ෆලෝ කරන්න

Friday, July 22, 2011

ටියුශන් ලඟ . . .




ආලේ පාන සරුවත් පෙම්
පාට පාට දාල හොඳට
සේද සේද සළු දවටන්
පුංචි හිතට වී කුළුපග

සීනි බෝල ටොපි චොකලට්
වියදම දෙන තෑගි බෝග
ජීවිතයේ කඩඉම් ලඟ
සිනා සලයි සරදම් ලෙස

හිතට තුරුළුවූ පත පොත
ඉකිබිඳිමින් ඇත පසෙකින්
ඉස්සර වී පෙම් රැඟුමන්
ජීවිතයම වී සල්ලං

ටියුශන් ලඟ පොරකත් පෙම්
කුමර කුමරි අහුරුපිටින්
වගා නොකර විසිකර පොත
අස්වනු සොයනා ජීවිත

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .