සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

අපේ ජීවිත (ඉතිරිය)

11:18 PM
4 ප්‍රතිචාර
අපේ ජීවිත වල ඉතිරිය ලියන්න කියලා හිටියට කොහෙද ඒක ලියන්න උනේ නැහැ.
අද එච්චර වැඩකුත් නැති එකේ ඒකත් ලියලා දැන්මා නම් හොදයි!
මම shopping කේස් එකේ ඉදලම කතාව පටන් ගන්නම් කස්ටියටම මතකෙ ඇතිනේ අපි පටන් ගත්ත විදිහ දැන් ඉතින් ඒ shop එකෙන් හිනා වෙවී එලියට බැස්සා එරන්දයා කරපු වැඩේ (වැඩේ මතක නැත්නම් මේක බලන්න )නිසා වැඩි වෙලාවක් එතන ඉන්න පුලුවන් උනේ නැහැ අපිට.
එලියට බැහැලා ඔහොම සෙට් එකම පහල කඩයකට යන්න හදනකොටම අපේ එකෙක් එරන්දයාට අවවාදයක් දෙන්න කියලා පිටිපස්සට හැරෙන කොට එරන්දයා missing..
දැන් මාර කෙලියනේ මේ යකා කොහින් හරි හොයාගන්න එපැයි ඒදවස් වල අපේ ලග mobile තිබ්බේත් නැහැ .
දැන් කොහොමහරි කට්ටිය එරන්දයාට ජාතිය අමතන්න පටන්ගත්තා .
එතකොටම මේ යෝදයා bagasravala එකේ ඉදන් හිනා වෙවී එනව මට තේරුනා මූ ගේමක් දීලා තමයි එන්නේ කියලා මම චානකයාට කිව්වා මූ මොකක් හරි අන්ඩපාල වැඩක් කරලා තමයි ඔය එන්නේ.
හරියට හරි! මූ.. මොකක් දන්නවද කරලා තියෙන්නේ bagasravala එකට ගිහින් හාල්මැස්සෝ 250g ඉල්ලලා ඒකේ හිටපු එකා මූ දිහා කන්න වගේ බලා හිටියලු..... මොකද bagasravala එකේ විකුනන්න තියෙන්නේ electronic items නිසා ඔය වගේ තමයි අපි කොතන ගියත් අපි එතන නමක් තියලයි එන්නේ.
අපි class ගියේ බණ්ඩාරවෙලට class එක පටන්ගන්නේ උදේ 7 අපි බදුල්ලෙන් යන්නේ 7.15 බස් එකේ බණ්ඩාරවෙලට යන්කොට කොහොමත් 9 විතර වෙනවා.  10 වෙද්දී බඩගිනියි... කොහොමහරි කෑගහලා කෑගහලා interval එක 9.50 වෙනකොට ඉල්ල ගන්නවා.
ඊට පස්සේ එතනම තියෙනවා පොඩි canteen එකක් ඒක සුද්ද කරනවා.
කෑමට බඩජාරියා ගුලියා ඒවගේම ඕක හෙන හොරා කව්රු හරි එක්ක කෑම නිසා ගෝරියක් දාගත්තොත් ඒ ගුලියා තමයි ඕකා කරන වැඩේ තමයි කාලා ඉවර වෙලා සල්ලි එකතු කරන්නේ පොර.
මූ මොකක්ද කරන්නේ ඔක්කෝගෙන්ම ඉස්සර වෙලා එකතු කරලා අඩු රුපියල දෙක වගේ එක තමයි මූ අතින් දාන්නේ දවසක් මුගේ වැඩේ ගැන කනිශ්කයාට මාට්ටු.
මූ ඕක හැමෝටම කිව්වා මූ වැඩියෙන් කාලා හිමීට අඩුවෙන් ගෙවනවා කියලා.
ඊට පස්සේ class එකට ගිහිල්ලා 12 විතර class එකෙන් පනිනවා පස්සේ railway station එකට ගිහින් කෝච්චියේ එල්ලිලා බජව්වක් දාගෙන ආයෙත් බදුල්ලට එනවා .
මේ විදිහට තමයි අපේ ටියුශන් ජීවිතේ ගෙවුනේ.
එක දවසක් ඔහොම ටියුශන් එකෙන් එලියට එනකොට කෙල්ලෙක් අපි දිහා අමුතු විදිහට බලා ඉන්නවා .
මම ඒත් වටපිට බැලුවා මට වැරදිලාවත්ද කියලා ඒත් එහෙම කව්රුවත් ඇත්තේ  නැති නිසා මම එරන්දයාට සීන් එක කිව්වා මූත් හිමීට බලලා  කිව්වා අඩේ!.. ඇත්ත තමයි කියලා.
පස්සේ මම කෝකටත් කියලා චානකයටත් කිව්වා උෟත් කිව්වා මචන් ඇත්ත තමයි! කියලා.
එතකොට එකෙක් කිව්වා යමුද පස්සෙන් කියලා අද වෙනකම් ඕක කියපු එකා හොයාගන්න නැහැ .
අපිත් මොකද කරන්නේ පැනලා ඒකිගේ පස්සෙන් යනවා අපේ හිටියා කොහොමහරි එතෙන 8 විතර .
දැන් මේකි හැරි හැරී දුවනවා අපිත් බල්ලො රෑන වගේ මේකිගේ පස්සෙන් යනවා.
කොහොමහරි  බණ්ඩාරවෙල railway station එක ලගටම වෙනකන් අපි ආවා .
මෙන්න! මේකි එකපාරටම නවත්වලා තිබ්බ බස් එකකට නැන්ගා.
ඒකි නැන්ගා විතරයි !යෝදයෝ වගේ හතර දෙනෙක් ඒකෙන් බැස්සා.
අපිත් ඉතින් ඉල්ලාගෙන කෑම හොද නැති නිසා හිමීට මාරු උනා .
පස්සේ දවසක අපි බස් එකේ යන්න ඉන්න කොට චානකයා මට කෙල්ලෙක් පෙන්නලා කිව්වා උබට මතකද අර කෙල්ල  කියලා මම එරන්දයාටත් පෙන්නුවා උෟ හොදට විශ්ලේශනය කරලා කිව්වා .
හොදට දැකලා පුරුදුයි කියලා එකපාරටම අඩේ මේ අර එදා අපි පස්සෙන් ගිය එක නේද කියලා කිව්වා එතකොට තමයි මට යාන්තම් මීටර් උනේ එතකොට චානකයා කිව්වා මොන එහෙකට පස්සේන් ගියාද කියලා හිතෙනවා කියලා පස්සේ මම ඇහුව්වා කව්ද පස්සෙන් යමු කියපු එකා කියලා බලද්දි එකෙක්වත් නැහැ උන් අපිට බනින්න පටන්ගත්තා තොපි ගිය නිසයි අපිත් ආවේ කියලා පස්සේ බලද්දී මායි එරන්දයයි විතරයි උෟත් ඒක හිමීට මට තල්ලු කලා අන්තිමට පැත්තක හිටපු මාව තමයි මාට්ටු උනේ 
ඔය වගේ සිද්දීන් අනන්තයි අපේ ජීවිත වල හෙන ජොලි 
ඉතින් පස්සේ A/L ඉවර වෙලා කැම්පස් ආවා ඒක ඊට හපන් රජ පිස්සෝ ටිකක් තමයි එහෙදී සෙට් උනේ මම lectures වලට එච්චර හිටියේ නැහැ මොකද මට ඒවාවල නින්ද යන නිසා මම lecture එකක හිටියොත් අනිවාර්යෙන්ම මට නින්ද ගිහින් ආයේ කතා 2 නැහැ 
ඔහොම පිස්සුවෙන්ම ජීවිතයත් හමාර උනා ඒ අතර මම හිටපු එක්තරා ආයතනයක හොද යාලුවෝ ටිකක් හම්බ උනා ගෑනු පිරිමි දෙගොල්ලම ඒ අතර හිටියා 
පස්සේ ඒගොල්ලන්ගෙන් එක කොල්ලෙක් මට කිව්වා උබ අර කෙල්ලත් එක්ක හුටපටයක් තියෙනවා නේද කියලා මම ඇහැව්වා උබට මොකටද කියලා මූ ඊට පස්සේ කිව්වා නැහැ මචන් මම සිරාවට අහන්නේ එහෙම දෙයක් තියෙනවද කියලා මම කිව්වා පිස්සුද යකෝ අපේ එහෙම දෙයක් නැහැ කියලා පස්සේ 
පොර මට කිව්වා මම මචන් ඒකිට ලව් පුලුවන් නම් මට ඒකි සෙට් කරලා දියන්කෝ කියලා මාත් කිව්වා හරි මම කරලා දෙන්නම් කියලා පස්සේ දවසක මම ඒ කෙල්ලට කිව්වා අහවලා ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා 
මේකි එකපාරටම මගේ මූන දිහා බලා ඉදලා අඩාගෙන යන්න ගියා මට දැන් හොදටම වයර් මගේ කටින් වැරදි දෙයක් කිය උනාද කියලා මම ඒකිගේ යාලුවාගෙනුත් ඇහැව්වා ඒකීටත් හිතාගන්න බැහැ 
පස්සේ කොහොමහරි මුන් දෙන්නා අපේ support එකෙන් සෙට් උනා 
පස්සේ දෙන්නා marry කරලා රට ගියා 
මේ ලගදී ඒකිගේ යාලුවා හම්බවෙලා කතා කරකර ඉන්න කොට ඒකි කිව්වා අර කෙල්ල marry කරන්න කලින් මට පාර්සලයක් දෙන්න කියලා දුන්නා  මේන් ඒක කියලා මට දුන්නා
මම ගෙදර ගෙනල්ලා බැලුවා මොකක්ද යකෝ මේ......... කියලා මට කවදාවත් ඔය වගේ දෙයක් හම්බවෙලා නැහැ මට සැක හිතුනා මට ඇදපු අන්චියක් වත්ද කියලා
මොකද මමත් එල ආතල්නේ දුන්නේ ඒ පාර්සලේ ඇරලා බලනකොට ඒකේ තිබ්බේ පොඩි කොල කෑල්ලකුයි photo වගයකුයි විතරයි මම ටික බලන කොට අපි හිටපු photo තමයි ඒකේ තිබ්බේ හැබැයි වෙනසකට තිබ්බේ ඒකියි මායි ඉන්න ඒවා තමයි වැඩිපුරම තිබ්බේ මට දැන් හෙන අප්සෙට් මොකක්ද මේ සීන් එක කියලා පස්සේ මම අර කොල කෑල්ල දිග ඇරලා බැලුවා
අපොයි මේන් ඒකේ පොල් ගෙඩි අකුරෙන් තිබ්බ දේ "අනේ තමුසේ වගේ මෝඩයෙක්!"
මට තේරුනා මුන් මටත් දුන්නා නේද ගේමක් කියලා හොදටම අමතන්නම් කියලා ගත්තා අරකිට call එකක්.
අරගෙන මම කිව්වා උබලා මටත් return එක දුන්නා නේද කියලා පස්සේ ඒකි මට කිව්වා මොන එකද කියලා මම කිව්වා උබ දුන්න පාර්සලේ මෙන්න මේක තමයි තිබ්බේ කියලා
ඒකි හිනා වෙලා කිව්වා අපෝ ඕකවත් තේරුම් ගන්න බැරිද කියලා මගෙන් ඇහුව්වා මම ඇහැව්වා මොකක්ද කියලා  
මේකි කියපි උබලා දෙන්නා හිටපු විදිහට මම හිතුවේ උබලා දෙන්නා බදියි කියල  ඒ වෙලාවේ තමයි මට සීන් එක තේරුනේ මට කියඋනා මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබ්බේ නැහැ කියලා 
එතකොට ඒකෙල්ල මට කියනවා උබේ හිතේනම් මම දන්නේ නැහැ හැබැයි ඒකිනම් එහෙම හිතාගෙන හිටියා කියලා ඊට පස්සේ මට පොඩි වැඩක් තිබුන නිසා phone එක තියලා ඒ වැඩේ කරලා ඉවරවෙලා හිමීට මේගැන කල්පනා කලා දැන් මට හැම දෙයක්ම පැහැදිලියි කරන්න දෙයක් නැහැ මොලේ පහල වෙනකොට race එක ගිහින් ඉවරයි.

Stay Connected With Free Updates

Subscribe via Email

4 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

සිරකරුවා said...

පට්ට පට්ට.. :n
සීන් ටික ඔක්කොම මතක් වුනා.. :o
බණ්ඩාරවෙල ක්ලාස් ගිය කාලේ කියල වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවන් බන්.. ඒ තරම් සිද්ධි ටිකක්නෙ උනේ බන්.. :j
අපි දෙන්න බැස්ස කෑලි දෙක ගැන උඹ ලියල නැහැනෙ බන්.. h ඒවා දැන් කසාද බැඳල ලමයිනුත් ඇති බන් :d

Jeewan said...

ඒ දෙක ගැනත් ඕනිම නම් ලියමු මචන්........:c

Dilanka said...

අර කෙල්ල උබ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්ද....... එකිට උබම කපු මහත්තයා උනාම ඒකිට මොනා හිතෙන්න ඇත්ද? මේකත් එක්තරා විදිහක ආදර කථාවක් තමයි බං..... ‍එල එල........... :)

Jeewan said...

@Dilanka මොනා කරන්නද බන් එතකොට රේස් එක ගිහින්නේ!!!