2010/12/25

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්යය හා අපි (2 කොටස)

2010. දෙසැම්බර් 2 වන දින ජාත්‍යයන්තර පාපන්දු සංගමය මගින් 2018 සහ 2022 යන වසරවල් සදහා සුදුස්සන් ප්‍රකාශ කරන ලදි. 2018 තරගාවලීය තම රටට ලබා ගැනීමට බෙල්ජියම සහ නෙදර්ලන්තයද පෘතුගාලය සහ ස්පාඥයද ඒකා බද්ධව ද එංගලන්තය සහ රුසියාව තනි තනිවද තරග කල අතර එම අවස්ථාව හිමි වූයේ රුසියාවටය. 2022 තරගාවලීය සදහා ඕස්ට්ලියාව, ජපානය, කටාර් රාජ්ය ය, දකුණු කොරියාව සහ ඇමරිකාව තරග කල අතර ඉතිහාසයේ ප්‍රථම වරට අරාබි රටකට එම අවස්ථාව හිමි වූයේ කටාර් රාජ්ය්‍යට එම තරගාවලීය සංවිධානය කිරීමේ අයිතිය ලබාදෙමිණි.
එම අවස්ථාවට කටාර් රාජ්යයේ රජතුමා හමාද් බින් කහලීෆා අල්තානී උතුමානන්ද එම රජපවුලේ සමාජිකයන්ද සහභාගි සිටින ලදි. එම ප්‍රකාශන අවස්ථාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ජාත්‍යයන්තරයේ මෙම සිදුවීම කථාබස් වනුයේ මෙය සිදුනොවීය යුත්තක් ලෙසය. එමෙන්ම මෙය වැරදි තීරණයක් ලෙසත් කථාබස් වෙයි. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාද කියා සිටියේ මෙය වැරදි තීරණයක් බවය. මාගේ පුද්ගලික මතයද මෙය එතරම්ම සුදුසු තීරණයක් නොවන බවයි. එයට හේතුව මෙහි වසරේ වැඩි කාලයක් උෂ්ණ සෘතුව පවතින හෙයින් ද එය සෙල්සියස් අංශක 41 දක්වාවූ උපරිම තත්වයන් වාර්ථා කරන හෙයින්ද එය මෙවන් ක්‍රීඩා කටයුත්තක් සදහා සුදුසු තත්වයක් නොවනු ඇත. තවද මෙම උත්සව අවස්ථාවට ලෝකයේ සතර දෙසින් විශාල ජන ගංගාවක් කටාර් රාජ්ය්‍යට පැමිණෙනු ඇතිය. ඔවුන්ගේ විනෝදාස්වයන් සදහා අරාබි රාජ්යයන්හී පවතින රැඩිකල් නීති රීතිද බලපානු ඇතිය. එමෙන්ම කොන්ක්‍රීට් වලින් ගොඩනැගුණු කෘතීම තත්වයන්ට පරිභාහිර ස්වභාසෞන්දර්යය සංචාරකයන් බලාපොරොත්තු වනු ඇතිය. මෙම තීරණයට පක්ෂවද විපක්ෂවද ජාත්‍යයන්තරයේ කරුණු කාරනා කථාබස් වන අතර දැන් තීරණය ප්‍රකාශ වී හමාර හෙයින් අප කවුරුත් එම තීරණය නිවැරදිම තීරණය බවට සපත කිරීමට උදවු කළ යුතුය. රජයේ ප්‍රකාශකයන්ද කියා සිටිනුයේ මෙම අවස්ථාව පාපන්දු කුසලාන ඉතිහාසයේ නොමැකෙනම මං සටහනක් තබන අවස්ථාවක් කිරීමට කටාර් රාජ්යය සැදී පැහැදී සිටින බවයි.

2 comments:

  1. ම්ම්ම් දැන් ඉතින් අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ? ;) :P
    හී හී.. හොඳයි ඔයාගෙ ලිපිය. මගේ කිසි උනන්දුවක් නැති විෂයයක් එකක් නිසා ඔය වගේ දේවල් මම දැන ගන්නවා හරි අඩුයි.

    ReplyDelete
  2. ඇරබියොන්ට තියෙන ෆුට්බෝල් අමාරුවේ හැටියට මේක චාටර් කරගන්නෙ නැතුව හොඳට කරයි කියලයි මට හිතෙන්නේ... හැබැයි ලොකුම අවුලක් වෙන්නේ පිටින් මැච් බලන්ට එන එවුන්ගේ ඇඳුම් විලාසිතායි අරාබි නීතියි ගැටෙන්ට වුනාම... කොහොම වුනත් මම නම් දකින්නේ මේ අවස්ථාව අරාබි රටකට ලැබුන එක හොඳ දෙයක් විදිහට...

    ReplyDelete

ඇත්තම කියන්න