2011/04/13

මතකද මේ ගීතය

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනැහෙන අප සිරි ලක් දරුවෝ //
දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දැරුවෝ //


පස් පවු දස අකුසල් දුරලා
ඉසිකෝමන් හැම බිද හැරලා
මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //


සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහන
හද බැතියෙන් නිති තෙරුවන් නමදින
උදාර ගුණ දම් සිත දැරුවෝ
අපි වෙමු සිරිලක බොදු දරුවෝ///


සෝමපාල රාජකරුණා

7 comments:

  1. හලේ දහම් පාසල් ගීතය ..
    අමතක වෙන්නේ නැ කවදාවත්ම
    අනික මුල ටික් ලස්සනට තාලෙට කියලා අවසාන ටික කියන්නේ රේස් එකක් දුවන්න වගේ.. :D :D

    මෙහෙම හිටියට මමත් දහම් පාසල් ගියා :p

    ReplyDelete
  2. රංගත් පබළුගේ කථාවට එකගද? මුල ටික හරි තාලයට ස්වරය ටෙම්පෝ එකට පටන්ගෙන අවසානය කෝච්චිය අල්ලන්න දුවනවා වගේ ගායනාකරන ගීතය. මම හිතුතාන හිටිෙය් අපේ දහම්පාසලේ විතරයි ඔය විදිහට දහම්පාසල් ගීතය ගායනා කරන්නේ කියලා. බැලින්නම් දකුණෙත් ඒ ටිකම තමයි නේද පබළු?

    ReplyDelete
  3. කොහොමද අමතක වෙන්නේ ? ඉවර වෙනකම්ම යන්න බැරි උනත් මම ඉඳලා හිටලා දහම් පාසල් ගියා .... ඒ මතකය මාර ලස්සනයි ...

    ReplyDelete
  4. අවුරුදු 12ක විතර අතීතෙට ගියා හිත....

    ReplyDelete
  5. මට නං සත්තයි අමතක වෙලා තිබ්බේ. මත්ක් කරාට උඹට ඉස්තූතියි.

    ReplyDelete
  6. මේ ලිපියට බොහොම පින් !

    ReplyDelete

ඇත්තම කියන්න