සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(ii-කොටස)

7:24 PM
2 ප්‍රතිචාර
මලා......... මට ඊයේ ලිනක්ස් වල ඉතිරි කොටස ලියන්න බැරි උනානේ, ඊයේ දවසම අපිට කරන්ට් එක නැහැ මොනවා කරන්නද මේ වෙලාවට තමයි මටත් හිතෙන්නේ මර්වින් සිල්වා වෙන්න මොකද මේක අසියාවේ ආස්චර්ය්‍ය නේ.
මලා ආයෙත් වැරදුනා මගේ කට පරිස්සම් කරගන්න බැහැනේ මාවත් හිරගෙට දායිද දන්නේ නැහැ ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා අනේ මම එහෙම දෙයක් කිව්වේ නැහැ.
 අපි හිමීට ලිනක්ස් වලට බහිමු නැත්නම් මම මොනවා කියයිද කියලා මම වත් දන්නේ නැති නිසා.

එදා මම කිය කිය හිටියේ ලිනක්ස් වල ඉතිහාසය ගැන.
අපි අද බලමු කොහොමද ලිනක්ස් වල architecture එක කොහොමද කියලා.
අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ලිනක්ස් කියන්නේ modular system එකක් කියල්ලා මොකද ඒකට හේතුව ලිනක්ස් වල තියෙන එක එක modules  වැඩ කරන්නේ තව එකකට බලපෑමකින් තොරව නිසා.


කලින් තිබ්බ රූප සටහනට අනුව මම එක එක ගැන විස්තර කරන්නම්.
මුලින්ම අපි බලමු ලිනක්ස් කර්නලය ගැන කර්නලය කියන්නේ application programs සහ hardware level  අතරමැදියෙක් විදිහට ක්‍රියාකරනවා.
ඒක තමයි කර්නලයේ මූලික සහ එකම රාජකාරිය.

එතකොට අපි බලමු shell එක ගැන shell කියන්නේ එක්තරා විදිහක user interface එකක් ඒකෙන් කෙරෙනේ user inputs අරගෙන කර්නලය වෙත යොමු කිරීමයි හරියට නිකම් වින්ඩෝස්ලාගේ dos prompt එකවගේ හැබැයි මේ ලිනක්ස් වල විවිධ shell  තියෙනවා එක එක පරමාර්ථ අනුව උදාහරනයක් ගත්තොත් c shell, bash shell…etc.

ඊලගට අපි බලමු GUI එක ගැන එකෙන් කෙරෙන්නේ පරිගනකයේ screen එක මත graphic elements ඇදීමයි උදාහරනයක් හැටියට ගත්තොත් X windows එක. 
ඊට පස්සේ අපි යනවා window manager එකට ඒකෙදි වෙන්නේ GUI output modify කිරීමක් පමනයි.   

අපි දැන් බලමු windows emulator  කියන්නෙ මොකක්ද කියලා ඒකෙදි වෙන්නේ අපිට සමහර වින්ඩෝස් applications ලිනක්ස් වල run කරන්න හදලා දෙනවා උදාහරනයක් විදිහට wine ගන්න පුලුවන්   

Boot loader එකෙන් වෙන්නේ Machine  එක BIOS ROM සහ POST functions execute කලාට පස්සේ ලිනක්ස් කර්නලය හෝ වෙනත් මෙහෙයුම් පද්දති load කිරීමයි.

ඊලගට තියෙනවා Application & utilities utilities කියන්නේ විෂේශ program එකක් ඒවා යොදාගන්නවා system එක manage කරන්න  එතකොට applications  කියන්නේ අපිට විෂේශ වූ වැඩක් කරන්න උදව් කරන programs වලට.

අන්තිම එක තමයි Daemons කියන්නේ daemons වලින් වෙන්නේ මෙහෙයුම් පද්දතියට අතිරේක functionalities එකතු කිරීම මේ Daemons run වෙන්නේ background වල.

ම්........ මට හිතෙනවා අදට මෙතැනින් නැවැත්තුවොත් කියලා මොකද මටත් බෝරින් වීගෙන එන නිසා ඉතිරිය මම ඉදිරියේ දවසක ලියන්නම්. 

Stay Connected With Free Updates

Subscribe via Email

2 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

dinesh said...

හොඳ වැඩක් මචං.දිගටම ලියපන්.උඹට ජය....