සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

උබුන්ටු 10.10 වල wireless network connection එකක් හදා ගන්න හැටි

10:37 PM
0 ප්‍රතිචාර
මේක මම කලින් දාන්න ඕනි post එකක් 
මොකද කලින් මගේ බ්ලොග් එකේ එක්කෙනෙක් ඒ ගැන කරලා comment කරලා තිබ්බා 
නමුත් අවාසනවට මට ඒගැන ලියන්න උනේ නැහැ එදත් මම ඒක ලියන්න කියලා හිතාගෙන හිටියට මට ලියන්න උනේ නැහැ අම්බානෙකට නිදි මතක් ආවනේ  
අද නම් මම කොහොමහරි ඒ ගැන ලියනවාමයි කියලා තමයි මේ පැත්තට ආවේ 
ඒ එනකොට මම දැක්කා අපේ එරන්දයා(සිරකරුවා) මේ දවස් වල පොඩි අවුලක ගෑනු හුටපටයක් කොහොමහරි උෟවත් ෂේප් කරලා තමයි එන්න උනේ 
මොකද ඒ වගේ අවස්ථාවක ඉන්න වෙලාවක පොඩි හරි වචනයකින් මහමෙරක් තරම් දෙයක් උනත් cool down කරන්න පුලුවන්  
කොහොම නමුත් පොර හිත හදාගනියි කියලා අපි වැඩේට බහිමු 
මුලින්ම ඔයකට්ටිය කරන්න ඕනි දෙයක් තමයි ඔයගොල්ලන්ගේ machine එකේ wireless adapter එකේ drivers install කරලාද කියලා check කරන එක මොකද එහෙම නැත්නම් කොච්චර තැටමුවත් වැඩක් නැති නිසා ඒක check කරන්නේ ‍මෙහෙමයි  


මේ image එකේ මම mark කරලා තියෙන විදිහට තියෙනවනම් ඒකෙන් අදහස් වෙන්නේ එක්කෝ drivers install වෙලා නැහැ කියන එක හරි connect වෙලා නැහැ කියන එකහරි තමයි 
ඒක ඔයගොල්ලන්ට verify කරගන්න පුලුවන් මෙන්න මේ විදිහට
මුලින්ම කරන්න තියෙන්නේ terminal එක open කර ගෙන ඒකේ මම පහලින් පෙන්නන command එක type කරන්න (terminal එක තියෙන්නේ Applications >Accessories>Terminal)

sudo lshw -C network

එතකොට ඔයගොල්ලන්ගේ machine එකේ wireless adapter එකේ drivers install වෙලා තියෙනවනම් මේ විදිහට කරයි  

*-network
       description: Wireless interface
       product: AR5212 802.11abg NIC
       vendor: Atheros Communications, Inc.
       physical id: 1
       bus info: pci@03:00.0
       logical name: ath0
       version: 01
       serial: 00:11:95:50:be:62
       width: 32 bits
       clock: 33MHz
       capabilities: bus_master cap_list ethernet physical wireless
       configuration: broadcast=yes driver=ath_pci driverversion=0.9.6.0 (EXPERIMENTAL)
       resources: iomemory:10800000-1080ffff irq:11
ip=192.168.1.12 multicast=yes wireless=IEEE 802.11g

 මේ තියෙන විස්තර ගැන එච්චර worry වෙන්න ඕනි නැහැ 
අපිට බලා ගන්න ඕනි මීට සමාන එකක් එනවද කියන එකයි
ඒ විදිහට එකක් එනවනම් ඉතින් කිසි අවුලක් නැහැ වැඩේ ගොඩ දාගන්න පුලුවන්
නමුත් scene එක තියෙන්නේ එහෙම එන්නේ  නැත්නම් අපිට සිද්ද වෙනවා අපේ machine එකේ wireless adapter එකට අදාල driver එක දාගන්න
එහෙම දාගත්තහම ඔයගොල්ලන්ට සිද්ද වෙනවා machine එක reboot කරලා ගන්න නැතිනම් වැඩ කරන්නේ නැහැ
reboot කරාට පස්සේ සමහරවිට detect එක වෙලා auto connect කරගන්නත් පුලුවන්
එහෙම උනේ නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ  manually connect කරන එකයි 
ඒක කරන්නේ මෙහෙමයි
මුලින්ම අර මම දාපු  image එකේ රවුම් කරලා තියෙන තැන right click කලාම ඔයගොල්ලන්ට පෙනෙයි new connection කියලා option එකක් එහෙමත් නැතිනම් ඒක double click කලාටත් කමක් නැහැ
එතකොට මේ වගේ menu එකක් එයි 


ඒකේ wireless tab එකේ add click කරන්න
එතකොට ඔයගොල්ලන්ට මේ වගේ window එකක් එයි 


මේකේ මගේ විදිහට Easyseva  කියලා අරන් තියෙනවා ඔයගොල්ලන්ගේ ගන්න නම විතරක් වෙනස් වේවි 
මේකේ wireless කියන tab එකේ ඔයගොල්ලන්ගේ network එකට අදාල security key එක දාලා apply කරන්න 
එතකොට මේ විදිහට display වේවි 


ඒ...කියන්නේ..... වැඩේ ගොඩ කියන එකයි! ඊට පස්සේ ඉතින් කරනදේ ගැන ඉතින් මම කියන්න ඕනි නැහැ නේ...ඉතින් 
මොනාහරි උනොත් comment කරන්න මම support එකක් දෙන්නම්

Stay Connected With Free Updates

Subscribe via Email

0 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.