Friday, September 2, 2011

ග්‍රීස් යක්කු

ලංකාවේ හැමතැනම යක්කුයි භූතයොයි පෙරේතයොයි වැහිවැහැල. ඒ හැම දෙයක්ම මේ කාලෙ trend එක වෙලා. ඒ කියන්නෙ පත්තර වලට tv වලට මාර fun මේ වගේ news දාන එක. මොකද ඒ වගේ ඒවා අහන්නම ඉන්න මිනිස්සු වගයක් දැන් ලංකාවේ ඉන්නවා. , බදුල්ලෙත් එකෙක් අල්ලලා, අම්පාරෙනුත් තව එකෙක් අල්ලලා, දැන් ලංකාවේ මිනිස්සු කතා කරන්නෙ ඒ වගේ ඒවා.

මුලින්ම මං ඔය භූත news එක දැක්කෙ මොණරාගල මුළු ගමටම භූතයෙක් වැහෙන එක. මේ යක්කුයි භූතයොයි ඔක්කොම වැහෙන්නෙ ගෑණු කට්ටියට. එ් මොණරාගල භූතයවත් අර ස්වර්ණවාහිණියෙ news කියල ඕප දූප උස්සල තියන live@8 වලින් හොදට උස්සල තිබ්බ. ඒ ගෑණු පිරිමි අයගෙ ඇගට පැනල ලේ බොනවලූ. හූරනවලූ. වැඬේ කියන්නෙ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙමෙයි මුළු ගමේම ඉන්න ගෑණු අයට භූත දෝෂයක් කිව්වම එ්ක ටිකක් දරුණු තත්වයක්නෙ. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ මානසික අවුල් ටික ඒ වගේ දේවල් වලින් අහු වෙනවා. ඒ වගේ භූතයො වැහෙන රටක කොහොමද දේශපාලනික හරි ආර්ථික හරි දියුණුවක් හැදෙන්නෙ. භූතයො එලවන්න තොවිල් නටනව ඇරෙන්න වෙන දෙයක් ගැන බලන්න වෙලාවක් නැහැ. රට ආපහු පරණ ගල් යුගයට පහු බහිමිින් ඉන්නෙ මේ වෙද්දි. සංස්කෘතිය ගැන උඩ පනින ලංකාව ඒකත් එක්කම නැති වෙලා යනව මිසක් වෙනස් විදිහකට ලෝකෙ ගැන හිතන්නවත් මිනිහෙක්ට පුළුවන් වෙන් නෑ.

මොණරාගල භූතයට කලින් ආව ආච්චිලව දූෂණය කරල මරණ භූතයෙක්. රත්නපුර පැතතෙන් තමයි එ්ක පටන් ගත්තෙ. එ්ක දිගට ගිහින් හැමතැනම ආච්චිල දූෂණය වෙන්නයි මැරෙන්නයි පටන් ගත්ත.එ් විදිහට එක පාරට එන භූතයො එක පාරටම නැතිවෙලත් යනව.ඉතින් මේ වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔළු ඇතුලෙ හිරවෙලා තියන pressure එක එළියට පනින එක නේද. මිනිස්සු මේ විදිහට ඒ pressure එක එළියට දාගන්න විදිහක් හොය හොය ඉබාගාතෙ යනව. මොකද ලංකාවේ යුද්ධෙ ඉවර වුණා කියල කිසි දෙයක් වෙනස් වුණෙ නෑ. ඒ වෙනුවට දරාගන්න බැරි හිස්කමක් ලංකාවට හම්බ වුණා.කිසිම දෙයක් වෙන් නෑ වගේ තියන මූසලකම එක්ක මිනිස්සු නන්නත්තාර වුණා. මිනිස්සුන්ගෙ ඔළු මොකක්ද වෙන්නෙ මොකක්ද කරන්න ඕනි කියල හිතාගන්න බැරුව දෝලනය වෙන්න අරගෙන. මහින්ද මේක තමයි අපේ ජයග‍්‍රහණය කියල කිව්වට මිනිස්සු මානසික ලෙඞ්ඩු වෙන ගානට රට කාලකණ්ණි වෙල.මිනිස්සුන්ට ඕනි මොකක් හරි event එකක්.ඒකට යක්කු ද භූතයො ද කියල ප‍්‍රශ්ණයක් නෑ. මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන වෙන්න තරම් දෙයක් ලංකාවෙ නෑ. රටේම තියෙන්නෙ පතුල පේන හිස්කමක් විතරයි. දේශපාලනය කියලවත් ආර්ථිකය කියලවත් දෙයක් දැන් ලංකාවෙ නෑ. ඒ නිසා මිනිස්සු උදේ ඉදන් ? වෙනකන් කරන්නෙ Buddhist channel එක ඉස්සරහ ඉදගෙන නිවනට යන්න පාර හොයන එක.

දැන් ලංකාවෙ අලූතින්ම තියෙන්නෙ ගී‍්‍රස් යක්කුන්ගෙ කතාව. මිනිස්සු එ්කෙන් තමයි මේ දවස් වල kik එකක් ගන්නෙ. මොකද ඒකත් එක්ක කතා ගොඩක් ගෙතිල තියනව. ඒක ආණ්ඩුනේ කරන වැඩක් කියල තමයි ගොඩක් මිිනිස්සු කියන්නෙ. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද මිනිස්සුන්ව භය කරල තියාගත්තෙ නැත්තම් රටේ පාලනය මහින්දට ඕනි විදිහට කරන්න හම්බවෙන් නෑ. මිනිස්සු කෑ ගහල ආණ්ඩුව පෙරලන්න විදිහක් හොයනව. ඒ නිසා හැමවෙලේම මිනිස්සුන්ට භීතියක් දීල තියාගන්න වෙනව. ඒක මහින්ද දැනගෙන කරන්නෙ. රටේ ඒ වගේ අවුල් තියෙද්දි මිනිස්සු බඩු මිල ඉහල නගින එකට කෑ ගහන්න එන් නෑ. සිමෙන්ති ප‍්‍රශ්ණෙ ගැනවත් ජොන්ස්ටන් පොල් ගෙඩි ලක්ෂයක් මුහුදට දාපු එක ගැනවත් කෑ ගහන්න කවුරුත් එන් නෑ. ඒකයි ආණ්ඩුවට වෙන්න ඕනිත්. මේ වෙද්දි ලංකාවෙ තියෙන්නෙ ජනතාවක් නැති ආණ්ඩුවක් විතරක් නිසා මිනිස්සුන්ට හෙණ ගැහුවත් හැරිල බලන්න කවුරුත් එන් නෑ.

No comments:

Post a Comment