2010/12/26

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (3 කොටස)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලීය කටාර් රාජ්ය යට ලැබීමත් සමග කටාර් රාජ්යෙය් විශාල සිදුවීම් ගනනාවක් සිදුවනු ඇත. එමෙන්ම ඔවුනට සියළු දෑ සකසුරුවම් කිරීමට ඇත්තේ වසර 10යකි. එය කාලය පැත්තෙන් බැලුවහොත් දීර්ඝ කාළයක් වුවත් සංවර්ධන හා ඉදිකිරීම් පැත්තේන් ගත්විට කෙටි කාලයකි. කටාර් රාජ්යයට සීග්‍ර හා කෙටිකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සිදුවනු ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවනු ඇත. මෙය ක්‍රීඩා කටයුත්තක් උවත් ක්‍රීඩා අංශයේ පමණක් නොව සියළු අංශයන්ගේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් සංචාරක හා ගුවන් සේවා කටයුතු සනීපාරක්ෂක හා යටිතල පහසුකම් කටයුතු හා විනෝදාස්වාද හා සමාජීය සුබසාධන කටයුතු කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් ව්‍යාපෘති සැකසෙනු ඇතිය.

2022 අරඹයා රජය දැනටම සංවර්ධන කටයුතු අරබා හමාරය. දැනට පවතින ගොඩනැගිලි කඩා බිද නව ගොඩනැගි ඉදිකරණු අපට දැක ගත හැකිය. මංමාවත් පුළුල්කිරීමේ වැඩ කටයුතු අරඹා ඇත. එමෙන්ම හරිත උයන් ඉදිකිරීමේ ව්‍යාපෘතිද ආරම්භ කර ඇත. නව ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ වැඩකටයුතුද ආරම්භ කර ඇත. වර්ථමානයේ භාවිතා වන ගුවන්තොටුපලට යාබදව වැඩ නිම වෙමින් පවතින දෙවන ගුවන් තොටුපලෙන් පසුව මුහුද ගොඩ කර අතිනවීන තාක්ෂණයන්ගෙන් හා ඉතාම ඉහල ජාත්‍යයන්තර ගුණාත්මක තත්වයේ තුන්වන ගුවන්තොටුපලක් ද ඉදිකිරීමට දැනට සැළසුම් කර ඇත‍.

මෙම සියළු කරුණු කාරනා හා සංවර්ධන කටයුතු වලින් අපට ලබා ගත හැකි වාසි අවස්ථා ඉතාමත් ඉහලය. විශේෂයෙන්ම විශාල රැකියා අවස්ථාවන් උදා වනු ඇතිය. ඉන්දියාවට විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ගලායනු ඇතිය. එයට හේතුව අඩු වියදමකින් ශ්‍රමිකයින් ලබා ගත හැති වීමත් මෙරටේ හිංදි භාෂාවට ප්‍රමුඛතාවක් ඇති නිසාත් හා කාර්යාල හා ව්‍යාපෘති කළමණාකාර තනුතුර වලද වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර මෙහෙයවන ඉන්දීය ජාතිකයින් මෙහි ක්‍රීයාකාරී වීමත් ය. එමෙන්ම පිලිපීනයටද ප්‍රමාණයක් ගලා යනු ඇතිය. එයට හේතුව ඔවුන් වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාශාව කථාකීරීම හා කටාර් පිලිපීන සහයෝගිතා ගිවිසුම් ය. ඉන්පසු බංග්ලාදේශ්, ෙන්පාල්, සිරියා, ඊජිප්තු හා උතුරු අප්‍රිකානු රටවලට සුළු ප්‍රමාණයක්ද රැකියා ගලා යනු ඇතිය. ඉංදියාව පිලිපීනයට පසු මෙහි වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලැබෙනු ඇතිය. ඉංදියාවට හෝ පිලිපීනයට වඩා ලාංකිකයන්ගේ කාර්යක්ෂම තාවය, නම්‍යශීලීතාව හා මිත්‍රශීලී බාවයන්ට මෙහි හොද පිළිගැනීමක් ලැබී තිබෙන අතර ශ්‍රී ලංකා රජය මීට වඩා කාර්යක්ෂම තාවයකින් මේ රට හා කටයුතු කර සුහදතාවයන් වර්ධනය කරගන්නේ නම් ඉංදියාවට ගලා යන රැකියා ප්‍රමාණයන් අප රටට ලබා ගැනීමට පහසු වනු ඇතිවාක් මෙන්ම වැඩි මුදල් ප්‍රමාණයක්ද උපයා ගැනීමට හැකි වනු ඇතිය. එයට හේතුව දැනටද මෙහි වැඩකරන පිටරට ශ්‍රමිකයන්ගෙන් එකම රැකියාවේ වැඩි වැටුපකට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකිකයන් වීමය. එහෙයින් මෙම වැටුප් ප්‍රමාණයන් තව දුරටත් වැඩිකර ගැනීමට අපහසු නැතිය. ඒ සදහා ශ්‍රී ලංකා රජය මිත්‍රත්වයේ නාමයෙන් සෘජුව මැදිහත් වී කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකා රජය ඉතාම ගුණාත්මක බවකින් යුතු ශ්‍රම බලකායක් මේ සදහා සූදානම් කොට තැබීය යුතුය. යම් ප්‍රමාණයකට හෝ ඉංග්‍රීසි භාෂාව හා හිංදි භාෂාවන් කථා කිරීමේ දැණුම ඔවුන්ට ලබා දීය යුතුය. එමෙන්ම රැකියා තැරැවුකාර ආයතන හොරුන්ගෙන් අසරණ ශ්‍රමිකයින් ගලවා ගැනීමටද රජය මීට වඩා විදිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතු යැයි මට සිතේ.

3 comments:

  1. උඹ වැඩි දෙනෙක් නොහිතන පැත්තක් ගැන හිතලා... සිරා... අපේ රටේ මහ එවුන්ටත් මේ ගැන හිතන්ට ලැබුනොත් ලොකු දෙයක්...

    ReplyDelete
  2. ස්තුති පුතා.

    රංගටත් ස්තුති. ඒවගේම කටාර්වල ඉන්න සිංහල බ්ලොගර් කෙනෙක් හදුනා ගැනීමත් සතුටක්. ජනවාරී පෙබරවාරී මාර්තු වගේ මාස තමයි මෙහේ මේ වගේ කටයුත්තකට ගැලපෙන්නේ. එම මාසවලනම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් වගේ තමා උපරිම වෙන්නේ ඒ වගේම අවමය සෙල්සියස් අංශක 11.5 වගේ. නමුත් මේ වගේ අවස්ථාවක එන ජනතාව ක්‍රීඩා තරග පැවැත්වෙන කාල සීමාවේ විතරක් නෙවෙයි ඉන්නේ. අනික ක්‍රීඩා තරග නරඹන්නටම විතරකුත් නෙවෙයි එන්නේ. සංචාරකයින් ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් විතරක් නොවෙයි තවත් නොයෙකුත් අතුරු කාර්යයන් හා අවශ්‍යතාවන් වලට පැමිණෙන අය තරගය ඉවර වුන පහුවදාට යාවී කියලා හිතන්න බැහැ. ක්‍රීඩා පිටි වායුසමීකරණය කරන කථාව නම් මාත් අහලා තිබුනා නමුත් වැඩි විස්තරයක් හොයා ගන්න බැරිවුනා.

    ජාත්‍යයන්තර පාපන්දු සම්මේලනය ඔවුන්ට ලබාදුන් සියළු අභියෝගවලට පිළිතුරු අනිවාර්යෙන්ම ඔවුන් සපයන්න ඇති. මොදක නැතිනම් මේ වගේ භාර දූර කර්තව්‍යයක් භාර දෙන්නේ නැහැ නේ. නමුත් මට ගැටළුවකට තියෙන්නේ බලාපොරොත්තු වන ප්‍රමාණයක ජනතාවක් මෙහි ඒවිද කියන එක.

    සල්ලි ඇත්නම් මොනවද කරන්න බැරි කියලා කටාර් රාජ්යක ලෝකෙටම 2022 දී ඔප්පු කරලා පෙන්නාවී. ඇත්තෙන්ම මේක සතුටු විය යුතු අවස්ථාවක් තමයි. මේ කාරනාව නිසා රටේ ගොඩක් දේවල් වෙනස් වේවි. ඒ වගේම අපිටත් හොදක් වෙයි. අපේ සාක්කුවලටත් කීයක් හරි වැඩිපුර දාගන්න පුළුවන් වෙයි. ඊටත් වඩා මම දකින හොද පැත්තක් තමයි මෙහි තියෙන රැඩිකල් තීතිරීති ලිහිල් වෙයි කියන එක.

    ReplyDelete
  3. හොඳ ලිපියක් .. මේ වගේ අන්තර්ජාතික වාතාවරණය පිළිබඳ අපේ රටේ ලොකු තැන් අවබෝධයකින් ඉන්නවා නං ශ්‍රී ලාංකිකයින්ටත් හොඳ අවස්ථාවක්

    ReplyDelete

ඇත්තම කියන්න