සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

මට නිකන් .............

10:33 PM
2 ප්‍රතිචාර
ඇති....යාන්තම් ඩිංගක් ඉඩක් ලැබුන වෙලේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්න කියලා තමයි හදන්නේ
මොකද අපේ සිරකරුවා මේ ලගදී මැරෙන්න වැටිලා හිටියේ.
කව්රුත් කෙල පෙර පෙර හිටියේ මූ දැන් මැරෙයි! දැන් මැරෙයි! කිය කිය.
නමුත් අපේ කරුමෙටද! රටේ කරුමෙටද! මන්දා මූට සනීප උනා .
මම කිව්වා කීයක් හරි දෙන්නම් මැරියන්කෝ..... කියලා.
කොහෙද  මූ ඒකටවත් කැමති නැහැ නේ. 
නමුත් වැඩේ ආරංචි වෙන විදිහට නම් මූට කව්ද කෙල්ලෙක් පොඩි විහිලුවක් කරලා.
 ඒකේ හිතේ අමාරුවට ලෝකයාට මූන දෙන්න බැරුව හිටියා කියලා තමයි රට්ටු කියන්නේ.   කොහොම නමුත් ආරංචි වෙන විදිහට මූ කියලා තියෙන්වා මම ජාති ජාතිත් පලි ගන්නවා කියලා. මම පොඩ්ඩක් විතර වැඩේ ෂේප් කරා.. මොකද හරි නැහැ නේ අපේ එකෙක් නේ මොනා උනත්. නමුත් කියන්න බැහැ ඕකා.. යකා වගේ පොරක් මට මතකයි අපි ඉස්කෝලේ යන දවස් වල ඉදන් අපිට යන යන තැන කොකු campus එකේ කොහොම හිටියද මන්දා. මූ හිච්චා කාලේ ඉදන්ම හිරගෙවල් සම්බන්දයෙන් performance පෙන්නුවා.
................ මොනවා කියවනවද මන්දා..... පෙරුම් පුරලා පෙරුම් පුරලා ඇවිත් එක එක වල්පල් ලියන්නේ නැතුව වැදගත් යමක් ලියන්න කියලා තමයි හෙමිහිට මේ පැත්තේ ආවේ උනත් මොනා කරන්නද රටේ ලෝකේ වෙන දේවල් වලට.
මම විතරක් නෙමයි පිස්සු නටන්නේ මගේ machine එකත් අම්බානෙකට පිස්සු මටත් හිතාගන්න බැරුව හිටියේ පස්සේ මම කෝකටත් කියලා malware detect කරන tool එකක් දාලා බැලුවා.
එතකොට තමයි මට දෙයියෝ බුදුන් සිහි උනේ  malicious -57, hijackers-1047 තව මොනාද මොනාද තිබ්බා මට තේරුනෙත් නැහැ .
පස්සේ  ඔක්කෝම  මේ tool එකට පින් සිද්ද  වෙන්න clear කර ගත්තා ඒකේ නම මොකක්ද මේ spybot මොකක්ද කියලා මෙන්න මෙතනින් ඔයගොල්ලොත් try කරලම බලන්න.
මට නිකන් නින්ද යා... ගෙන යා...... ගෙන යා........... ගෙනයනවා වගේ...........
එදත් නිදිමරගාතේ online හුට පටයක් දෙඩෙව්වානේ අද නම් මොකුත්ම කරන්න බැහැ වගේ අම්බානෙකට නිදිමතයි මොන මල විකාර ලියවෙයිද මන්දා.
ආවේ ලිනක්ස් ගැන මොකක් හරි දෙයක් ලියන්න කොහෙද යන මේ....... නිදිමතක් හරස් උනා නේ  
මම title එක දැන්මේ Linux ගැන(කොටස කීයද කියලා මතක නැහැ ) කියලා නමුත් දැන් ඒක වෙනස් කරන්න වෙනවා  
මට නිදිමතා.................................යි!

Stay Connected With Free Updates

Subscribe via Email

2 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.