Saturday, June 18, 2011

සීයගෙ කතාව

කොහොමද ඉතින්... ගොඩ කාලෙකට පස්සෙ තමා බ්ලොග් එකක් ලියන්න කියල ගොඩ වැදුනෙ.  බ්ලොග් ලියන්න අලුත් කෙනෙක් වෙච්ච මගේ බ්ලොග් එක ලත් තැනම ලොප් වගේ කේස් එකක් නේද වෙලාතියෙන්නෙ කියල පහුගිය දවසක මට හිතුන.  බ්ලොග් ලිව්වෙ නැති උනාට පහුගිය කාලෙ පුරාවටම බ්ලොග් කියවන එකනම් අතඇරල තිබ්බෙ නෑ. බොරුවට "පහුගිය ටිකේ ගොඩක් වැඩ තිබුන" වගේ කතන්දර කියන්න ඕන නෑනෙ. ඇත්තටම මහා ලොකු වැඩක් තිබ්බෙ නැතත් බ්ලොග් එක ලියන්න පොඩි කම්මැලිකමක් තිබ්බා. මගෙ ජීවිතේ ගොඩක් වැඩ පරක්කුවෙන්න ඔය කම්මැලිකම මට බලපාල තියනව. ඉතින් ඔන්න "හපා" ආයෙ ලියන්න පටන්ගත්තා. කියවන එක ඔයාලට බාරයි. එහනම් වැඩිය වැල් වටාරම් නැතුව වැඩේට බහින්නම්. මුලින්ම කියන්න ඕන ඕං... මේක true story එකක්. ඒඋනාට මෙහි එන සියලු නම් ගම් මනකල්පිතයි හරිද...
මේකයි කතාව. අපේ ගෙදරට එන්න පුරුදුවෙලා හිටිය සීයා කෙනෙක්. හිඟමනේ එන කෙනෙක් කිව්වත් හරි. අවුරුදු 70+ මම හිතන්නෙ.  අපේ ගෙවල් පැත්තෙ තියනව ප්‍රසිද්ධ දේවාලයක්. සීය එන්නෙ මේ දේවාලෙට. ඒ එන අතර වාරෙ ගෙවල් වලටත් ගිහින් collection එකක් එකතු කරගන්නව. ටික කාලයක් යනකොට සීය පුරුදු උනා අපේ ගෙදරින් තේ එකක් බීල කෑම ටිකක් කාල එහෙම යන්න. කැම්පස් එකේ චාටර් කකා ඉඳල එපාවෙලා ගෙදර ඉන්න සතියෙ දවසක සීයව සෙට් උනොත් සීයට තේ හදන ජොබ් එක මටත් සෙට් වෙනව.ඔහොම අපේ අම්මයි තාත්තයි එක්ක සීය ගොඩක්  fit වෙනකොට සීයගෙ ජීවිත කතාව සීය අපිත් එක්ක කියන්න පටන්ගත්තා. ඒ කතාවෙ පලවෙනි කොටසින්ම මට ඇතිඋනේ මවිතයක්.
"මහත්තයො"
"මම කොළඹ XXX ඉස්කොලෙට ගියෙ. මම ඉගනගත්තෙ English medium. අපෙ පවුල බොහොම වැදගත් පවුලක්"
සීයගෙ ඉස්කොලෙ කොළඹ තියන ප්‍රධාන ඉස්කෝල වලින් එකක්. සියාගෙ කඩ්ඩ සුපිරි කියල මම දැනගෙන හිටියෙ. සීය කතාකරන අතරතුර professional විදියට කඩ්ඩ කෑලි දානව.
"මම විභාගෙ හොඳට පාස්. ඉස්කෝලෙ ඉවරවෙලා මම ගියා ගල්කිස්ස හෝටලේ වැඩට. එහෙදි තමා මට ලකී කියන මගෙ යාලුවව හම්බවුනේ. " සීය කතාව පටන්ගත්තෙ ඒ විදියට.
"ඕකා තමා මාව කෑවෙ.ඕකගෙ වලටත් හෙන ගහනව මහත්තයෝ" ඔහොම තමා සීය කිව්වෙ. ඒ කතාව හරිද වැරදිද කියල කතාව කියවල ඉවරවෙලා ඔයාලම තීරණය කරන්න.

ඊට පස්සෙ කතාව මෙහෙමයි. ලකීගෙ ගම අපේ ගමට ගමවල් දෙක තුනකට එහා. ලකී මේ සීයව (ඒ කාලෙ වයස අවුරුදු 20ක විතර කොල්ලව) එක්කගෙන එනව සති අන්තෙ මෙයාගෙ ගමට. සීයටත් වෙල් යායවල් තියන කැලැ රොදවල් තියන මේ ගම හිතට අල්ලල යනව. ඒ ඔක්කොටම වඩා සීය තව හොඳට හිතයන එක දෙයක් හොයා ගන්නව. කසිප්පු. මේ ගමේ කස්ප්පු පෙරන්නෙ මේරි. මේරි කියන්න පියවරු හතරදෙනෙකුගෙ දරුවො හත්දෙනෙක් ඒවෙනකොට හිටිය කෙනෙක්. සියට වඩා අවුරුදු එකොළහක් විතර වැඩිමල් කෙනෙක්. ඉතින් අපේ මේ සීයට වෙන්න තියන හොඳම දේ වෙනව. සීයගෙ හිත මේරිට ඇදෙනව. සීය මේරි ගැන හිතුවෙ කොහොමද කියල සීය කියපු මේ කතාවෙන්ම තේරෙනව.
"තාමත් ඒකි එදා වගේමයි මහත්තයො.. පොඩ්ඩක්වත් වයසට ගිහිල්ල නෑ"
ඉතින් ඊට පස්සෙ සීය තමන්ගෙ මුලු ජීවිතේම අතඇරල මේරි එක නවතිනව. ඒකට එක හේතුවක් වෙන්නෙ මේරි තමාගෙ අටවෙනි දරුව බිහිකරන්න ලෑස්තිවීම.
"අපි XXX කච්චේරියට ඇවිල්ල කසාද බැන්ද මහත්තයො...ඊට පස්සෙ XXX හෝටලේට ගිහින් දවල්ට කාල ගෙදර ආවා."
එතනින් ඊට  පස්සෙ මේ සීය තමන්ගෙ අලුත් ජිවිතය මේ ගමේ පටන්ගන්නව. සීයව එක්කගෙන යන්න කොළඹින් සීයගෙ අයියල අම්මල නෑදෑයො කොච්චර ආවත් සීය ඒ අය එක්ක යන්නෙ නෑ. සීය කියන විධියට සීයා මේරිගෙ වත්තෙ අලුතින් ගෙයක් හදනව.

කාලය ඔහොම යනකොට සීයා හෙමින් හෙමින් වයසට යනව. වයසට යනවට වඩා වේගයෙන් දුර්වල වෙන්න ගන්නව . අවුරුදු ගානක් කසිප්පු එක්ක ජීවත් උනාම ඕක වෙන එක සාමන්‍යයිනේ.. මෙහෙම වයසට යනවත් එක්කම සීයව ගෙදරින් එලියට විසික්වෙනව. තමන්ම හදපු ගෙදරෙ ඉස්තොප්පු කෑල්ල විතරක් සීයට ඉතුරු වෙනව. සීයාට තමන්ගෙ කෑම එක පවා ගෙදරින් හම්බවෙන්නෙ නැති තැනට පත්වෙනව. අන්තිමට සීයා එදාවේල හොයාගන්න හිඟාකන්න පටන්ගන්නව.

"එතකොට සීයගෙ පුතා" මම ඇහුවා.
"පුතා දැන් හමුදාවෙ.. එයා දැන් බැඳල හමුදා ක්වාටස් වල ඉන්නෙ. මම යන්නෙනෑ එයාට කරදර කරන්න. " සීයා කිව්වෙ එහෙමයි.

කොහොම හරි අවසානයේ සීයගෙ ජීවිතේ මේ පත්වුන තත්වෙ ගැන සීයා අද සිය දහස් වාරයක් කම්පා වෙනව. සීය මේ කතා කියනකොට සීයගෙ ඇස්වල පහලට වැටෙන්න ළංවෙලා තියන කඳුලු බිංදු හොඳට පේනව. කොහොමහරි අන්තිමට හොඳ අධ්‍යාපනයක් තිබ්බ හොඳ පවුලක ඉපදුන මේ සීය තමන් ජීවිතේ ගත්ත සමහර තීරණ නිසා මහපාරට වැටෙනව.

මේ කතාව අහපු ගමන්ම මට මතක් උනේ Steve Jobs ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ කරපු කතාවේ කොටසකට... "You can’t connect the dots looking forward. Only you can connet them backward…"අපේ  ජීවිතේ ගොඩක් සිදුවීම් ඊට කලින් එකක් හෝ කීපයක් මත depend වෙනව. නමුත් අපිට ඒ සිදුවීම් යා කරන්න පුලුවන් ආපසු හැරී බලල විතරයි. Steve Jobs අද තමන්ගෙ ජීවිතේ තිත් යාවුන හැටි බලල සතු‍ටු වෙනව වගේ අපේ කතානායකයා අද ඒ තිත් යා වුන හැටි බල බල දුක් වෙනව. 

ඇත්තටම අපේ ජීවිතය තීරණය කරන්නෙ කව්ද? මට ඒක මාර ප්‍රශ්නයක්..........

4 comments:

  1. මොනවා කරන්නද මචෝ... මොන තරම් හොල්ලන් සෙල්ලම් දැම්මත් අවසානයේ අපිට මොනවා වෙවිද කියලා කව්ද බං දන්නේ..... අයෙමත් ආවනම් දිගටම ලියපිය දැන්...

    ReplyDelete
  2. මාර කාතවක් බං. ඔය සීයා විතරක් නෙමේ බං මං දන්න කීපදෙනෙකුත් ඉන්නවා ඔය වගේ. ගොඩක් උං නාස්ති වෙලා තියෙන්නේ ගෑණු නිසා.

    ReplyDelete
  3. පව්.ජීවිතෙ ගත්ත වැරදි තීරණයක් නිසා අද ඒ සීය කොයිතරම් දුක් විඳිනවද?ගිය නුවණ ඇතුන් ලවා වත් අද්ද වන්න බෑ කියන්නෙ ඒ නිසා වෙන්න ඕනෙ.කවෘ උනත් තීරණයක් ගද්දි දෙපාරකටත් වඩා හිතල ගන්න ඕනෙ.විශේෂයෙන්ම ඔය විවාහය වගෙ දේ වලදි

    ReplyDelete
  4. @ අපරාජිතයා, @ ගෝල්ඩ් ෆිෂ් , @ කඩේ හාමිනේ : ඇත්තටම අපේ ජීවිතය තීරණය කරන්නෙ කව්ද? මට ඒක මාර ප්‍රශ්නයක්..........

    ReplyDelete