සෝ ඇහිරෙනවා. කලින් ඒවා වල අපේ අභිමානය පෙන්වන එක එක දේවල් තිබුනත් මේකේ ඒවා නැහැ.
මට තේරුන දේ තමයි නිකන් නිස්කාරනේ මුදල් වියදම් කරලා තියෙනවා කියන එකයි.
මට නම් ඒකේ ගත යුත්තක් තිබුනේ නැහැ.
ඊට පස්සේ මම ගියා එක stole එකකට ඒක ICT සම්බන්ධ ආයතනයක අදාල එකක් හැබැයි ඒකේ සෙනග ටිකක් හිටියා.
මමත් ඉතින් එබිකම් කරලා බලනකොට දැක්කේ එම වෙලාවේම උප්පැන්න සහතික එම ස්ථානයෙන් ලබා ගත හැකි බවයි.
මොන මල විකාරද මේවා බලන්න ස්කෝලවල් වල ලමයි එනවා ඒ කට්ටියට දැනුම ලබා ගන්න මොනවා හරි දෙයක් කරනවා වෙනුවට එන අයගේ පොකැට්ටුවට විදින්නට තමයි හැමෝම වලි කන බවක් පේන්න තිබුනේ.
මම මේ දේවල් ලියන්නේ අම්බානෙකට එපා වෙලයි.
මොකද මේ දේවල් හරහා ලොකූ වැඩ කොටසක් කරන්න පුලුවන්.  
නමුත් ඒවා නොකර වෙන වෙන විකාර කර කර නිකන් බොරුවට කෑගැසීම පමනක් තමයි සිද්ද වෙන්නේ.
කොහොමෙන් කොහොමෙන් හරි මට හොදටෝ...ම එපා වෙලා අපි එන්න පිටත් උනා. වෙලාව හවස 2.30 විතර ඇති අපි එන්න ආවේ බුත්තල වැල්ලවාය පාරෙන්.
අපිට පැය භාගයක් එන්න උනේ නැහැ වාහනේ නැවැත්තුවා යන්න විදිහක් නැහැ එකදිගටම වාහන block.
හිටියා... හිටියා... යන පාටක් පේන්න නැති නිසා මම බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බැලුවා.
එතකොට තමයි scene එක මොකක්ද කියලා දැක්කේ... කට්ටියක් පාර අවහිර වෙන විදිහට පාර මැද වාඩි වෙලා කෑගහනවා.
හරියටම තැන කියනවානම් බුරුත හන්දියේ මම ලග හිටපු කෙනෙක් ගෙන් ඇහැව්වා මොකක්ද scene කියලා.
පොර කිව්වා මේ පැල්වත්ත sugar එකේ කට්ටිය ඒ කට්ටියට අද පඩි දවස පඩි දීලා නැහැ හින්දා පාරට බැහැලා කියලා.
කොහොමහරි ටික වෙලාවකින් පොලීසියත් එතනට ආවා.
මම හිතුවා හරි වැඩේ හරි දැන් අපිට යන්න පුලුවන් වෙයි කියලා මොන උන් ටික අර මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා බල්ලෝ වගේ.
මුන් කැම්පස් කොල්ලන්ට විතරද කොහෙද හිරි අරින්නේ, ශිල්ප දක්වන්නේ අනිත් වෙලාවට බල්ලෝ වගේ නැට්ට පස්සේ ගහගෙන හැංගෙනවා කාලකන්නි.
මුන් ඒ ලගටවත් ගියේ නැහැ බය ගුල්ලෝ ටික මුන්ට කැම්පස් වල කොල්ලෝ ටිකක් ඉන්නවා කිව්වා නම් යයි පැන ගෙන.
ඊට පස්සේ මාධ්‍ය කාරයොත් ඇවිලා record කරගත්තා.පස්සේ ප්‍රදේශයේ බලගතු ඇමතියෙකුත් ආවා.
ඒත් කට්ටිය නෙමෙයි අයින් උනේ පැයකට විතර පස්සේ ආමි එකෙන් ඇවිල්ලා එතන හිටපු අය උස්සලා ගිහින් දැන්මා.
කොහොමහරි අම්බානෙක කට්ටක් කාලා ගෙදර ඇවිල්ලා දැන්මා news.
අනේ එකක වත් මේගැන වචනයක් වත් නැහැ ඊට පස්සේ දවසේ පත්තර වලත් නැහැ.
මට තේරුනේ මුන් මහ හොර යක්කු ටිකක් උන්ටත් හිට් වෙන ඒවා විතරයි මුන් දාන්නේ ඔන්න කැම්පස් කොල්ලෝ පිකට් කලහම බුද්ධිමතුන් මෙහෙමද හැසිරෙන්නේ, මෙචචර දේපල හානි ගා...ගා උඩ පැන පැන දොඩවයි.
අර ආන්ඩුවේ පච වාහිනී වලට එහෙම නිවනක් නැහැ.
අනේ ඒත් මෙහෙම දෙයක් උනාම ඒක නොදැක්කා වගේ ඉන්නවා.මහ ලොකු මාධ්‍යවේදීන්.
මේ වගේ සිද්ධි මේ රටේ කොච්ච්ර සිද්ධ වෙනවා ඇත්ද?.....

Stay Connected With Free Updates

Subscribe via Email

7 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

Jeewan said...

මේවා අපි ඉල්ලගෙන දාගත්ත ඒවනේ.... බන්! :i

සිරකරුවා said...

:l :l
ඔය තියෙන්නේ ලුණු ඇඹුල් ඇතුව දාලා..
ඕවා ඔහොම තමා බන්. දැයට කිරුලත් එක්තරා නාට්‍යයක් බන්
:o

Jeewan said...

නිකම්.. නාටක නෙමෙයි! බන් නරි නාටක :c :c :c

Amila Chathuranga said...

මේ වාගෙ දේවල් නිවෙන්න කලින් දමන්න බලන්න..එතකොට තමයි ඒකෙ උනුසුම තියෙන්නෙ...

Jeewan said...

@indi එදාම ලියන්න තමයි හිටියේ... ඒත් මේ වැඩත් එක්ක ඒක කරන්න බැරි උනා......