සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

අ‍පේ අයියාගේ මගුල....

11:49 PM
6 ප්‍රතිචාර
මේ post එක draft ගොඩේ තිබිලා මට හම්බ උනේ.
ඒක ලියලා මාස ගානක් වෙනවා.
ඒත් මම ඒක දැක්කේ නැහැ නොවැ.
ඉතින් මම හිතුවා මේක publish කරලා දාන්න.

මේ සීන් එක අපේ අයියාගේ මගුල ගැනයි.
මම ගැන දන්න කස්ටිය බලයි මූට කොයින්ද බොල අයියෙක් කියලා. මේක ඇත්තටම අපේ මාමාගේ ලොකු පුතන්ඩියගේ වැඩක් ගැන තමයි.
පොර මාමාගේ පුතා උනාට පොර මට සලකන්නේ උගේම මල්ලී විදිහට. වෙලාවකට නම් ඒක හොදයි! අපෝ.......වෙලාවකට නම් පුදුම ඇපට් එකක්.
මූ තරම් වාත පොරක් මේලෝකේ කොහේවත් නැතුව ඇති.
මොකද මම එහෙම කියන්නේ මූ කරන ගෝත වැඩ නිසා.
මූ හැමදේකටම ඇද ගෙන යන්නෙ මාව.
හැබැයි! බොන්න ඇර.
පොරට බොන්න ඕනි උනාම හෙමීට හොරෙන් ගිහිල්ලා ගහලා එනවා. අනිත් හැම කෙහෙල් මලටම උබ ඉතින් අපේ මල්ලීනේ කියලා ඇද ගෙන යනවා.
බොනකොට හොරෙන් කෙලිනවා පෙරේතයා.
කොහොම හරි පොරට කසාද බදින්න ඕනි වෙලා රට වටේම කෙල්ලෝ හෙව්වා.
මූ‍ට ලව් කේසුත් හෙන ගොඩක් තිබ්බා (යන යන තැන කෙල්ලෝ) .
ඒත් මූ ඒ එකක්වත් මුලින් බදින්න කැමති උනේ නැහැ.
හේතුව අදටත් මූ කියන්නේ නැහැ.
සමහර විට ලව් කරලා කසාද බදින්න හොද නැතුව ඇති .
දැන් මාමලා, නැන්දලා හෙන ගේමක් දීලා මූට කෙල්ලෙක් හොයනවා. හැබැයි මූට ඕනි කෙල්ල මේවගේ වෙන්න ඕනි කියලා පොර කොන්දේසි වගයක් දැන්මා.
ඒ කොන්දේසි තමයි මේ....
1.කෙල්ල ලස්සන වෙන්න ඕනි.
2.කෙල්ල කෙට්ටු කෙල්ලෙක් වෙන්න ඕනි .
3. කොන්ඩේ දිගට තියෙන්න ඕනි  .
4.හොදට උයන්න පුලුවන් වෙන්න ඕනි .
5.හොද දෑවැද්දක් ඕනි .

දැන් ඉතින් කස්ටියම මූට කෙල්ලෙක් හොයනවා.
ඔය අතරේ අපේ වෙන මාමා කෙනෙක් පොරගේ යාලුවෙක්ගේ දුවෙක් මූට propose කලා.
මටත් කිව්වා යමන් කියලා මම වැඩ තියෙනවා කියලා ෂේප් උනා.
ඒත් පොර ඒක කොහොම හරි සෙනසුරාදා දවසකට දාගෙන මාව ඇදගෙන ගියා ඒ කෙල්ල බලන්න.
අපි දැන් ඒ ගෙදර වාඩි වෙලා ඉන්න කොට මූ කිව්වා පොරට කෙල්ලව බලන්න ඕනි කියලා.
පස්සේ ඒ කෙල්ලගේ අම්මා ගිහිල්ලා කෙල්ලව සාලෙට එක්කගෙන ආවා.
පස්සේ ඉස්සෙල්ලාම අපේ අයියා කරයාට වැන්දා.
ඔහොම ඔහොම අපේ තාත්තලාට, අම්මලාට, මාමලාට එහෙම වැදගෙන ඇවිල්ලා මේ හොල්මන මටත් වැන්දානේ.
මොනා කරන්නද මුන් ඔක්කෝටම හිනා.
මට මාරයා නැගලා හිටියේ.
ඒත් මුන් ටික හිනා වෙනවා.
මම කට ඇරියේ නැහැ මොකද මගේ කට ඒ තරමටම හොද නිසා.
පස්සේ දෙන්නා එලියට ගියා පොඩ්ඩක් කතා කරන්න කියලා.
අපිත් ඉතින් වටපිට ඇවිද ඇවිද ඉන්න කොට මම කලේ ඒ කෙල්ලගේ නංගි පොඩි චැට් එකකට සෙට් කරගත්තා.
ඊට පස්සේ මම හිමීට ඒ නංගිගෙන් අක්කා ගැන පොඩි විස්තරයක් දැන ගත්තා.
බලද්දී ඒ මූට propose කරපු කෙල්ල මටත් වැඩිය බාලයි.
මුගේ දරුකමට වගේ තමයි හොද.
  දැන් ඉතින් දෙන්නා කතා කරලා ආවට පස්සේ වැඩිහිටියෝ සෙට් එක මේ ගැන මොකද කියන්නේ කියලා අයියාගෙන් ඇහැව්වා.
මේ යකා කියපි ඒ... යි! ජීවන් මොකද කියන්නේ... උබ කැමතිනම් කියපන්! මම බදින්නේ... උබ කැමතිනම් විතරයි! කියලා.
මම කිව්වා යකෝ... මම බදිනවා නම්! මම එක පයින්ම කැමතියි!!! කියලා.
කස්ට්යටම ඒකට හිනා.
පස්සේ උත්තරයක් දෙන්නම් කියලා අපි ආවා.
අදටත් ඒකට ඊට පස්සේ උනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ.
ඔය වගේ හෙන ගෙවල් ගොඩකට ගියා මූට ගැලපෙන කෙල්ලෝ හොයා ගෙන.
ඕකගේ වැඩ නිසා අදත් අපිට සමහර පැතිවලට යන්න විදිහක් නැතිවෙලා තියෙනවා.
පස්සේ ඔහොම ඉදලා අපේ තාත්තාගේ හොදම යාලුවෙක්ගේ දුවෙක් ගැන මූ ඇහැ ගහගෙන ඉදලා අපේ තාත්තාට හෙන කරදරේ මුගෙන් ඒක සෙට් කරලා දෙන්න කියලා.
අපේ තාත්තාත් බැරිම තැන ඒ අංකල්ට කියලා තියෙනවා.
ඒ අංකල් කැමති වෙලා බලන්න එන්න කිව්වාලු.
මම කලින්ම ඕක මගඅරියි කියලා මේ ගෝතයා ඒ ගමන පෝය දවසකට දාගෙන.
කොහොම හරි එදත් මම බෑ කියද්දී මූ මාව ඇදගෙන ගියා.
අනේ ඒ අක්කා මූට හොද වැඩියි!.
මූ අර කියපු ගුනාංග සේරම තියෙනවා.
මූට හොද වැඩියි කියන්නේ ඒ අක්කා හරි අහිංසකයි.
පස්සේ දෙන්නා කතාකරලා ඉවරවෙලා ඒ අක්කා මාත් එක්කත් හොදටම ෆිට් උනා.
පස්සේ කොහොමහරි ඒ මගුල තීන්දු උනා.
දෙන්නාට දෙන්නත් කැමතියි.
ඒ දවස් වල අපේ ගෝතයාට වෙන වැඩක් නැහැ මල් කැඩීම විතරයි.
ඒ අක්කත් උෟට ගන්න බැරි උනාම මට තමයි  call කරන්නේ.
සමහර දවස් වලට මට නිදා ගන්නත් නැහැ මුන් දෙන්නා හින්දා.
අපේ එකා බොන එකත් නැවැත්තුවා.
  පස්සේ මූ යාලුවෙක්ගේ මගුල් ගෙයක් තියෙනවා කියලා මාතර ගියා.
ඊට පස්සේ මූ එහෙන්ම කොලබ මුගේ යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා. අපේ ගෙදරට රෑ 9.30 විතර අර අංකල් call කරලා අපේ තාත්තාගෙන් ඇහැව්වාලු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.
කොහොමහරි මම ගෙදර එනකොට තාත්තාට යක්ශයා ආරූඩ වෙලා. දැන් මේ මගුල තීන්දු කරගෙන ඒකට දිනත් නියම කරගෙන තියෙද්දිත් මොකද කේස් එක කියලා මම ඇහැව්වාම තාත්තා මට මොකුත් කිව්වේ නැහැ.
පස්සේ මම අක්කාට call කලා ring වෙනවා ඒත් ans කරන්නේ නැහැ. මට තේරුනා අපේ එකා මොකක් හරි නාඩගමක් නටලා කියලා.
මම කෝකටත් කියලා උෟට call කලා උෟ ans කරන්නෙත් නැහැ.
ඊට පහුවෙනිදා අක්කා මට කතා කරලා සම්පූර්න විස්තරේ කිව්වා.
අපේ එකා මාතර ගිහිල්ලා අම්බානෙකට බීලා අක්කට call කරලා කිව්වාලු ඒ මගුල කෙරෙන්නේ නැහැ කියලා.
නමුත් මූ හේතුව මොකක්ද කියලා කිව්වේ නැහැලු.
පස්සේ මූ සතියකට පස්සේ බදුල්ලේ ආවා.
හැබැයි අපේ ගෙදර ආවේ නැහැ.
උෟ මාමලා ගෙදරත් නැහැ.
මම උගේ වැඩ පොලට ගිහින් සීන් එක අහගත්තා.
නමුත් ඕකා මට sure නැති නිසා මම අක්කාට කතා කරලා මෙහෙම දෙයක් ඔය දෙන්නා අතර උනාද කියලා ඇහැව්වා.
ඒ අක්කා කිව්වා නැහැ කියලා පස්සේ මට තේරුනා වෙන සීන් එකක් මෙතන යන්නේ කියලා.
පස්සේ මූ මාතරින් කෙල්ලෙක් එක්කරගෙන ආවා පොරගේ කලින් ලව් එකක්ලු එතකොට තමයි මත සීන් එක තේරුනේ.
  මේ ලගදී ඒ අක්කා මට හම්බ උනා මට ඒ අක්කාගේ මුහුන බලන්නත් ලැජ්ජයි මේකා කරපු දේ නිසා.
මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා.
එයා කිව්වා එයාගේ මල්ලී නැතිවෙලා ගොඩාක් අප්සෙට් එකේ ඉදලා පස්සේ ගෙදරින් කියපු හින්දලු කසාද බදින්න හිතුවේ.
වෙඩින් එකට කියලා සාරියත් ගත්තාලු.
සමහර වෙලාවට අක්කාගේ ඇස් වලින් කදුලුත් ආවා.
මම කිව්වා අපේ එකාට පින නෑ ඔයා වගේ කෙනෙක් ලබා ගන්න කියලා. ඒ අක්කා කිව්ව මගේ තරහක් නැහැ මල්ලී එයාට මම සුබ පතනවා කියලා කියන්න කිව්වා.
කොහොමහරි ඔය සිද්දියෙන් පස්සේ මට උෟව එපා උනා.
අපේ තාත්තාට තාමත් උෟව පෙන්නන්න බැහැ. 
දවසක් බුවා අපේ ගෙදර තාත්තා නැති වෙලාවේ ඇවිල්ලා අපේ අම්මාට සුපුරුදු බොරුව ගහනකොට මට ඉවසලා ඉවසලා ඉන්නම බැරි තැන ගිහිල්ලා ජාතිය ඇමතුවා ලුනු ඇබුල් ඇතුවම.
එදා ඉදන් මාත් එක්කත් පොර එච්චර හොද නැහැ.
අදටත් ඒ අක්කා අපේ එකා කරපු මේ බලු වැඩේ හින්දා අවිවාහකව විදවනවා.

Stay Connected With Free Updates

Subscribe via Email

6 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

නදී said...

අප්පෝ මාර අය්ය කෙනෙක්නෙ.නොගෑලපෙනවා නම් මොකටද සම්බන්ද දුරදිග අරන් යන්නෙ. ඒ අක්කා පව්... ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොදවෑඩක් නෙමේ.

Jeewan said...

@නදී ඒක තමයි මටත් ඕකා පෙන්නන්න බෑරි කලින්ම බෑ කිව්වා නම් ඉවරනෙ........:l

@කුරුං ගුරුං කියලා වැඩක් නැහැ මචන්

Unknown said...

nethi kunuharupath mathak wenawa ban ohoma ewun gena ahuwama.shik...sirawatama pawu e kella...

Jeewan said...

@රොෂාන් එරංග කියලා වැඩක් නැහැ බන්!