සිංහල ඕමි 2 හදන්න Allegro ගේම් එන්ජිම….

හමාලගේ විස්ස විද්‍යාලෙත් 17 වෙනකල් වහල හින්ද කාලයක් තිස්සෙ බාගෙට හදල නවත්තලා දාලා තිබ්බ වැඩක් ආයෙත් පටන් ගත්තා….. ඒක තමයි සිංහල ඕමි එකේ දෙවෙනි වර්ෂන් එක හෙවත් සිංහල ඕමි 2 හදන එක….. ඒක ගැන කියන්න කලින් සිංහල ඕමි 1 ගහල නැත්තම් මෙතනින් බාගෙන බලන්නකෝ…..

හමා සිංහල ඕමි හදල දැනට අවුරුදු තුනකටත් ලඟයි…. ඒ උණත් තාමත් හමාට සතියකට එක ඊමේල් එකක් වත් එනවා ඒක ගැන කියල….. ගොඩක් ම ඒවා එන්නෙ ඕමි කප්පිත්තන්ගෙන්…. ඒවගෙත් ගොඩක්ම ඒවයෙ තියෙන්නෙ හමාට බැනල….ගේම් එක හරියටම කොළ අදින්නෙ නෑ කියල….ඉතින් ඔය හැමෝගෙම අදහස් අරගෙන හදල මේ වෙනකොට ඕමි එකේ version 10 ක් ම තියෙනවා…..

ගොඩක් දෙනා ඕමි ඇල්ගොරිතමයේ වෙනස්කම් කරන්න ඕනි කියල තිබුණ හින්ද හමා හිතා ගත්තා අලුතින් ම ආපහු මුල ඉඳලම ගේම් එක හදන්න….. ඒකට හමා ඇල්ගොරිතමය ආපහු මුල ඉඳලම ලිව්වා…. දැනට ඒ වැඩේ නම් 75% ක් විතර ඉවරයි… අලුතින් හදන එකේ කලින් තිබුණට වඩා වැඩ ගොඩක් තියෙනවා….. වැදගත්ම එක තමයි ‘හාෆ් කෝට්’ ගැසීමේ පහසුකම…. තව ‘ඇදල ගැසීමේ’ පහසුකමත් හදන්න හිතාගෙන ඉන්නෙ…..

ඒ වගේම නෙට්වර්ක් ප්ලේ කරන්න පුලුවන් වෙන්නත් හදන්න හිතාගෙන ඉන්නෙ…. හැබැයි ඒ වැඩේ නම් හමා හිතාගෙන හිටියට වඩා ට අමාරුයි කියල දැනගත්තෙ ඒක කරන්න ගියාමයි……

අලුතින් හදන එකේ GUI එක හදන්න හමා Allegro කියන ගේම් library එක තෝරගත්තෙ….. හමා ඒකම තෝරගන්න විශේෂ හේතු කිහිපයක් ම තියෙනවා…..

පලවෙනි එක තමයි හමාගෙ ආසම ගේම් වලින් එකක් වන අයිසි ටවර් හදල තියෙන්නෙ Allegro වලින් වීම….. අයිසි ටවර් ගහපු මුල් දවසෙ ඉඳලා හමා ඒකෙ ග්‍රැපික්ස් වලට මාර ආසයි……

අනිත් එක Allegro කියන්නෙ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්…. ඒ වගේම ඒක ක්‍රොස් ප්ලැට්ෆෝම්…. ඒ කියන්නෙ Windows, Linux, Mac Os X ඕන එකක ඇලෙග්‍රෝ වැඩ….. හමා වැඩ කරන්නෙ උබුන්ටු වල හින්ද උබුන්ටු වල ගේම් එක හදල වැඩි මහන්සියක් නැතුවම ඒකම වින්ඩෝස් වල වැඩ කරන්නත් හදන්න පුලුවන්……

තව තව දේවල් තියෙනවා….. Allegro වලින් jpg, png එහෙම ලේසියෙන්ම ලෝඩ් කරන්න පුලුවන්, transparent කරන්න වගේ දේවල් Allegro වල සිම්පල්….. ඒ වගේම MIDI, ogg සවුන්ඩ් වුනත් ලේසියෙන්ම වගේ එකතු කරන්න පුලුවන්……

තාම ඉතින් සෙල්ලම් කරන්න පුලුවන් තරමට ගේම් එක හදල නෑ…. කොහොමත් වැඩ කරන්න පුලුවන් එකක් එන්න තව ටික කාලයක් යයි…. ඔය පහලින් දාල තියෙන්නෙ අලුතින් හදන interface එකේ ස්ක්‍රීංෂොට් එකක්….. තව තව අදහස් තියෙනවනම් කියල යන්නකෝ…….

ඇලෙග්‍රො ගැන තවත් දැන ගන්න ඕනි නම් මෙතනින් බලන්න……

24 Responses to සිංහල ඕමි 2 හදන්න Allegro ගේම් එන්ජිම….

  1. dugiya says:

    එල එල, අපි මග බලාන ඉන්නවා Omi 2 එනකම්.

  2. රාළ says:

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
    ගාල්ලෙත් නෑ ගාලු පොලෙත් නෑ
    එල කියන්නෙ ලොවෙත් එල

  3. chathu says:

    නෙට්වර්ක් කරල ගහන එක නම් නියම අදහස. ඒක කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ දවස් වල කාඩ් කූට්ටමකට වඩා ලේසියෙන් ලැපක් හොයාගන්න පුලුවන්…..ඉක්මනටම ගේම් එක එලි දක්වන්න …ඔබට ජය…..!!!!

  4. Lakshitha says:

    වැඩේ හොඳටම ගොඩ දාපන්… පට්ටයි මචන්…

  5. chanakalin says:

    ඕන්න හදනකම් බලාන ඉන්නවෝ…….

  6. ක්‍රිෂාන් says:

    එල මචන් එල. ඔබගේ වෑයම සාර්ථක වීමට මගේ සුබ පැතුම්

  7. kanchana says:

    ඕමි ගේම් එක නියමයි.මේ ගේම් එක මොබයිල්වලට දාගන්න බැරිද? nokia E63 phone එකකට?

    • හමා says:

      මම නම් හිතන්නෙ බැරි වෙයි… මොකද මේක exe එකක් නිසා….. අලුතින් හදන එකේ තවත් වෙනසක් තමයි, algo එක සහ gui එක වෙන වෙනම කොටස් දෙකකට ලියල පස්සෙ එකතු කිරීම…… එතකොට ඕන විදියට අලුතින් කොටස් දාන්න උණත් පුලුවන්….. network වුනත් එකතු කරන්න ලේසි වෙයි නෙ…..

  8. නදී says:

    මමත් ආසාවෙන් ගහපු ගේමක් තමා ඕමි 1.0. හැදුවෙ කවුද කියලා දැනගෙන හිටියෙ නම් නෑ.
    දෙවැනි සංස්කරණයත් සෙල්ලම් කරන්න ආසයි!

  9. Kani says:

    වැඩේ නම් නියමයි.
    නරකද ඔය ගැම්මෙන්ම 304ත් හදල දැම්මොත්. ටිකක් සංකීර්ණ උනාට ඇල්ගො එක ලඟින් යනවනෙ.

  10. mctavish says:

    මරු මචං…උඹගෙ කලින් වර්ශන් එක නියමයි.උඹයි ඒක හැදුවෙ කියලා දැන්නේ දන්නේ.ඔහොම යං…

  11. සමීර says:

    මමත් බොහොම කැමැත්තෙන් තමයි ඕමි 1 සෙල්ලං කරේ. පොඩි පොඩි කේස් තිබුනා උනාට මරු ගේම. අලුත් එක එනකං බලාන ඉන්නවා ඕන්…

  12. Gayan says:

    Machan,

    If you can put up the source in sf. I’ve been wanting to develop something for n/w playing for a long time. The problem is that i’m not a developer, so only have a limited knowledge on programming. I could look into setting up network playing if i could know what youre trying to accomplish it with.

  13. pabasara says:

    mac version ekak tiyenavanam karunakarala link karannavada…

  14. tuteslk says:

    Allegro ගැන පුළුවන්නම් post එකක් දාන්න….. Game හදන්න ආස අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.(යටි අරමුණ මටත් Allegro ගැන දැනගන්න ඕනේ :D) මමත් Game හදන්න try කරා TV3D use කරලා. කොහෙද A/L හින්දා පොඩ්ඩක් එහෙ මෙහෙ උනා. bt දැන් TV3D SDK 1 update වෙන්නෑ. වෙන හොඳ SDK 1k දන්නවනම් කියන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න