සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

අපේ ජීවිත

11:40 PM
2 ප්‍රතිචාර
ඔන්න ඉතින් 2010 වසර ගෙවිලා ගිහින් 2011 ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ.
අද මට ලියන්න හිතුනේ හීතලේ ගෙදරට වෙලා ඉන්න කොට මම පොඩ්ඩක් මගේ පුංචි කාලේ ඉදන් මේ දක්වා මගේ ජීවිතය ගැන කල්පනා කරා.
මොකද මේ දවස් වල බදුල්ලට පට්ට සීතලයි මදිවට අම්බානෙකට වහිනවා ඉවරයක් නැහැ ඉතින් මේ හීතලේ ගුලි වෙලා ඉන්න කොට ඉබේටම වගේ මට අපේ අතීතය මතක් උනා.
ඒකේ සමහර දේවල් තියෙනවා පුදුමත් හිතෙනවා තව සමහර දේවල් තියෙනවා ඇඩෙන ඒවත් තවත් සමහර සිද්දීන් තියෙනවා බඩ අල්ලගෙන හිනා යන දේවල්.
ඉතින් මට හිතුනා මේ ටික මගේ blog එකේ ලියන්න ඕනි කියලා 

ඉතින් මට මුලින්ම මතක් උනේ අපේ පුංචි සන්දිය දවස් වල හරි ජොලි මොකද උදේ පාන්දරම අම්මා මාව නගුට්ටලා මාව නාවලා ඇදුම් අන්දලා තාත්තාත් එක්ක ඉස්කෝලේ යවනවා.
අපේ තාත්තාට දවස් වල තිබ්බේ පුස්සයිකලයක් විතරයි තාත්තා ඒකේ මාව තියාගෙන ඉස්කෝලේට එක්කන් යනවා .
මට තාමත් මතකයි අදත් එහෙම තියෙනවනම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා.
ඒදවස් වල ඉදන්ම මගේ යාලුවෝ තමයි රුවන්, අජිත්, එරන්ද ඔහොම හෙන සෙට් එකක්ම හිටියා. ඒදවස් වල අපි ගහගන්නවා තරහා වෙනවා ආයෙත් යාලු වෙනවා එක එක ජරමර ගොඩයි. දවස් වල ඉදන්ම මට එක විදිහට ඉන්න බැරි ලෙඩේ තිබ්බා කොයි වෙලෙත් බලන්නේ මොකක් හරි ජරමරයක් දාගන්න තමයි!.
මට ලොකුම උනක් තිබ්බේ බැට් එකක් අරගෙන ක්‍රිකට් ගහන්න තමයි.
මට මතකයි ඔය එරන්දයා එහෙම දවස් වල හෙන player  උනාට ලෝක හොරා...
අපේ තව එකෙක් හිටියා කනිශ්ක කියලා එරන්දයා ඕකට එල නමකුත් දැන්මා .
මට හේතුව මොකක්ද කියලා නම් මතක නැහැ ඔය යකා ගාව තමයි බැට් එකක් තිබ්බේ උෟ කවදාවත් අවුට් කරන්න බැහැ මොකද මූ අවුට් උන ගමන්ම එතන ගෝරියක් දාගෙන බැට් එකත් අරගෙන මූ යනවා යන්න.
එරන්දයගේ වැඩේ මූව අවුස්සන එකයි සමහර වෙලාවට මුන් දෙන්නා මරා ගන්න හදනවා අදටත් එහෙමමයි කිසිවෙනසක් වෙලා නැහැ .
කොහොමහරි අපි සෙට් එකම ශිෂ්‍යත්වය පාස් වෙලා Badulla Central College එකට ආවා ඊට පස්සේ තමයි ඉතින් හොද හොද සිද්දීන් සිද්ද උනේ මාත් එක්ක uva college එකේ හිටපු කව්රුවත් මෙහෙ සෙට් උනේ නැහැ.
එරන්දයා කුකුලා සෙට් එකම ‘A’ එකට වැටුනා මම ‘D’ එකට වැටුනා .
නමුත් මට ඒකේ අලුත් සෙට් එක එක්ක සෙට් වෙන්න එච්චර දවසක් ගියේ නැහැ.
 අපේ සෙට් එකේ ගොඩාක් හිටියේ එච්චර සල්ලිය බාගේ එහෙම තියෙන කස්ටිය නෙමෙයි .
හින්දමද මන්දා අපි එකතු උනත් කියලා මට හිතෙනවා .
ඔය කාලේ වෙනකොට අපිට ටිකටික තේරෙනවා දෙමාපියන්ගේ අමාරුකම් සමාජයේ දේවල් එහෙම. අපිට අඩුපාඩුකම් නිසා කුඩම්මාගේ සැලකිලි තමයි ලැබුනේ.
සමහර ගුරුවරු අපේ මූනටම කිව්වා "උබලා ඉගනගෙන මහ ඒජන්ත වෙන්නද හදන්නේ?" කියලා.
අපි දැක්කා සල්ලි වලට තමන්ගේ ආත්මය පවා විකුනන ගුරුවරු.
ඒත් මොනා කරන්නද කියලා අපි හිත හදාගත්තා .
ඔය දේවල් නිසාම වෙන්න ඇති මම කාටවත් බය නැතිව කතා කරන්න ගත්තේ.
එක දවසක් මට මතකයි මට උන හැදිලා දවස් ගානකින් ඉස්කෝලේ යන්න බැරිව ඉදලා පස්සෙ දවසේ ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න කොට maths period එකේ ටීචර් ඇවිල්ලා දැන් පාඩම කරගෙන යනවා. එක පාරටම මේ ගෑනි මගේ ගාවට පැනලා "මොකද තමුසේ හිනා වෙන්නේ?" කියලා මගෙන් ඇහුවා.
 මට හොදටම වයර් මොකක්ද මේ කියන්නේ කියලා මම හිනා උනෙත් නැහැ මම ගත්කටටම කිව්වා "මම හිනා උනේ නැහැ" කියලා.
එතකොට මේ ගෑනි කියපි "බොරු කියන්න එපා... තමුසේ ඊයෙත් ඔහොම කරනවා මම බලාගෙන" කියලා කිව්වා මට දැන් හොදටම වයර් මම කිව්වා "මම ඊයේ ඉස්කෝලේ ආවෙත් නැහැ" කියලා එතකොට අපේ කෙල්ලොන්ටත් හිනා ගියා  මේ ගෑනි අරුන් දිහා කන්න වගේ බලා ඉදලා ‍ටෝල් ගාලා අත ඇරියේ නැද්ද මගේ කන පුරවලා එකක් .
මොනා කරන්නද අදටත් මට ගුරුවරුන් ගැන තරහක් නැහැ.
නමුත් කලකිරීමක් තියෙනවා ඇයි අපිට එහෙම කලේ කියලා.
 ඊට පස්සේ අපි එච්චර ඉස්කෝලේ හිටියේ නැහැ .
උදේට එනවා English period එනකම් ඉන්නවා ඊට පස්සේ ගගේ පනිනවා .
අපිව අල්ලන්න මොන ජගතටවත් බැරි උනා අපිට වගේ සලකපු කට්ටිය වගේම අපිට ගොඩාක් ආදරෙන් සලකපු ගුරුවරුත් හිටියා.
එක්කෙනෙක් music ටීච්ර් මට මතකයි දවස් වල අපිට බටනලා ගේන්න කියලා කිව්වා.
අපිත් අරගෙන ඇවිල්ලා දැන් ඔක්කෝටම කියලා දෙනවා කොහොමද මේක play කරන්නේ කියලා. ඊට පස්සේ අවරෝහන විදිහට අපි බටනාලාව play කරනවා .
ටීචර් කියනවා හා දැන් "නී"ගන්න "ධ" ගන්න ඔහොම ඔහොම ඇවිත් ටීච්ර් කිව්වා හා දැන් "ප" ගන්න. මම මොකක්ද කලේ පුලුවන් තරම් වෙර දාලා ලගහිටිය එකාගේ කකුල පෑගුවා.
මේ යකා "බුදු අම්මෝ" කියලා කෑගැහුවේ නැතැයි බොරු වටත් එක්ක.
එතකොට ටීච්ර් මහ හයියෙන් හිනා වෙලා කිව්වා "ගොනෝ මම කිව්වේ බටනලාවේ ගන්නයි කියලා".
ආයේ අපේ music room එකේ තිබ්බා piano එකක් ඕක ගහන්න මම හෙන ආසාවෙන් හිටියේ.
දවසක් ටීච්ර් අපිට පොදි වැඩක් දීලා එලියට ගියා.
මම මොක්ද කලේ දඩබඩ ගාලා වැඩේ ඉවර කරලා අරක ගහන්න පටන්ගත්තා.
මම ජීවිතේට piano එකක් අල්ලාවත් තිබ්බේ නැහැ.
ඔහේ නිකන් පොන් පොන් ගාගා ඔබන්න ගත්තා .
එතකොට තව එකෙක් කොහින්ද අයිනක පරිස්සමට තියලා තිබ්බ side drum අරගෙන ඒකට තඩිබාන්න පටන් ගත්තා .
ටිකවෙලාවකින් එතන හෙන ගාලගෝට්ටියයි සමහරු base drum අරගෙන ඒකට තඩිබාන්න පටන් ගත්තා.
 හැමෝම මොකකට හරි තඩිබාන ගමන් නටනවා .
එක විකාරයයි ටික වෙලා වකින් මගේ තිබ්බ ගායට සාක්කුවේ තිබ්බ පෑන බිමට වැටුනා.
මම ඒක අහුල ගන්න හැරෙන කොටම දෙවියනේ.........!  ටීච්ර්!
දොර ගාවට වෙලා කම්මුලේ අතගහගෙන අපි දිහා බලා ඉන්නවා.
 මම හිමීට ලග හිටපු එකාට ඇනලා සීන් එක පෙන්නුවා .
ඌ ඌට එහා පැත්තේ හිටපු එකාට ඇනලා පෙන්නුවා .
දැන් ඔක්කොම ෆුල් upset ඇයි ඉතින් දැන් මොනවායින් මොනවා වෙයිද කියන්න බැරි නිසා.
ටීචර් මහ හයියෙන් හිනාවෙලා අපි ඔක්කෝටම හිනා වෙවීම දුන්නා සබ්බුව .
ඔයවගේ මහ අන්ඩපාල වැඩමයි අපි කලේ ඊට පස්සේ 11 ඉන්නකොට අපේ පන්තියට අනිත් පන්ති හතරම එකතු වෙලා ගහන්න ආවා .
අදටත් මම හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ අනිත් පන්තිවල ඉන්න යාලුවෝ වලියට කලින් දවසේ හම්බ උනහම කිව්වා "මම උබලට ගහන්නේ නැහැ හැබැයි උබලා මටත් ගහන්න බැහැ" කියලා එතකොට උන් කිව්වෙත් "පිස්සුද යකෝ අපි උබලට ගහනවද අපි ගහන්නේ අරූට විතරයි" කියලා කිව්වා.
ඔන්න දැන් කෙලගන්න දවසත් ආවා උදෙන්ම මම යාලු වෙලා හිටපු නංගි ඇවිත් කන් කෙදිරි ගාන්න ගත්තා .
මම ඒකවත් ෂේප් කරලා යැව්වා.
පස්සේ ටික වෙලාවකින් ගේම පටන් ගත්තා.
අපි හොදටම ගහගත්තා සමහරුන්ට තුවාලත් වෙලා කස්ටියම ගෙන්නලා ඉස්කෝලේ ඉස්සරහ තියෙන කොට්ටම්බා ගහ යට දන ගැස්සුවා.
දැන් අපි සෙට් එකම පෝලිමට දන ගහගෙන ඉන්නවා.
එක පොඩි එකෙක් ඇවිත් මූ අපිට නිකන් කින්ඩියට වගේ හිනා වෙන්න අනන් බනම් කරන්න පටන් ගත්තා.
මට කියන්න බැරි උනා නේ අපි දන ගහලා තිබ්බේ මම සෙට් වෙලා හිතපු නංගි ඉන්න class එක ගාව. මට ඒකෙල්ලව හොදටම පේනවා කාඩ් සේරම වතුරේ.. මොනා කරන්නද දැන් මට මේක ඉවසගෙන ඉන්න බැරිම තැන නැගිටලා ගිහින් අම්බානෙකට නෙලුවා අරූට .
මම පටන් ගත්තා විතරයි අපේ අනිත් උන් ටිකත් පැනලා මූට කෙලින්න පටන්ගත්තා .
කොහොමහරි ඔය සීන් එක සර්ලා මැදිහත් වෙලා ෂේප් කලා.
 ඊට පස්සේ අපි O/L පාස් වෙලා A/L කරන්න ආවා අර පිස්සෝ රෑනට එරන්දයා ,කුකුලා ,දබලා ,බට්ටා, චානක ,ගුලියා ,කට්ටා ඔක්කොම සෙට් උනා .
දැන් නිකන් maths එක පිස්සු  ගුහාවක් වගේ අපි කෙලපු පිස්සු  එකක් දෙකක් එරන්දයා බ්ලොග් එකේ ලියලා තියෙනවා.
 අපි ඔය දවස් වල අවුරුද්දට ඇදුම් ගන්න සෙට් වෙමු කියලා කට්ටියම සෙට් උනා.
ඊට පස්සේ එක shop එකකට ගිහිල්ලා දැන් සෙට් එකම ඇදුම් තෝරනවා මේ අතරේ එරන්දයා නැහැ. මල කෙලියයි දැන්! මූ හොයාගන්න එපැයි කියලා රෙදි තේරීම පැත්තක තියලා මම යන්න හදන කොටම underwear තියෙන තැන මූ මොනාද උඩ දදා ඉන්නවා.
මායි චානකයි ලගට ගිහින් බැලුවා .
මූ මොකද කරන්නේ අහුරක් පහයි අහුරක් පහයි කිය කිය underwear උඩදානවා......

අපේ තව වික්‍රම ටිකක් තියෙනවා ඒවා හෙට කියන්නම්!
මොකද මට නිදි මතයි එහෙනම්... 

කස්ටියටම,  ලබන්නාවූ නව වසර සාමය, සතුට පිරි, කෙල්ලෝ නැති කොල්ලන්ට කෙල්ලෝ ලැබෙන, කොල්ලෝ නැති කෙල්ලන්ට කොල්ලෝ ලැබෙන, අම්බානෙට බොන්න ලැබෙන, සුබම සුබ, පට්ටම පට්ට, ෆුල් ආතල්ම නව වසරක් වේවා..........

Stay Connected With Free Updates

Subscribe via Email

2 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

සිරකරුවා said...

අඩෝ අදනේ මේක දැක්කේ.. තෝ මට විතරක් මඩ ගහන්නෙ ඕයි.. :l
ඉඳපියකෝ :m තොගේ පෝස්ට් එකකුත් දානව මම අර කොටියගේ දුව ගැන කියලා හික් හික්

Jeewan said...

ඕන එකක් කරපන් නම් දානකොත පරිස්සමෙන් දාපන් ....:m