සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(v-කොටස)

12:21 PM
3 ප්‍රතිචාර

එදා මම dev කියන directory එකට එනකන් කතා කලා.
අද මම එතන ඉදන් ඉදිරියට ලියාගෙන යන්නම්.

මේකේ තව එකක් තියෙනවා etc directory කියලා ඒකේ තියෙන්නේ file system එකට අදාල වූ configurations files ටික.
ඒක අපි පෙන්නන්නේ /etc විදිහට ඔයගොල්ලන්ට මතක ඇති “/” කියන්නේ root එක කියලා.

තව එකක් තියෙනවා home directory කියලා. ඒකේ තියෙන්නේ users ලාගේ home directory ටික.

ඊලග එක තමයි initrd directory කියන directory එක. ඒකෙන් වෙන්නේ boot process එකේදී initial ram image එක තබාගැනීමයි.


තව එකක් තියෙන්වා lib directory කියලා. ඒකේ තමයි සම්පූර්න libraries  ටිකයි kernel module ටිකයි තියෙන්නේ.

තව එකක් තියෙනවා media කියලා. ඒකේ තියෙන්නේ මම අර කලින් ලිපියක කියපු (ලිනක්ස් වල හැම එකක්ම සලකන්නේ file එකක් විදිහට) විදිහට removable medias වල files ටික.

ඊලගට අපි බලමු mnt කියන directory එක ගැන .ඒක mount point එකක් වෙනවා removable media වලට.
මේ directory එක empty directory එකක් විදිහට තමයි තියෙන්නේ.

ඊලග එක තමයි opt කියන directory එක ඒකේ තියෙන්නේ අතිරේක programs වලට අදාල files ටික.

තව විෂේශ එකක් තියෙනවා root directory කියලා. දැන් කට්ටියම බලයි මොකක්ද කියලා. root directory එක ඇතුලේ තවත් root directory එකක් තියෙනවා root කියලා.
ඒකේ තියෙන විෂේශත්වය නම් ඒක root user ගේ home directory එක.

තව directory එකක් තියෙනවා sbin directory කියලා. ඒකේ තමයි තියෙන්නේ system එකේ binary commands ටික. අපි මේ directory එකට system bin කියලත් කියනවා.

තව එකක් තියෙනවා srv directory කියලා. එකෙන් වෙන්නේ system එකෙන් කරන services වලට අදාල files ටික තබා ගැනීමයි.
උදාහරනයක් හැටියට ගත්තොත් FTP services, web services, mail services ගත්ත හැකි.

sys directory කියලා තව directory එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ system එකේ තත්වය පිලිබදව අදාල files ටික තබා ගැනීමයි.
ඒකියන්නේ system state එකට අදාල information තබා ගැනීමයි.

usr directory කියලා තව directory එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ system එකේ system command utilites files ටික තබා ගැනීමයි.
මේකේ තව sub directories වගයක් තියෙනවා bin, lib, local, sbin විදිහට ඒවා ගැන මම පසුවට විස්තර කරන්නම්..

අන්තිම එක විදිහට අපිට ගන්න පුලුවන් var කියන directory එක.
ඒකේ system එකේ තියෙන variables වලට අදාල informations තමයි තියා ගනේ.
ඒකෙත් mail, spool,www විදිහට sub directory ටිකක් තියෙනවා ඒකේ www කියන එකේ තියෙන්නේ අපේ web cache එක.

බෝරින්ද මන්දා................
 

Stay Connected With Free Updates

Subscribe via Email

3 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

Unknown said...

පිස්සුද මල්ලි, බෝරින් නෑ. අළුත් අයට මේක නියමයි. ඔහොම යං....

budhajeewa said...

මේව බෝරිං වෙන්නෙ කෝමද බං? ලියන්න ලියන්න!

Kanishka said...

අදාල රූප සටහන් කීපයක් අතරමැදින් දාන්න. එතකො‍ට කියවන්න ආස හිතෙනවා