Saturday, June 25, 2011

අපි නැග්ගොත් දෙබලක් අංක - n

දන්නවනෙ ඔය උපමාව ගැන. ඕක එක එක අය එක එක විදියට කියනවා. සමහරු ඕක කියන්නෙ අපි නැග්ගොත් පොල් ගහෙත් දෙබලක් කියල. තව අය කියන්නෙ තල් ගහේ දෙබලක් කියල.ඔය තල් පොල් කියන්නෙ තාල  වර්ගයෙ ගස් කියල අපි ඉගනගන්නෙ 4,5 වසරෙ ආරම්භක විද්‍යාවටද කොහෙද නේ.... ඒ දවස් වල තාල වර්ගයෙ ගස් වලට උදාහරණ ලියන්න කිව්වහම පොල්, තල් , පුවක් ලියල අන්තිමට ගස්ලබුත් ලියනවනේ. ඇයි ඉතින් අපි වැඩිපුර දකින්නෙ අතු බෙදිල නැති ගස්ලබු ගස් නේ. පස්සෙ ඉතින් සර් ඩයල් එක වගේ ගස්ලබු ගස් වල අතු බෙදෙනව කියල කිව්වම තමා අපි දැනගන්නෙ ගස්ලබු තාල වර්ගයෙ ගහක් නෙමේ කියලා.

පැන්නනෙ ට්‍රැක් එකෙන්...

අද කියන්න යන්නෙ ඉතින් මට වෙච්ච සීන් එකක් තමා. ඔය title එකේ තියන  උපමාවෙ සත්‍යතාව මට නිතරම ඔප්පු වෙනව. ඇත්තටම ඒක කී පාරක් වෙලා තියනවද කියන්න මට වත් මතක නෑ. ඒක නිසා තමා මම දන්න combined maths පාරක් දාල මේක අංක - n කියල නම් කලේ. ඔතන n කියන එකට ඕනම ධන නිඛිලයක් කියවන ඔයාල දාගත්තට කමක් නෑ. හැබැයි ටිකක් ලොකු අගයක් දාගන්න හරිද....පහුගිය දවසක ඔය n වෙනි සීන් එක උනා. එකේ ඉඳන් n-1 වෙනකන් එව ඔක්කොම කියන්න මටවත් මතක නැති නිසා මේක කියන්නම්.

 කැම්පස් ඉන්න උන් දන්නව පහුගිය කාලෙ කැම්පස් වල ලෙක්චස් තිබ්බෙ නැති උනාට කැම්පස් සෙල්ලං තිබ්බනේ. ඉතින් මේ සෙල්ලං වලට එක එක කැම්පස් වලින් එක එක කැම්පස් වලට සෙල්ලං ටීම් එනව. ඔය විදියට අපේ තිබ්බ සෙල්ලමකටත් ලංකාවෙ හතර දිග්බාගයෙම තියන කැම්පස් වලින් කස්ටිය ඇවිල්ල හිටියා. හපාත් ඉතින් ගියා අපේ උන්ට පොඩි චියර් එකක් දෙන්න. ජීවිතේට සෙල්ලමක් කරල නැති හපාට ඉතින් චියර් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. ඔන්න ඉතින් ඔහොම කැ ගගහ ඉන්නකොට හපාගෙ නෙත් ගැ‍ටුන ලංකාවෙ කොහෙ හතරදිග්බාගෙකින් හරි සෙල්ලං වලට ආපු සුන්දර යුවතියක්. අප්පා ඒ දසුන දැක්ක විතරයි හපා චියර් කිරිල්ල තාවකාලිකව නවත්වල ඇන්ටනාව ඒ පැත්තට හරවල චැනල් එක මාරු කලා. ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ උන්ට තේරුනා මගේ චැනල් එක මාරු වෙලා කියල.ඇයි ඇන්ටනාව තියෙන්නෙ පිට්ටනියට ප්‍රතිවිරුද්ද පැත්තට නේ.

 පස්සෙ මගෙන් විස්තරේ අහල  උන් ටිකත් මගේ චැනල් එකටම මාරු උනා. ඔන්න දැන් සෙට් එකම මගෙ mission එකට  සප් එක දෙනව. එකෙක් මහා හයියෙන් හපාගෙ නම කියල කෑගහනව. තව එකෙක් මගෙ අහලක වත් නැති ගුණ වර්ණනා කරනව. එක සෙල්ලමයි. දැන් අපි ඔක්කොම බලාගෙන ඉන්නව ඒ පැත්තෙන් respond එකක් එනකන්. ඔහොම වැඩිම උනොත් විනාඩි 10ක් යන්න ඇති. ආව ලස්සන respond එකක්. අර සුන්දර යුවතිය ගත්ත mobile phone එක. පටන්ගත්ත call එකක්. අපරාදෙ කියන්න බෑ. විනාඩි 45 යි. මම හිතන්නෙ ගෙදරට වෙන්න ඇති නේ.............

concution එක හැටියට කියන්න තියෙන්නෙ අපි නැග්ගොත් ඉතින් ඕනම තාල වර්ගයේ ගහක දෙබලක් කියල තමා.. ඔය n වෙනි එකනෙ. n+1 එකත් ලඟදිම වෙයි. අනිවා.ආයෙ 100% සුවර්. කියන්න පුලුවන් මට්ටමේ එකක් උනොත් ඒකත් කියන්නම්....... 


කියාවල ඉවරවෙලා මොනවහරි හිතුනනම් කොමෙන්ට්ටුවක දාල යන්න අමතක කරන්න එපා ඉතින් හරිද............

4 comments:

  1. මට ගණං ඇලජික් උඹ කියලා තියන n-1 හරුපයනම් තෙරුනේ නැහැ බං.......... හොදට හොයල බලලා දෙබලක් නැති ගහකට නැගහන් එතකොට වැඩේ හරි.....

    ReplyDelete
  2. හපෝයි මටත් තේරුන්නැ‍තෝ.....විකාර ම තමා.

    ReplyDelete
  3. අනේ දන්නෙ නැති maths කෑල්ලක් දාන්න ගිහින් වෙච්ච දේට sorry වෙන්න ඕන. මට කියන්න ඕන උනේ මේ "නැග්ගොත් දෙබලක්" සීන් එක මට ගොඩක් වතාවක් වෙලා තියනව කියල. මේ දැම්මෙ අන්තිමටම උන සීන් එක. මට වෙච්ච පලවෙනි සීන් එකේ ඉන්දල අන්තිම එකල කලින් එක වෙනකන් ඔක්කොම මටවත් මතක නෑ. එහෙම කිව්වහම හරිද?

    ReplyDelete
  4. pushpika nishadhi pilapitiyaAugust 3, 2011 at 2:05 AM

    ow..ehema kiyanna...........

    ReplyDelete