සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

ඇපල් පැපොල්

11:49 AM
1 ප්‍රතිචාර
මම මේ කියන්න යන සිද්දිය උනත් අපි A/L class යනකොට.
ඉතින් අපි ක්ලාස් යන්න බස් stand 1 වෙලා ඉන්න කොට, අපේ පුරුද්දක් තිබුනා අපි බස් නගින්නේ බස් අද්දනකොට.
එතකන් අපි ඉතින් වටපිට සිරි නරඹනවා.
ඉතින් ඔහොම ඉන්න අතරේ, අපි දැක්කා ඈතින් ලස්සන ගෑනු ලමයෙක් එනවා.
අපිත් ඉතින් මොකද කරනේ කට ඇරගෙන බලා හිටියා.
මම  ටිකක් වට පිට බලන කොට තමයි තේරුනේ මේක දිහා බලා ඉන්නෙ අපි විතරක් නෙමයි කියලා
සමහරුන්ගේ කටවල් දෙපැත්තෙන් කෙලත් බේරෙනවා. 
මට කියන්න හිතුනා නොදකින් පෙරේතයෝ කියලත් ඒ උනාට එහෙම කියන්න බැහැනේ බස් stand 1 නේ...... ගුටිත් කන්න වෙන නිසා  
කොහොම හරි ටික වෙලා වක් යන කොට මට ඇහුනා අපෝ නොදකින් වගේ වචන
මම හැරිලා බලන්කොට තමයි seen 1 තේරුනේ      
ඊත පස්සේ අපේ එකෙක් කියපි "අපෝ දුරට ඇපොල් ලගට පැපොල්" කියලා
අපේ එවුන්ට මේක ඇතිනේ මුන්ටික මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා 
දැන් ඉතින් පොරට හෙන කින්ඩියනේ මූ ඒකෙන් බේරෙන්න හිතා ගෙන  
"නැහැ මචන් දුරට ඇපල් ලගට පැපල්" කියලා කිව්වා 
ඒක ඇහිච්ච අපේ අයියලා ටික ආයේ මූට හිනා වෙන්න පටන් ගත්තා 
ඉතින් මූට මල නෝන්ඩියනේ 
මූ කියපි "නැහැ මචන් දුරට ඇපල් ලගට ඇපල්" කියලා  
මේකට අපේ එවුන් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා සමහරුන්ගේ ඇස් වලින් කදුලුත් එනවා
ඒ අතරේ වටේ ඉන්න මිනිස්සු කියනවා මට ඇහුනා කුඩු කාරයෝද කොහෙද කියලා සමහරු කිව්වා පිස්සෝ ටිකක් කියලත් ඇයි ඉතින් අපි මහ හයියෙන් හිනා වෙන්නේ stand 1 මැදනේ 
කොහොම හරි එදා සිට මේ දක්වා පොරට ඇපල් ගෙඩියක් පෙන්නුවත් ඇති දෙමාපියන් සිහි කර ගන්න. 

Stay Connected With Free Updates

Subscribe via Email

1 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.