සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(vi-කොටස)

7:27 PM
1 ප්‍රතිචාර
මම ලිනක්ස් වල ඉතිහාසයත් standard file system hierarchy එක ගැනත් මේ වෙනකොට කතා කරලා තියෙනවා මම ලියපු ඒවට හොද ප්‍රතිචාරත් හම්බ උනා හැමෝටම ස්තූතියි.

මම අද පොඩ්ඩක් විතර වෙනස් පැත්තක් ගැන කතා කරන්නම්.
මම අද කතා කරන්නේ Linux distribution එකක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් shell  එක ගැනත් තමයි.

මුලින්ම අපි බලමු linux distribution එකක් කියන්නේ මොකක්ද කියලා linux distribution එකක් කියන්නේ විවිධ පිරිස් develop කරපු components ටිකක් සම්පූර්න system එකක් ඇතුලේ එකට වැඩ කරන්න පුලුවන් විදිහට හදපු එකතුවක්.
උදාහරනයක් විදිහට මේ components වලට tools, software, utilities වගේ දේවල් ගන්න පුලුවන්.

මේ ලිනක්ස් distributions වර්ග ප්‍රධාන වශයෙන් 4 තියෙනවා.
 ඒ RPM, Debian,.targz/.tgz/Slackware සහ source base විදිහට.

අපි ඉස්සර වෙලාම බලමු RPMඑක ගැන.
RPM based distributions පාවිච්චි කරන්නේ RedHat Package Maneger එක උදාහරන විදිහට RedHat,Suse, Mandrake ගන්න පුලුවන්.

එතකොට Debian based distribution එක Debian package manager එක තමයි පාවිච්චි කරන්නේ.
  උදාහරන විදිහට Xandros,Linspire(Lindows) ගන්න පුලුවන්.

ඊලගට Slackware එක ඒක package manager එකක් පාවිචි කරන්නේ නැහැ. එතකොට කට්ටියම බලයි කොහොමද ඒකේ installation සහ management කරන්නේ කියලා.
 ඒවා කරන්නේ tarball නැත්නම් gzip ආධාරයෙන් උදාහරනයක් විදිහට SLAX ගන්න පුලුවන්.

අන්තිම එක තමයි source based එක ඒවා design කරන්නේ කෙලින්ම source එකත් එක්ක වැඩ කරන්න පුලුවන් විදිහට.

මම හිතනවා ඔයගොල්ලන්ට මේ ටිකෙන් linux distributions ගැන සාමාන්‍ය අවබෝධයක් එන්න ඇති කියලා.

මම දැන් කියන්න යන්නේ shell එක ගැන මම කලින් ලිපියකත් කෙටියෙන් සදහන් කලා මොකක්ද මේ shell එක කියලා ඒ මතක නැත්නම් හරි ඒක බලන්න කම්මැලි වගේ නම් මම මෙතනත් කියන්නම් නැත්නම් ඉතින් හරි නැහැනේ.

කෙටියෙන්ම කියනවනම් shell එක කියන්නේ තවත් එක  interface එකක්.
 සමහරු අහයි තවත් එක  interface එකක් නම් මොන රෙද්දකටද ඒක ගැන මෙච්චර වද වෙන්නේ කියලා.
මේක interface එකක් වෙන්නේ user සහ operating system එක අතර. හැබැයි මේකේ ගොඩාක් විෂේශතා තියෙනවා. එක අතකට බැලුවහම මේකත් වින්ඩෝස්ලාගේ dos interpreter එක වගේමයි.

මූලික වශයෙන් shell වල විභේද 2 තියෙනවා.
Bourne shell සහC shell විදිහට. 
මේ Bourne කියන shell එක තමයි syntax සහ conventions පාවිච්චි කරන්නේ. sh කියන එක තමයි original shell එක.
පස්සේ Steve Bourne කියන කෙනා ඒක improve කලා bash විදිහට.
අද මේ bash shell එක තමයි default shell එක වෙලා තියෙන්නේ ගොඩාක් system වල.
C shell එක පාවිච්චි කරන syntax බොහොදුරට c language එකේ syntax වලට සමානයි.

ඇට්ටිහැ‍ලෙන්න වහිනවා මම හිතෙනවා..... දැන්නම් නැවැත්තුවොත් හොදයි කියලා මොකද අම්මාගේ බර බරෙන් බේරෙන්න බැහැ 
එහෙනම් ආයෙත් දවසක හමුවෙමු.

මේ……. තේරෙනවද මන්දා………

Stay Connected With Free Updates

Subscribe via Email

1 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.