• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

අතීත සැමරුම: “චිකන් සබ්මැරින්”

අපගේ ජීවිතයේ අපට හමුවන වචන විවිධ අත්දැකිම් ජනිත කරවයි; මකුළු දැලින් බැඳුන අතීතයන් සිහි කරවයි. එ සේ කරන්නේ මාත්‍රා එකක්, දෙකක්, තුනක් හෝ කිහිපයකින් සැදුන අද්‍රව්‍යමය වචනයෝ ය. ඒවා යම් විට සුන්දරය; විටක අසුන්දර ය. ඒ වචන ජීවිතයේ නොමැකෙන සන්ධිස්ථාන, මං සලකුණු අපට සිහි ගන්වයි. ඒ යම්තම් සුපුරුදු එහෙත් කලකින් නොදැණුන සුවඳක් හෝ නොඇසූ හඬක් වැනි ය. එවන් වචනයෝ අප දිර්ඝ කාලයක් අතපසු කොට, අත්හැර දැමූ හෝ අමකත වී ගිය සිහි වටන මතක් කොට දෙන්නා හ. වචන අපගේ ජීවිතට නැතුවා ම බැරි සේ ළං වී ඇත; සමරහර විටක ආගන්තුක ය. එසේ ම විටක ඒවා නුහුරු නුපුරුදු අමිහිරි සේ ජීවිතයෙන් අයාසයෙන් අමතකයෙන් කළ හෝ බැහැර කොට ඇත්තේ ය. එහෙත් වචනයේ පහරින් අපට මිදී ජීවත් විය නොහේ. පහතින් සටහන් වන්නේ එවැනි වචනක් කළ හදියකි:


බලන්ට ගියෙමි සගයකු

ගිලන් ව රෝහල් ඇඳ මත

සුව දුක් විචාරා සිටින මොහොතේ

ඉල්ලීය “චිකන් සබ්මැරිනයක්”[1]


එ හඬින් මා සිත අතීතයට ඇදී

සිහිවිය ඔබ මා සොදුරියේ. . .


දෛවයේ කුරිරු සරදම

නැවත නොවූ ලෙස

අපේ එකම එක

කුළුඳුල් පියකරු මුණ ගැසීම


‍“ඩයින් මෝ”හි[2] අයස්කාන්ත කුමරියේ

සිහිවිය අද ඔබ. . .


පද ඝඨනාව

[1] ඒ නමින් සැකසුණු “හැම්බර්ගි” වැනි සැන්ඩ්විච් ආහාර වර්ගයක්.

[2] “සබ්මැරින්” නම් ආහාරය අලෙවි කරන කොළඹ වූ “ඩයින් මෝ” නම් අවන්හලක්.

7 comments:

  1. මේ දවස්වල අපි කතාවෙන්නෙත් ඩයිනමෝ එකෙන් නොකා ඉන්න. ප්‍රශ්නය කුමරියන් මුනගැහීම නෙවෙයි.

    සල්ලි හිඟ කම. :)

    ReplyDelete
  2. හ්ම්......
    හැබෑව අයිය...
    සමහර වචන, සමහර සුවදවල් , සමහර පින්තූර ගස් වැල් පවා අපිව මොහොතකින් අතීතයට ගෙනියනව තමයි....

    ReplyDelete
  3. මගේ මතක පිරිලා තියෙන්නේ නම්........රත්මලාන මැලිබන් හන්දියෙ තියෙන පෙරේරා & සන්ස් එකේ....

    ඒ හරිය පහුවෙද්දී දැන් උනත් හිතට දැනෙන දේ .......

    ReplyDelete
  4. මටත් ගොඩක් දේවල් මතක් වෙනවා. ඒත් දැන් ලියන්න බෑ.

    ReplyDelete
  5. ස්තූතියි ඔබලාගේ අලංකාර අදහස් ගොන්නට...

    ReplyDelete
  6. හරිම වෙනස් අලුත් විදියක අදහසක් .comment එකට කවියක් ලියන්න සෑහෙන වෙලාවක් දැඟලුවා . ඒත් ඔයා දාලා තියෙන වචනත් එක්ක එලි සමය රකින්න අමාරුයි . ඉතින් වැඩේ අතහැරියා .SORRY.COM,(I will Write For Your Next Post surely)

    ReplyDelete
  7. මටත් අපූරු මතකයන් තියෙනවා තමයි ඔය කියන ස්ථානයේ..

    ReplyDelete