සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(iii-කොටස)

7:31 PM
4 ප්‍රතිචාර
අද මම කියන්න යන්නේ ලිනක්ස් වල file type එක ගැන.
ලිනක්ස් වල හැම එකක්ම file එකක් හැටියට තමයි සලකන්නේ කියන්නේ CD/DVD-ROM, Hard drives, usb /flash drives … හැම එකක්ම ලිනක්ස් සලකන්නේ file එකක් හැටියට.
ඒකේ වාසියකුත් තියෙනවා එතකොට අපිට කරන්න තියෙන්නේ මූලික ක්‍රියාවලි 4 පමනයි.
කියන්නේ අපිට file එකක කරන්න තියෙන්නේ file එකක් read කරන්න, write කරන්න, open කරන්න සහ close කිරීම කියන ක්‍රියාවලි  පමනයි.
  
ලිනක්ස් වල මූලික වශයෙන් කොටස් තුනකට දක්වන්න පුලුවන්.
ඒවානම් directory, normal file සහ special files හැටියටයි.


දැන් අපි මේ එක එකක් ගැන වෙන වෙනම සලකා බලමු.
මුලින්ම තියෙනවා directory කියන එක 
directory කියන්නේ අනිත් files තියාගන්න හෝ point කරන්න විෂේශයෙන්  design කර න ලද එකක්.
එතකොට normal files කියන්නේ directory files නොවන files වලට.
තවත් එකක් තියෙනවා special files කියලා.
Special files වල තියෙනවා hard links, symbolic links, character files, block files, pipe files සහ socket files කියන ඒවා.
අපි මේ එක එක වෙනම අරගෙන බලමු.
මුලින්ම hard links කියන එක
ඒකෙන් වෙන්නේ ඒක duplicate entry හදාගෙන ඒක point කරනවා විෂේශවූ දත්ත ප්‍රමාණයකට මේකේ තියෙන විෂේශත්වය තමයි original entry එක මැකුවත් link එක valid වෙනවා.
Symbolic link එකත් විදිහමයි ඒකත් system entry එකක් තවත් එකකට point කරනවා. ඒකේ තියෙන වෙනස තමයි original file එක මැකුනොත් link එක valid වෙන්නේ නැහැ. මේක windows වල තියෙන shortcuts වලට සමානයි
ඊලගට අපි බලමු character file එකක් කියන්නේ මොකක්ද කියලා මේ character file එකෙන් එක වරකට එක character එක ගානේ ලබා ගෙන තබා ගැනීමයි.
උදාහරනයක් විදිහට sound card එක, serial port  එක ක්‍රියාකරනේ එහෙමයි.

එතකොට block file එකක් කියන්නේ එකවරකට block එක ගානේ ලබාගෙන  තබා ගැනීමයි.
උදාහරනයක් විදිහට hard drive එක ගත්ත හැකි.

Pipe files එක විවිධ applications අතර විස්තර යැවීමට පාවිච්චි කරනවා.
අන්තිම එක තමයි sockets files කියන්නේ ඒක පාවිච්චි කරන්නේ පරිඝනක ජාලයෙන් එලියත් එක්ක දත්ත හුවමාරු කරන්න.

අදට මම මෙතැනින් නවතිනවා ඉතිරිය මම ඉදිරියේදි ලියන්නම්.






Stay Connected With Free Updates

Subscribe via Email

4 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

Hishan de Silva said...

මම හුගක් ෙද් මින් ඉෙගන ගත්ත.

දිගටම ලියන්න.. :q